පැරිස් ධම්මචක්ක බෞද්ධ විහාරස්ථානයේ සංවිධායකත්වයෙන් සෑම වසරකම පවත්වන සිංහල අලුත් අවුරුදු උළෙල මෙවරත් 2018 අප්‍රේල් මස 15 වැනි ඉරු දින විහාරස්ථානයට නුදුරින් පිහිටි ලාකුරනව් ඩෙලානු ක්‍රීඩාංගණයේදී ඉතාමත් උත්කර්ෂවත් අයුරින් පැවැත්වූයේය.
පැරිස් ධම්මචක්ක බෞද්ධ විහාරයේ විහාරාධිපති කෝ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා ලා බුර්ජේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පවරවාහැර චන්ද්‍රරතන හිමි, පැරිස් ජේතවනාරාමයේ විහාරාධිපති ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක මුරුංගාගස්යායේ ඥානිස්සර හිමි, ප්‍රංශයේ ශ්‍රී ලාංකික දේවස්ථානයේ ගුරු ප්‍රභාත් තමෙල් පියතුමන්, ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති බුද්ධි කේ. අතාවුද මහතා ඇතුළු තානාපති කාර්ය මණ්ඩලය ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සිසිර ජයකොඩි ඇතුළු ගෞරවණීය අමුත්තෝ රැසකගේ හා පැරිසියේ ශ්‍රී ලාංකිකයන්ගේ සභාපතිත්වයෙන් සිරිත් පරිදි එදින උදේ 10 ට ප්‍රංශ සහ ශ්‍රී ලංකා ජාතික ධජයන් එසවීමෙන් ද සිංහල අලුත් අවුරුදු චරිත්‍රානුකූලව හිසතෙල් ගෑමෙන් දෙමාපියන්ට හා ගුරුවරුන්ට බුලත් හුරුලු පිළිගැන්වීමෙන් හා අවුරුදු සංග්‍රහවලින් පසු උත්සවයේ කටයුතු ආරම්භ වූයේය.
ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ විශාල ප්‍රමාණයක් සහභාගි වෙන මෙම බක්මහ උළෙල කුඩා දූ දරුවන් සඳහා විශේෂ තරගවලින් සමන්විත වූයේය. කණා මුට්ටිය බිඳීම, කඹ ඇදීම, සංගීත පුටු තරගය කාගෙත් ඔල්වරසන් හඬ මැද්දේ සිදු කළේය. සිඟිති කුමර කුමරියන් සඳහා දහම් පාසලේ දූ දරුවන් බොහොමයක් සහභාගි වූහ. බක්මහ උළෙල අවසානයේ ඉතාමත් අලංකාර සංස්කෘතික ප්‍රසංගයක්ද පැවැත්වූයේය.
පැරීසියේ ජයමිණි රංග කලායතනයේ ආචාරිණි සුජීවා විජේසූරිය ඇතුළු එහි දූ දරුවන්ගේ අලංකාර නර්තනවලින් සංස්කෘත ප්‍රසංගයේ බක්මහ වේදිකාව වර්ණවත් විය. පැරිස් ධම්මචක්ක බෞද්ධ විහාරයේ විහාරාධිපති කෝ ආනන්ද හිමි ඇතුළු ගෞරවණීය අමුත්තන් රැසකගෙන් සංස්කෘත ප්‍රසංගයට අනුග්‍රහය ලැබුණේය.
සුනිල් ආනන්ද - පැරිසියේ සිට
ලෝකය, පහත රට ශාන්තිකර්මවල යොදාගන්නා දෙකොන විලක්කුවක් සේ ගිනි ඇවිළෙමින් පවතින අවස්ථාවකි මේ. නැගෙනහිර යුරෝපයේ දෙවසරක් පුරා ඇවිළෙන, විසඳුමක සේයාවක්වත්
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මේ වනවිට මිනිස් ජීවිත දහස් ගණනකට මරු කැඳවමින් තවත් ලක්ෂ ගණනක් අසාධ්‍ය තත්ත්වයට පත් කරමින් ලෝකයේ 150 කට අධික රටවලට ව්‍යාප්ත
ඉතාලියේ කොරෝනා වෛරසය ඇති බව පසුගිය පෙබරවාරි මස විසි වැනිදා හෙළිවීමත් සමගම උතුරු ඉතාලියේ මිලානෝ නගරය මූලික කරගත් ලොම්බාර්දියා ප්‍රදේශය ඇතුළු උතුරේ ප්
රෝම නගර සභා සීමාවට අයත් ප්‍රදේශය තුළ නේවාසික විදේශිකයන්ගේ සංඛ්‍යාව තුන්ලක්ෂ අසූදෙදහස් පන්සීයකි. මෙය රෝමයේ මුළු ජනගහණයෙන් 13.4% ක ප්‍රතිශතයකි. රෝම නගර සභ
මේ වනවිට ලෝකයේ විවිධ රටවල සමහර ප්‍රදේශවල පැතිර යන කොරෝනා නොහොත් කෝවිඩ් 19 ලෙස හඳුන්වන මාරාන්තික වෛරසය ප්‍රංශ පාර්ලිමේන්තුවද ආක්‍රමණය කොට ඇත්තේය.
මේ වෙනවිට ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන කොරෝනා වයිරසය මැදපෙරදිග රටවලටත් ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව විවිධ මාධ්‍ය සහ තොරතුරු සනාථ කරයි. චීනය මූලික
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පැරිස් විහාරයේ බක්මහ සිරි