IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


පාපන්දු පිටියෙන් රජ පුටුවට ගිය ලයිබීරියාවේ ජෝර්ජ් මෑන් ඔපොන්ග්

 

පාලකයන්ගේ කාර්යභාරය විය යුත්තේ ලැබුණ බලය මහජන අභිවෘද්ධිය සඳහා යෙදවීමයි. දිනාගත් බලය තුළින් ජනතාව ගසා කෑම අද බොහෝ රටවල සිදු වන්නකි. පුරවැසියාගේ නිදහස හා පරමාධිපත්‍ය බලය ශක්තිමත් නොකරන පාලකයින්ගෙන් බහුල අප්‍රිකා මහාද්වීපයේ සිටින රටවැසියන්ට පිළිසරණක් හෝ හව්හරණක් නොලැබෙන්නේය. අද දියත පිටුව වෙන්වන්නේ තවත් අප්‍රිකා රාජ්‍යයක් වන ලයිබීරියාවේ රාජ්‍ය නායකයා වෙනුවෙනි.


ලයිබීරියාව පිහිටා ඇත්තේ බටහිර අප්‍රිකාවේය. විශාලත්වය වර්ග කි.මී. 111,369 කි. ජනගහනය ලක්ෂ 47කි. සියරාලියෝන් සහ ගිනියා යන රටවලට මායිම්ව පිහිටා ඇති ලයිබීරියාව දෙවැනි ලෝක සංග්‍රාමයේ දී ඇමෙරිකාවට සහය දුන් රටවලින් එකක් ද වේ.


මේ රාජ්‍යයේ නායකයා වන්නේ ජෝර්ජ් මෑන් ඔපොන්ග්වී ය. ක්‍රීඩයකුව සිටිය දී රාජ්‍ය බලය ඇල්ලූ ඔහු දේශපාලනයට නම් ආගන්තුකයෙකි. 1966 වසරේ ඔක්තෝබර් 1 උපන් ඔහු ලයිබීරියාවේ 25 වැනි ජනාධිපතිවරයා ලෙස පත්වූයේ 2018 දීය. 


ජොර්ජ් වී ලයිබීරියාවේ ක්‍රීඩාංගණයක සිට එරට ජනාධිපති පුටුවේ වාඩි වූයේ ඔහුගේ අවුරුදු 18ක වෘත්තීය ක්‍රීඩා දිවිය ද කැපකරමිනි. සිය මව් රට වන ලයිබීරියාවේ සිට පාපන්දු ක්‍රීඩා ජීවිතය ආරම්භ කිරීමෙන් පසුව ඔහු ප්‍රංශයේ, ඉතාලියේ සහ එංගලන්තයේ ක්‍රීඩා සමාජ සඳහා අවුරුදු 14ක් ක්‍රීඩා කළේය.


අන්තර්ජාතික මට්ටමින් ජෝර්ජ් වී දෙවරක් අප්‍රිකානු ජාතීන්ගේ කුසලාන තරගාවලියේ දී ලයිබීරියාව නියෝජනය කරමින්, ශූරතා 53ක් දිනා ගනිමින් සහ තම රට වෙනුවෙන් ගෝල 13ක් රැස් කළේය. ඔහු 2018 දී ජාත්‍යන්තර මිත්‍රත්වයකින් ක්‍රීඩා කළ අතර එහිදී ඔහු ක්‍රීඩාවෙන් විශ්‍රාම ගියේය. 


ලොව විශිෂ්ටතම අප්‍රිකානු පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන ඔහු 1995 වසරේ ෆිෆා ලෝක ක්‍රීඩකයා ලෙස නම් කරන ලද අතර බැලන් ඩි ඔර් සම්මානයෙන්ද පිදුම් ලැබීය. මෙම සම්මාන දිනාගත් පළමු හා එකම අප්‍රිකානු ක්‍රීඩකයා බවට පත්විය. 1989, 1994 සහ 1995 දී ඔහු වසරේ අප්‍රිකානු පාපන්දු ක්‍රීඩකයා ලෙසත් 1996 දී අප්‍රිකානු ක්‍රීඩකයා ලෙසත් නම් කෙරිණි. ලෝක පාපන්දු සම්මේලනය හෙවත් ෆිෆා විසින් 2004 දී, ලොව ශ්‍රේෂ්ඨතම ජීවමාන ක්‍රීඩකයන් සිය දෙනාගේ ලැයිස්තුවට එක්වීමට තරම් වාසනාවන්ත විය.


ඔහු පාපන්දු ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව 2003 වසරේ දී ලයිබීරියාවේ දේශපාලනයට සම්බන්ධ විය. ඔහු ප්‍රජාතන්ත්‍රවාදී වෙනසක් සඳහා වූ සම්මේලනය පිහිටුවා ගත් අතර 2005 මැතිවරණයෙන් ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත්ව පරාජයට පත් වූයේය. ඒ දෙවැනි වටයේ ඡන්ද විමසීමේ දී එලන් ජොන්සන් සර්ලීෆ්ට පරාජය වීමෙනි.


2011 මැතිවරණයේ දී ඔහු වින්ස්ටන් ටුබ්මන් සමග උප ජනාධිපති ධුරය සඳහා ද තරග කළේය. පසුව 2014 මැතිවරණයෙන් මොන්ට්සෙරාඩෝ ප්‍රාන්තය සඳහා ලයිබීරියානු සෙනෙට් සභාවට ද හෙතෙම තේරී පත්වූයේය. ජෝර්ජ් වී. ලයිබීරියාවේ ජනාධිපති ලෙස තේරී පත් වූයේ එවකට සිටි උපජනාධිපති ජෝශප් බොකායි පරාජය කරමිනි.


රටේ 25 වැනි ජනාධිපතිවරයා ලෙස ජෝර්ජ් වී ට ප්‍රධාන අභියෝග රැසක්ම පවතී. රටේ මුළු ජනගහනයෙන් සියයට 85 ක්ම ජාත්‍යන්තර ජීවන රේඛාවටත් පහළින් සිටින අන්ත දුගී අසරණ පුරවැසියන්ය. ලයිබීරියාව 2010 වසරේ සිට මේ දක්වා එබෝලා වයිරසයෙන් පීඩා විඳින්නේය. මෙහි බොහෝ ප්‍රදේශවලට අධ්‍යාපන, සෞඛ්‍ය, ගමනාගමන, ජලය, විදුලිය ආදී පහසුකම් ලබාදී නැත. ක්ෂය රෝගය තදින් පවතී. ස්ත්‍රී දූෂණ බහුල වශයෙන් සිදුවේ. නීතිය වල් වැදී ඇත. මේ සියල්ල ජනාධිපති ජෝර්ජ් වී ට ඇති අභියෝගයන් මෙන්ම ඉතා ඉක්මනින් විසඳිය යුතු ප්‍රශ්නද වේ.

 

 

 


තිළිණි ද සිල්වා, ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (0)

පාපන්දු පිටියෙන් රජ පුටුවට ගිය ලයිබීරියාවේ ජෝර්ජ් මෑන් ඔපොන්ග්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 449 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site