IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


හවායි මුහුදෙන් අමුතු සතෙක්

හවායි මුහුදෙන් අමුතු ජීවියෙකු සොයා ගත් බව ඇමෙරිකාවේ  ජාතික සාගර හා වායුගෝලීය පිළිබඳ අධිකාරිය කියයි.

දුරස්ථ පාලකව ක්රියාත්මක වන වාහනයකින් භූ විද්යාත්මක සාම්පල එකතු කරන අතරතුරදී මෙම ජීවියා සොයාගෙන තිබේ.

ඔවුන් එය වාර්තා කර ඇත්තේ ‘භූතයකුගේ‘ හැඩය ඇති ජීවියකු ලෙසය.

මුහුදේ අඩි 14000ක් පමණ ගැඹුරෙන් මෙම ජීවියා හමුවී ඇතැයි විද්‍යාඥයෝ කියති.

ජීවියා කුමන කුලයකට, කුමන විශේෂයකට අයත්දැයි මෙතෙක් සොයාගෙන නැත.

සත්වයා සුදු පාටට හුරු අතර බූවල්ලකුගේ හැඩයක් ගනී. බාහුවල ඇගිලි වැනි කොටස්ද ඇති බව සදහන්ය.

1603incirrate-590



අදහස් (0)

හවායි මුහුදෙන් අමුතු සතෙක්

සමන් Thursday, 17 March 2016 01:40 AM

අනේ දැනුයි මට තේරෙන්නේ. මේ ඉන්දිකව ඔහොමම අල්ලලා ගැටගහලා තියාගන්න. මම ඇම්බියුලන්ස් එකක් එවන්නම්. (නි)

:       0       0

ඉන්දික Wednesday, 16 March 2016 11:37 AM

සුජාතා, මුලින්ම පැහැදිලි කරගන්න ඕන ජීවය කියන්නේ මොකක්ද කියලා. ඔයා කියන ඔය මරණය ලෙඩ රෝග ඇති වෙන්නේ අර මස් ගුලියට. දැන් ප්‍රස්නේ ජීවය කියන්නේ මස් ගුලියටද ? අනික ඔබ දක්වල තියෙන්නේ බටහිර විද්යඥයෝ කිහිප දෙනෙක් විතරයි. (ර)

:       0       0

ඉන්දික Wednesday, 16 March 2016 05:21 AM

චාමර, ඔබ ඉන්න මානසිකත්වයත් අපිට පෙනෙනවා,ඔබ ඔබගේම නොදන්නා කමට බයයි. ඔබ විශ්වාස කරගෙන ඉන්න අදහස් විවාදයට ලක්වෙනවට බයයි. ඔබ හදුනාගෙන තියෙන්නේ ඔබගේම බය මිසක් මගේ අදහස් නෙවෙයි. ඔබගේ පුහු විශ්වාසයන් රැකගන්න කරුණු දක්වන්නේත් නැතුව මගහරින ලේසිම ක්‍රමය තමා විරුද්ධ අදහස් වලට පිස්සු කියන එක. එ්ත් ඔය පුහු විශ්වාස වලින් සත්‍ය වෙනස් වෙන්නේ නැහැ. (බ)

:       0       0

විජිත් Saturday, 12 March 2016 10:24 AM

ජීවය කියන දෙය තවමත් පරිණාමය වෙන දෙයක් මිස පරිණාමය නැවතී නැත. (නි)

:       0       0

නාලනී එදිරිසිංහ Saturday, 12 March 2016 12:16 PM

මේ බූවලු ( ඔක්ටෝපස් ) විශේෂයක්. මොලුස්කා වංශයට අයත් බූවලු විශේෂයක්. විශේෂය හඳුනා ගැනීම සත්ව විද්‍යාඥයින්ගෙ වැඩක්. (නි)

:       0       0

දනුක Thursday, 17 March 2016 04:31 PM

ඇත්තටම හවායි මුහුදෙන් හමුවුණ අමුතු සතාටත් වැඩිය අමුතුම මනුසත්වයෙක් අපිට හමුවුණා. ඉන්දික, ඔයාගේ ශරීර ස්වභාවය කොහොමද? (නි)

:       0       0

චාමර ෆොන්සේකා Tuesday, 15 March 2016 08:59 PM

ඉන්දික, පුද්ගලයෙක් හඳුනා ගන්නට අපිට අපහසු නැහැ. ඔහු කියන දේවල් වලින් ඔහු කවරාකාරයේ කෙනෙක්දැයි මනාව ඔප්පු වෙනවා. ඔයා හෙටම අංගොඩ පැත්තේ ගියොත් හොඳයි. (නි)

:       0       0

ඉන්දික Sunday, 13 March 2016 09:48 AM

ජීවය දැනටමත් පරිපුර්ණයි. එය පරිපුර්නත්වයෙන් පරිපුර්ණත්වයට ගමන් කරමින් පවතියි. එහි කිසිම අඩු පාඩුවක් නැත. නමුත් මායාවට හෝ නිද්‍රාවට පත් වුවන් කිසිදා නොලැබෙන අර්ථයක් නැති අනාගත පරිපුර්ණත්වයක් බලාපොරොත්තු වෙති. එය මායාවේ ප්‍රතිපලයක් මිස සත්‍යක් නෙමෙයි. (බ)

:       0       0

ඉන්දික Wednesday, 16 March 2016 01:52 PM

ජීවය කියන්නේ මස් ගුලියක් විතර නම් කුකුලෙකුට වරුවකින් මනුස්සයෙක් වෙන්න පුළුවන්. මේ ක්රියාවලියට ජීර්ණ ක්රියාවලිය කියලත් කියනවා. එනිසා පැහැදිලිවම ජීවය යනු මස් ගුලියක් නෙමෙයි. ඒකට වෙනත් මාන තිබෙනවා. (ර)

:       0       0

විල්සන් Saturday, 12 March 2016 01:33 PM

ඇත්තටම පුදුමයි. තවත් මෙවැනි හඳුනානොගත් දේවල් කොපමණ ඇද්ද? (නි)

:       0       0

චාමර Saturday, 19 March 2016 07:45 AM

සෞම්‍යා, බෙහෙත් අවශ්‍ය ඔබටයි. ඔබගේ අවිද්‍යාවටයි. (නි)

:       0       0

නිසංසලා Saturday, 19 March 2016 07:52 AM

සෞම්‍යා, කරුණාකරලා බොළඳ කතා කියලා බාධානොකර ඉන්නවද? (නි)

:       0       0

හිරන්ත Monday, 14 March 2016 05:47 AM

දෙවියන් වහන්සේ සත්ව විශේෂ කියක් මවල තියෙනවද , ඒ කිනම් වර්ශයේද??? දන්නා කෙනෙක් ඉන්නවනම් කියල දෙන්නකෝ. (බ)

:       0       0

රාජු සෙනවිරත්න Wednesday, 16 March 2016 02:54 PM

ඉන්දික,ඔයාටම තේරේවි ඔයා මේ මොන පිස්සුවක්ද කියවන්නේ කියලා.මොනවා වුනත්,මින් පසු ඔයාගේ අදහස් කවුරුවත් විශ්වාසයකින් නම් කියවන එකක් නැහැ. (බ)

:       0       0

ඉන්දික Tuesday, 15 March 2016 05:00 AM

සිසිර ජීවයේ දැන් තියන අඩුව මොකක්ද ? තව මොනවාද පරිපුර්ණ වෙන්නේ තියෙන්නේ ? වෙනස් වීම කියන්නේ අඩුවක් පිරවීම නොවෙයි. වෙනස් වෙන්නේ පරිපුර්ණ වෙන්න නෙමෙයි. ඔබ ජීවය කියන්නේ මොකකටද? චලනය වෙන මස් ගුලියකටද? මරණය කියන්නේ මොකක්ද? මස් ගුලිය චලනය නොවෙන එකටද? ඕවයේ අගමුල අතබුලක්සේ නොදැන තමන්ට වත් නොතේරෙන කවුරු හරි කියපු දෙයක් අහගෙන අනිත් අය පිස්සෝ කියන්නේ කොහොමද? (බ)

:       0       0

ඉන්දික Saturday, 19 March 2016 08:11 AM

සෞම්‍යා, මම අදහස් පළකළේ ඔබ වැනි අයට නොවෙයි. විචාරාමය දැනුමක් ඇති අය සඳහායි. ඔබ වැනි අයට මෙවැනි දේවල් කිසිදා පැහැදිලි කරගැනීමට ශක්තියක් නොමැත. එය ඔබේ කරුමය මිසක් මගේ කරුමය නෙමෙයි. (නි)

:       0       0

ටිරෝන් Thursday, 17 March 2016 04:54 AM

ජීවය දැනටමත් පරිපුර්ණයි කියන එක ගොඩක් අයට දිරවා ගන්න බැරි බව පෙනෙනවා. විශේෂයන් බටහිර සම්මත දැනුමෙන් අඳවූ අයට මෙවැනි දේ වටහා ගන්න අසීරුයි. (ම)

:       0       0

ඉන්දික Friday, 18 March 2016 08:39 PM

දනුක, ඔබට මගේ ශරීර ස්වභාවයෙන් වැඩක් වෙන්නේ නැහැ. එ්කේ ස්වභාවයත් ඔබේ වගේම තමා. හැබැයි මේ පද්ධතිය ඇතුළේ භෞතික නොවෙන වෙනත් මාන තිබෙනවා. සිත මුල්වූ මතුපිට බුද්ධියට මෙම මාන සොයාගන්න බැහැ. මොකද ඔබ සිතන සිත හා ඔබ කියා දැනෙන, විඥානය පවතින්නේ මෙම මාන මුල්වීමෙන්. එත් එය ගවේෂණය කරන්න පුළුවන් ක්‍රම තිබෙනවා. ඔබ කොන්ටම් හැසිරීම් ගැන අහලා තියනවා නම් මේ ගැන යම් අදහසක් ගන්න පුළුවන්. (නි)

:       0       0

විජිත් Saturday, 12 March 2016 09:48 PM

අපේ විද්‍යාඥයන් සොයානොගත් මුහුදු පතුලේ සිටින දහසකුත් ජීවින් අතර මෙයත් සිටිනවා වියහැකියි. ඒ වගේම තමයි මුහුදු පතුලේදී න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් වලදී පිටවන අහිතකර කිරණ සත්ව ශරීර වලට මාරකයි. ඒ නිසා මේ සතා හරියටම කවුදැයි කියලා නිශ්චය කරනතුරු අපි එක එක අනුමාන වල ඉඳිමු. (නි)

:       0       0

කමනි Tuesday, 15 March 2016 10:32 AM

ඉන්දික, ඔයා මොනවාද මේ දොඩවන බහු බුත...?ජිවය පරිපුර්ණ නම් ඇයි මරණය ජිවය බිලි ගන්නේ. ජිවය පරිපුර්ණ වෙන්නේ ලෙඩරෝග නැතිවී, මරණය නැවතුන දවසකට කියලා ආසන්න වශයෙන් කියන්න පුළුවනි. ජිවය ඇති සත්වයා පරිණාමය වෙනවා. ඒ පරිනමයවිම ඔයාටවත් මටවත් නවත්වන්න බැහැ. ඒ බව ඩාවින්ගේ පරිණාම වාදයේ හොඳින්ම ලයවිලා තියෙනවා විතරක් නොවෙයි අපේ ඇස දෙකටම පෙනෙන්න සාධක තියෙනවා. (ර)

:       0       0

ක්‍රිස් Sunday, 13 March 2016 12:28 AM

හොඳ වෙලාවට මුහුදෙන් අඩි 14000ක් ගැඹුරු මුහුදේ මේ සතා ජීවත්වෙන්නේ. අපේ අයියලාට අහුවුණා නම් මෙලහකට පණපිටින් හමගහලා. (නි)

:       0       0

නාරද Thursday, 17 March 2016 05:48 AM

සමන්, ඔයා රෝහලකද වැඩ කරන්නේ ? එහෙනම් අනුන්ට ඇම්බියුලන්ස් යවන්න කලින් ඔහොමම ඔතනින් ඔයාගේ ඔලුව ස්කෑන් කරගන්න. (නි)

:       0       0

ඉන්දික Wednesday, 16 March 2016 05:32 PM

ඔයලගේ විශ්වාසයන් බිඳවැටෙන තරමට හොඳයි. මොකද විශ්වාසය නිසා අවිචාරය ඇතිවෙනවා. අන්ධ වෙනවා. (නි)

:       0       0

කුෂානි බණ්ඩාරනායක - එංගලන්තය Sunday, 13 March 2016 01:33 PM

ඔවු විජිත්,ජීවයේ පරිණාමය නවතින්නේ නැහැ.මිනිසාගේත් අවශේෂ එහෙම නැතිනම් අනවශ්‍ය කොටස් තියෙනවානේ,ඒවගේම එක එක හේතු නිසා ඇතිවන, පරිසරයට හිතකර විකෘතින් අප හා එක්ව දිග ගමනක් යනවා. එහෙම තමයි ඩාවින්ගේ පරිණාම වාදයේ කියන්නේ. (බ)

:       0       0

මැටිපහන Sunday, 13 March 2016 03:46 AM

ක්‍රිස්, ඔබේ ප්‍රකාශයට මම මගේ ආචාරය පුදකරමි! (නි)

:       0       0

සෞම්‍යා Saturday, 19 March 2016 01:57 AM

මේ මනුස්සයා නම් ඉස්පිරිතාලෙන් පැනලා ආපු කෙනෙක්. අනේ ඉන්දික බෙහෙත් ගන්නකො. (නි)

:       0       0

සුජාතා සමරවික්‍රම Wednesday, 16 March 2016 09:39 AM

ඉන්දික,මමත් ජිව විද්‍යා අංශයෙන් රැකියාව කරනකෙනෙක්. ඔබගේ අදහස් සිනහ ගන්වන සුළුයි. ජිවය පරිපුර්ණ නම් ඇයි මරණය ,ලෙඩරෝග...ආදිය පවතින්නේ. වයසට යන්නේ ඇයි.. ඩාවින්, මෙන්ඩල් වැනි ජිව විද්යඥයිටත් වැඩිය එහා ගිය, දර්ශනයක් පදනම් කරගෙනද ඔයාමේ කතා කරන්නේ..? (ර)

:       0       0

ඉන්දික Thursday, 17 March 2016 07:14 AM

රාජු ඔයා මොනවා කියන්න හැදුවත් මම කියන්න හදපු දෙයින් කොටසක් ඔයාට ගිහින් ඇති බව පෙනෙනවා. ඒක මෝඩයෙක් වගේ පිලිගන්නෙත් නැතුව, පිස්සු කියල අහක දාන්නෙත් නැතුව, ගවේෂණය කළොත් ඔයාට ජීවයේ වෙනත් මානයක් අවබෝදධ කරගන්න අවස්ථාවක් ලැබේවි. ඒ අවබෝධය ඔබටම මිසක් මට නෙමෙයි. (බ)

:       0       0

සිසිර Monday, 14 March 2016 01:11 PM

ජීවය පරිපුර්ණව ඉවර නැත පරිණාමය වෙමෙන් පවතී පිස්සන්ට එය නොතේරේ (අ)

:       0       0

කින් බෙනට් Sunday, 13 March 2016 07:20 AM

බලපු ගමන් හිතෙන්නේ මේ බූවලු කුලය කියලා. අඩි 14000 ක් මුහුදු පතුලේ ඉන්න හින්දා විශේෂය නම් පොඩ්ඩක් වෙනස් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2273 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2154 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6059 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3521 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4213 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site