IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


දියවැඩියාවට ශාකසාර විසඳුමක්

තෝරාගත් ශාක කීපයක දියවැඩියාව පාලනය කළ හැකි ශාකමය රසායනික සංයෝග සෙවීමේ පර්යේෂණයක් මහනුවර, හන්තාන ජාතික මූලික අධ්‍යයන ආයතනයේ සිදුකෙරෙමින් පවතී.

ආචාර්ය විදුරංගා වයිසුන්දර මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් මෙම පර්යේෂණය සිදුකෙරන අතර ශාක නිෂ්පාදනවල පෝෂණ ගුණය සහ දියවැඩියා තත්ත්වය පාලනය කිරීමට ඇති හැකියාව මෙමඟින් නිර්ණය කෙරේ. මේ සඳහා මූල්‍ය දායකත්වය සපයන්නේ ජාතික පර්යේෂණ සභාව මගිනි.

‘ශාක නිෂ්පාදනවල දියැවැඩියාව පාලනය කිරිම සඳහා හැකියාවක් ඇත්දැයි සොයා බැලීම සඳහා විවිධ විද්‍යාත්මක ක‍්‍රම උපයෝගී කරගෙන තියෙනවා. එහෙත් වඩාත්ම ඵලදායී ක‍්‍රමය වනුයේ ශාක නිෂ්පාදනවල ප‍්‍රති ඔක්සිකාරක ගුණය නිර්ණය කිරීමත් කබෝහයිඩ්‍රේට් බිඳ දැමීමේ එන්සයිම අක‍්‍රීය කිරීමේ හැකියාව විශ්ලේෂණය කිරීමයි. ඇමයිලේස් එන්සයිමය හා ග්ලූකොසිඬේස්, කාබෝහයිඩ්‍රේට් බිඳ දැමීමට හැකි එන්සයිමයි. මෑතකදී කරනලද පර්යේෂණ දත්ත මගින් තහවුරු වූයේ සමහර ශාක රසායනික ද්‍රව්‍යවලට මෙම එන්සයිම නිශේධනය කිරීමේ හැකියාව ඇති බවයි. එම ශාක රසායනික ද්‍රව්‍ය මගින් රුධිර සංසරණ පද්ධතියට ග්ලූකෝස් නිදහස් කිරීමේ හැකියාව අවම කිරීමේ හැකියාවත් තියෙනවා’

‘දියවැඩියා රෝගය හේතුවෙන් ඇසේ සුද, වකුගඩු රෝගී තත්ත්ව ඇතිවන අතර ඊට මුක්ත ඛණ්ඩක හේතුවන බව සොයාගෙන තියෙනවා. මෙම මුක්ත ඛණ්ඩක ශරීරයේ ස්වාභාවිකව ජනිත වෙනවා. මේවා අක‍්‍රීය කිරීමේ හැකියාව ප‍්‍රතිඔක්සිකාරක ගුණය සහිත සංයෝගවලට තියෙනවා. ඒ අතරින් ෆීනෝලික් සංයෝගය ඉතා වැදගත් වන අතර මෙම පර්යේෂණයෙන් ශාකවල පවතින ෆීනෝලික් සංයෝග හඳුනාගැනීමද අප සිදුකරනවා. මේ සඳහා පශ්චාත් උපාධි අපේක්‍ෂිකාව ලෙස ශාමිනී ගුණවර්ධන මට සහාය ලබාදෙනවා’

‘මෙහිදී සිදුකරන පර්යේෂණවලට ඉතා ඉහල සංවේදීතාවයෙන් යුත් මිණුම් හා ක‍්‍රමවේද යොදාගන්නවා. එක්වරකට සාම්පල 96 ක් විශ්ලේෂණය කිරීමේ හැකියාව මෙම පර්යේෂණ උපකරණවලට තියෙනවා. පැය 2 ක් වැනි කෙටි කාලයකදී මෙහි දත්ත ලබාගැනීමට හැකිවෙනවා. මෙහි අවසන් ප‍්‍රතිඵලය වන විට දියවැඩියා රෝගය පාලනය කිරීම සඳහා සුදුසු ශාක සාර ඖෂධ, ශාකමය ආහාර මෙන්ම ශාකමය නිෂ්පාදන බිහිකිරීමටත් හැකිවේවි‘ යැයි වයිසුන්දර මහත්මිය පැවැසුවාය.

web69DSC_0345 webViduranga-Waisundara



අදහස් (0)

දියවැඩියාවට ශාකසාර විසඳුමක්

චම්පික Saturday, 11 June 2016 04:13 AM

බොහොම පින් සිදුවන උත්සාහයක් (නි)

:       0       0

උදය Saturday, 11 June 2016 04:21 AM

සතුටුදායක ආරංචියක් (නි)

:       0       0

දුෂ්මන්ත Friday, 10 June 2016 12:36 PM

ඇත්තටම මම නම් මේවා ගැන හරි එතරම් විශ්වාස කරන්නේ නැහැ (නි)

:       0       0

ප්‍රියන්ත Friday, 10 June 2016 04:34 AM

දෙවි පිහිටි ඔබට එය හොයාගත්තොත්(අ)

:       0       0

හේවාවිතාරණ Sunday, 12 June 2016 05:52 PM

දියවැඩියා රෝගීනි, ප්‍රවේශම් වන්න (නි)

:       0       0

ඇලන් Thursday, 09 June 2016 10:07 AM

ලෝකවාසී ජනතාවම ඔබව අගය කරාවි (නි)

:       0       0

රොකී Thursday, 16 June 2016 01:27 AM

දැනට අවුරුදු හතළිහකට පමණ කලින් මුහුදු වතුරෙන් රථ වාහන ධාවනය කරන්න පුළුවන් කියලා ඔය වගේ ප්‍රචාරයක් තිබුනා. සාගර ඉන්ධන සමාගම කියලා කොම්පැනියක් පටන්ගත් බවත් මට මතකයි. (නි)

:       0       0

දිල්රුක්ෂි Thursday, 16 June 2016 02:03 AM

මේ වගේ සොයාගැනීම් ගැන කොයිතරම් පත්තර වල පළවෙනවද? දැන් මාස කීපයකට පෙර ඩෙංගු වලට බෙහෙතක් සොයාගත්තා. වතුරෙන් වාහන ධාවනයට එන්ජින් හැදුවා. මේකත් ඒ වගේ තමා (නි)

:       0       0

ජයාත් Monday, 13 June 2016 01:44 AM

ආනන්ද, නිහාල්, ඇය අාහාර තාක්ෂණය පිළිබඳ ගෞරව උපාධිධාරිනියක් වගේම එම විෂය පිළිබඳවම පශ්චාත් උපධිධාරිනියක්. ඇයගේ පරීක්ෂණ සාර්ථක වේවා කියා පතනවා! (නි)

:       0       0

සුපුන් Saturday, 18 June 2016 05:41 PM

මෙම නරුම ලෙඩේ සුවකිරීමට හෝ සාර්ථකව පාලනය කරගැනීමට බෙහෙත් සොයන ඔබට තෙරුවන් සරණයි. කාර්යය සාර්ථකම වේවා! (නි)

:       0       0

කමණි Saturday, 11 June 2016 05:29 AM

මමත් දුෂ්මන්ත වගෙයි. (නි)

:       0       0

මොරවක Saturday, 11 June 2016 06:54 AM

ඉදිරියටම යන්න සුබ පැතුම්! (නි)

:       0       0

අසේල Thursday, 30 June 2016 06:33 AM

මිනිස්සුන්ගේ තෘෂ්ණාව වැඩි වෙන්න වැඩි වෙන්න ඊට අදාළ රෝග ඇතිවෙනවා එක ධර්මතාවයක් ලෝකය දැන් ගලන්නේ තෘෂ්ණාව වැඩි පැත්තට මිනිස්සු අනිත්‍යයි කියන්න දන්නේ නෑ කොටසක් සිල් පද කමින් අකුසල් කරමින් දුගතියට යනවා අනිත් කොටස සිල් පද රකිමින් ඒ සිල් පද වලට ඇලිල සිල් පද කඩන්නන් දකිමින් ලෝභ ද්වේශ මෝහ මතු කරමින් එයාලත් දුගතියට යනවා නැත්තන් සුගතියේ ඉපදිලා අපහු මනුස්සලොකෙට වැටිලා කොයි මොහොතක හරි සිල් පද කඩාගෙන නිරයට වැටෙනවා (ම)

:       0       0

අසෝකා Friday, 10 June 2016 08:36 AM

ඔබේ සොයා ගැනීමක් වුනත් අපේ පිටරට ඉන්න අය ඔයාටත් හොරෙන් ඔය දේ අරගෙන එහෙ ලොකු කොම්පැනියකට විකුණයි. ඒ නිසා නිත්‍යනුකුල නොවෙන තුරු ඒ විස්තර නම් කාටවත් දෙන්න එපා! මේ මගේ අදහසයි! නුඹට ජය! (බ)

:       0       0

අබරන් Friday, 17 June 2016 08:44 AM

සුගත්ගේ උපදේශ හොඳයි එත් ඔය දේවල් ගැන නොදන්නා අයට අර නව සොයා ගැනීම් නරක නැහැ. (ර)

:       0       0

ගාමිණි Monday, 13 June 2016 11:40 AM

කට පාලනය කරගෙන දිනපතා ව්‍යායාම කරන්න ලෙඩේ සුව වෙනවා (ම)

:       0       0

කපිල Tuesday, 14 June 2016 10:28 AM

ඔබට තෙරුවන් සරණයි දරුවෝ... ඔබේ ව්‍යායාමය සාර්ථක නම් මා වැනි තව බොහෝ දෙනෙකුට ජීවය ලැබේවි. (ර)

:       0       0

රිතික් Monday, 13 June 2016 05:07 AM

අතීසාර රෝගයට ශාකසාර විසඳුමක් නැද්ද? (බ)

:       0       0

පද්මිණී Monday, 13 June 2016 05:07 AM

දියවැඩියාව දෙවැනි වර්ගය කියන්නේ කට පාලනයෙන් ඉතා හොදින් පාලනය කරගෙන කිසිම සන්කුලතාවක් නොමැතිව ජිවත් වෙන්ට පුළුවන් රෝගයක් . නමුත් අපේ කට්ටිය කන්ට පටන් ගත්තම වෙලාවක් නැහැ (බ)

:       0       0

නොයෙල් Saturday, 11 June 2016 10:15 AM

පින් සිද්ධ වේවා. සතුටුදායක ආරංචියක්.(හේ)

:       0       0

නිහාල් Friday, 10 June 2016 09:23 AM

හොඳ වැඩක් හොඳ වෛද්‍යවරයෙක් (අ)

:       0       0

ආනන්ද අමරසිංහ Thursday, 09 June 2016 11:44 PM

ජීවක වෙදැදුරෙක් මෙලොවට පැමිණ ඇත (නි)

:       0       0

සුගත් බණ්ඩාර Thursday, 16 June 2016 06:43 AM

කෝවක්ක දළු,කෝවක්ක වෑන්ජනය .කොතල හිඹුටු ,කරවිල ,තෙබු කොළ ,කොහොඹ දළු ,වට මර දළු ,මල්,මේවා ඔක්කොම හොඳ බෙහෙත් (බ)

:       0       0

අබය Friday, 10 June 2016 10:30 AM

ඔබට ජයම වේවා....! (නි)

:       0       0

උදාරත් Friday, 10 June 2016 10:33 AM

ඉතා හොඳ උත්සාහයක් (නි)

:       0       0

චන්ද්‍රා Friday, 10 June 2016 02:59 AM

බලාගෙන! බහුජාතික සමාගම් ඇහැ ගහගෙන ඉඳලා මොන ලෙඩක් අදීවිද දන්නේ නැහැ. (නි)

:       0       0

චින්තන Friday, 10 June 2016 11:39 AM

මම මේකට උපරිමයෙන් දායක වෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2273 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2154 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6059 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3521 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4213 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site