මෙතෙක්  සොයාගැනුණු බිලිකොකු අතරින් ලොව පැරණිම බිලිකොකු ද්විත්වයක් ජපානයේ ඔකිනාවා හි ගල් ගුහාවක තිබී හමුවූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒවා වසර 23000කට වඩා පැරණි බව පුරාවිද්‍යා බලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත.  එම බිලීකොක් සකසා ඇත්තේ සිප්පිකටුවලිනි.

ඒ සමගම ඔකිනාවා දුපතේ වසර 30000කට පෙර සිට මානව ශිෂ්ටාචාරයන් පැවතෙන්නට ඇතැයි මත පල වී තිබේ. එම දුපතේ පුළුල් ධිවර ක්‍රමෝපායක් තිබෙන්නට ඇතැයි විචාරකයෝ පවසති.මීට පෙර ටිමෝර් හි සහ පැපුවා නිව් ජිනියා හි ද වසර 16000ත් 18000ත් අතර පැරණි බිලි කටු හමු වී තිබේ. බිලිකොකු සමග තවත් ආම්පන්න කිහිපයක් ද සොයාගෙන ඇත