ඉන්ධන, තෙල් සහ රසායනික ද්‍රව්‍ය රැගෙන යන ටැංකි නෞකාවල තත්ත්වය නිරීක්‍ෂණය කිරීම සඳහා දියයට හැසිරවිය හැකි නවතම රොබෝවෙක් නිපදවීමට මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත‍්‍රික ඉංජිනේරු අංශයේ සිසුහු පිරිසක් සමත්වී සිටිහි.
සාමාන්‍ය වශයෙන් නියමිත සැතපුම් ගණනක් ගමන් කළ පසුව ටැංකි නෞකාවල තත්ත්වය පරීක්‍ෂා කළ යුතුය. හදිසියේ හෝ සිදුරුවීමක් ඇතිවුවහොත් එය විශාල සාගර විනාශයකට හේතුවෙයි. එබැවින් තත්ත්ව සමීක්‍ෂකවරයකු විසින් එම ඉන්ධන හෝ රසායනික නෞකා පරීක්‍ෂාවට ලක් කෙරේ. එය ඉතා අනතුරුදායක සහ අවදානම් කාර්යයක් විය හැක. මේ හේතු කාරණා සැලකිල්ලට ගනිමින් සබ්මැරිනයකට සමාන හැඩයක් ගන්නා දිය යට ගමන් කරන රොබෝවකු නිර්මාණය කිරීමට ඔවුහු සමත් වූහ.
යාන්ත‍්‍රික ඉංජිනේරු අංශයේ අවසන් වසරේ ඉගෙනුම ලබන සී.ජේ. කොග්ගලහේවා, නිරෝෂණ කුමාරරත්න සහ චතුර හෙළරුවන් යන සිසුහු මෙය නිර්මාණය කළහ. ඒ වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය වයි.ඩබ්ලිව්.ආර්. අමරසිංහ, ආචාර්ය තිලිණ ලාලිතරත්න සහ ආචාර්ය ඩබ්ලිව්.කේ. විමල්සිරි යන මහත්වරු ඔවුනට මඟ පෙන්වූහ.
‘සාගරයේ ගමන් ගන්නා ටැංකි නෞකාවල තත්ත්ව සමීක්‍ෂණය කිරීම විශාල අවදානමක් මෙන්ම අසීරු කාර්යයක් වෙන්න පුළුවන්. එවැනි සමීක්‍ෂකවරු අපේ ලංකාවෙත් ඉන්නවා. ඔවුන්ගේ එම අවදානමට සහ අසීරුතාවට විසඳුමක් ලබාදෙන්න කියලා කීපදෙනක්ගෙන් අපට ඇරැයුම් ලැබුණා. ඒ නිසා මුල ඉඳලාම අපි මෙහි සැලසුම් ආකෘතිය නිර්මාණය කළා. මෙය විශේෂිත නිර්මාණයක්. මෙය කුඩා ප‍්‍රමාණයේ සබ්මැරිනයකට සමානව පෙනුනනද මෙය දිය යටින් ගමන් කළ හැකි රොබෝවෙක්. දැනට අපි මෙහි පළමු අදියරේ පරීක්‍ෂාව සාර්ථකව සිදුකළා‘
‘මෙවැනි සාගර විශ්ලේෂණ සඳහා නිර්මාණයවී ඇති රොබෝ යන්ත‍්‍ර ලෝකයේ දකින්න පුළුවන්. එහෙත් මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ මෙය යොදාගනු ලබන ක්ෂේත‍්‍රය සහ එහි නව ජලගතික ආකෘතියයි. මෙහි සවිකර ඇති කැමරා ආධාරයෙන් ටැංකි ඇතුළත දර්ශන නාවුක සමීක්‍ෂකවරයාගේ පරිගණකය වෙත ලබාගත හැකි අතර ඒ මොහොතේදීම පිටත සිට නිරීක්‍ෂණය කළ හැකි වෙනවා‘
‘මෙය දුරස්ථ පාලකයක් මගින් ක‍්‍රියාකරවීමට හැකි වන අතර නාවිත සැතපුම් 5 ක වේගයකින් ඉදිරියට ධාවනය කළ හැකි වෙනවා. මෙම රොබෝ යන්ත‍්‍රය රසායනික බැටරියකින් ක‍්‍රියාත්මක වන අතර මෙය ධාවනය කිරීම සඳහා තෙරපුම් මෝටර පහක් යොදාගෙන තියෙනවා‘
‘මෙය නිර්මාණය කරද්දී අපි බොහෝ ගැටලූවලට මුහුණ දුන්නා. මෙය වතුර යටින් ගමන් කළ යුත්තේ කෙසේද?, තාක්‍ෂණය හැසිරවිය යුත්තේ කොහොමද කියලා අපට සිතන්න සිද්ධ වුණා. ලෝකයේ රටවල මෙවැනි රොබෝවන් සිටියද ලංකාවේ නාවුක ක්ෂේත‍්‍රයේ සමීක්‍ෂණ වෙනුවෙන් මෙය නිර්මාණය කිරීමට ලැබීම අප ලද ජයග‍්‍රහණයක් කීවාට වරදක් නැහැ. මෙය නුදුරු අනාගතයේදී නාවුක ක්ෂේත‍්‍රයට නිෂ්පාදනයක් හැටියට ලබාදීමට වෙළෙඳ ආයෝජකයන්ට අප හා එක්වන්න පුළුවන්. මේවන විට පේටන්ට් බලපත‍්‍රය ලබාගැනීමට අයැදුම්පත් සූදානම් කර අවසන්‘
‘ලෝකයේ ඕනෑම තාක්‍ෂණයක් එකවර දියුණුවී පැමිණියේ නැහැ. ඒවා ටිකෙන් ටික සංවර්ධනය වුණා. අපි හිතනවා මෙම නිර්මාණයත් තවත් වසර කීපයකින් විශිෂ්ට නිර්මාණයක් වේවි කියලා‘
‘මෙය නිර්මාණය කිරීමේදී මොරටුව විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන, නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය රාහුල අත්තලගේ, ඉංජිනේරු පීඨාධිපති මහාචාර්ය කපිල පෙරේරා, කොළඹ ඩොක්යාඩ් ආයතනයේ සහකාර සාමාන්‍යාධිකාරී සමන්ත ගොඩකුඹුර, නිපෝන් කෛජි කියෝකෛ (ක්ලාස් එන්.කේ.) ජාපාන නාවුක සමීක්‍ෂණ ආයතනයේ ලංකා ජ්‍යෙෂ්ඨ නාවුක ඉංජිනේරු සමීක්‍ෂක සහ කළමනාකාර මාධව ෆොන්සේකා යන මහත්වරුන්ගේ සහායද සිහිපත් කරනවා. අප සමඟ ඉදිරියට යන්න කැමැති ආයෝජකයන්ට 0718517882 අංකයෙන් සම්බන්ධ වෙන්න පුළුවන්’යැයි ආචාර්ය අමරසිංහ මහතා පැවැසීය.





COMMENTS
නිමල්, විදේශ විශ්ව විද්‍යාල ගැන ආඩම්බරයෙන් කතාකළාට ලංකාවේ මේ දරුවෝ කරපු දෙය හෑල්ලුවට ලක්කරලා ඔවුන්ව අධෛර්යමත් කරනවා.
මේ වගේ අලුත් නිර්මාණ ගැන විදෙස රටවල ඉන්න අපේ දරුවන්ට දැනගන්න විදියක් නැහැ. හේතුව සිංහල කියවන්න බැරිකම. ලංකාවේ ඉංග්‍රීසි මාධ්‍යයෙනුත් මේවා පළවෙනවා නම් අපේ දරුවන්ටත් සිංහල අපේ ළමයිගේ දක්ෂකම් බලාගන්න පුළුවන් (නි)
අබරන්, මේ රටේ ඉහළ ඉන්න අයටත් ඔයාට වගේමයි. මේ වගේ දේවල් එයාලටත් තේරෙන්නේ නැහැ. ඒ හින්දම අපේ රට හැමදාම මෙතනමයි (නි)
මොරටු රොබෝවා විශිෂ්ට නිර්මාණයක් වේවා! (නි)
ජයවේවා! තව තවත් අලුත් නිර්මාණ කරන්න. ආඩම්බරයි. (ම)
හැමෝම ආඩම්බරයි කියලා කිව්වට අන්තිමට ආඩම්බරය විතරයි. මොකද මේ අයගෙන් කවුරුවත් වැඩක් ගන්නේ නැහැනේ (නි)
මම මේක කියන්නේ නිහතමානීව සහ දරුවන් උනන්දුකිරීමක් වශයෙන්. මෙවැනි නිර්මාණ බොහෝ විදේශ විශ්වවිද්‍යාල වල අවසන්වසර ව්‍යාපෘති වශයෙන් කෙරෙනවා. මෙවැනි දෙයකට පේටන්ට් ලබාගන්න පුලුවන්දය් සැකයි එහි යම් ආවේනික තාක්ෂණයක් නොමැතිව. දරුවන් දිරිමත් කළ යුත්තේ දැනට පවතින තාක්ෂණවල අඩුලුහුඩුකම් සොයා එයට විසිදුමක් සොයාගනීමයි. පර්යේෂණයක් කියෙන්නේ එකටයි. නැතුව දැනටමත් තියෙන හැමෝම කරන විදියේ දෙයක් පුන පුනා කරන එක නොවෙයි. ලංකාවේ තව ප්‍රශ්නයක් තමා මෙවැනි දෙයක් අතිවිශාල සොයාගැනීමක් ලෙස හුවා දැක්වීම. ටික කලකට පසුව මෙය කල පිරිස හොයාගන්නටවත් නැත. මෙම යානය දැන් විශ්වවිද්‍යාලට යම් පර්යේෂණ සදහා හොද ප්ලැට්ෆෝරමයක් සපයනවා. දැන් කරන්න අවශ්‍ය මේ ආශ්‍රිතව ලෝකයේ පවතින යම් යම් ප්‍රශ්න වලට විද්‍යාත්මකව පිළිතුරු සේවීමයි.(අ)
කවදත් අපේ අය ලෝකෙම හොඳ වැඩකාරයෝ තමයි. අගය කළයුතුයි. (නි)
ජයවේවා! තව තවත් අලුත් නිර්මාණ කරන්න. ආඩම්බරයි. (නි)
හොඳ වැඩක් (නි)
මට නම් ගොඩක් තේරෙන්නේ නැහැ , ඒ උනාට සුබ පැතුම්....(රේ)
ජයවේවා! තව තවත් අලුත් නිර්මාණ කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියා පතමි.! (ර)
මහජන මුදලින් කරන මේ පර්යේෂණ වලින් රටට සෙතක් වෙනවාද? මීට පෙර හදලා පිටරටට විකුණනවා කී කේළමා යානයට මොකද වුණේ?ලෝකයේ දැන් තාක්ෂණය එක්ක බලද්දී ඒවා යල්පැන ගිය ඒවා නේද? (නි)
කොතරම් ගැඹුරක මේ මෙහෙයුම කරන්න පුළුවනිද කියල දැනගන්න කැමතියි. මේ ඇරඹුම තව දියුණු වේවි කියා සිතමි. (බ)
මගේ සුබපැතුම් මගේ අසල්වැසියෙක් නිරෝෂන් මල්ලි මමත් නාවික ක්ෂේත්‍රයේ රාජකාරිය කරන අති දක්ෂ මේ වගේ අය ලංකාවට බ්හි වේවා යයි පතමි (බ)
අපි ආධාර කරමු. එතකොටයි මේක තවත් සාර්ථක වෙන්නේ (නි)
ඔබලා ලක් මවට ආඩම්බරයක්. (ර)