පේරු රාජ්‍යයේ ටිටිකාකා විලෙහි ගෙම්බන් විශේෂයක් හදිසියේම මියයෑමට පටන්ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. විල් ඉවුරෙහි සතුන් 10000ක පමණ මියගොස් සිටින බව නිරීක්ෂණය කර ඇත.

අණ්ඩකෝෂ ගෙම්බන් ලෙස හඳුන්වන මෙම සතුන් ශරීර ප්‍රමාණයෙන් විශාල වන අතර වැඩුණු සතකු රාත්තල් දෙකක් පමණ බරින් යුතු වේ.

 සම්පූර්ණයෙන්ම ජලයේ ජීවත්වන අතර ටිටිකාකා විල හා ඒ ආශ්‍රිත ගංගා වල පමණත් වාසය කරයි. විශාල වශයෙන් මනුෂ්‍ය ආහාර ලෙස යොදා ගැනීම සහ  වෙනත් මතස්‍ය විශේෂ විසින් ඉස්ගෙඩියන් ආහාරයට ගැනීම ගෙම්බන්ගේ වඳවීමට හේතු වී ඇති බව පර්යේෂකයෝ පවසති.

හදිසියේ මෙලෙස විශාල වශයෙන් සතුන් මියයෑම සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කර ඇති බවද ඔවුහු පවසති.

_91976840_mediaitem91976839 36073813_303