විදුලි සංදේශ හා තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ අපද්‍රව්‍ය නිසි ලෙස කළමනාකරණය කිරීමේ වැඩසටහනක් ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, මධ්‍යම පරිසර අධිකාරිය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෛත‍්‍රීපාල සිරිසේන ජනපතිගේ මගපෙන්වීම යටතේ ක‍්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ ‘පොලිතීන්, ප්ලාස්ටික් හා ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය දුරලීමේ සතියක් මධ්‍යම පරිසර අධිකාරිය මගින් ප‍්‍රකාශයට පත්කර ඇත.
ඔක්තෝබර් 24 සිට 30 දක්වා ක්‍රියාත්මක එම සතියේදී විදුලි සංදේශ හා තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ අපද්‍රව්‍ය එකතු කිරීමේ ස්ථානයක් එම කොමිෂන් සභා පරිශ‍්‍රයේ පිහිටුවන බවත් එවැනි ස්ථාන සියලූම දුරකතන සේවා සැපයුම්කරුවන්ගේ පාරිභෝගික සේවා මධ්‍යස්ථාන වලද පිහිටුවීමට කටයුතු කරන මෙන් ඉල්ලීමක් කරන බවත් ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් සුනිල් එස්. සිරිසේන මහතා පැවසීය.
විදුලි සංදේශ හා තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ ඇති වෙමින් යන වේගවත් ව්‍යාප්තවීම නිසා එම තාක්‍ෂණ උපකරණ හා උපාංග සඳහා අතිවිශාල ඉල්ලූමක් ඇති වී තිබෙන බවත් මේ නිසා ජංගම හා ස්ථාවර දුරකථන, බැටරි වර්ග, පරිගණක, සන්නිවේදන උපකරණ හා උපාංග කල් ඉකුත්වීමෙන් අපද්‍රව්‍ය ලෙස බැහැර කිරීම විශාල වශයෙන් වැඩි වී තිබෙන බව කී සිරිසේන මහතා මෙය නුදුරු අනාගතයේම නව ආකාරයක පාරිසරික, සමාජ හා ආර්ථික ගැටලු ඇතිකරන්නක් බවද කීය.
මෙම අපද්‍රව්‍ය විධිමත්ව බැහැරලීම හා විදුලි සංදේශ හා තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ උපකරණ නැවත භාවිතා කිරීම පිළිබඳ ශ‍්‍රී ලංකාව පුරා පාසැල් මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අධ්‍යාපන අමාත්‍යංශය හා එක්ව සිදුකරන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ වැඩසටහන් ගැන මහජනතාව දැනුවත් කරන්න ඕනෑ පුළුල් වශයෙන්. නැත්නම් ඇත්තටම මේ වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. ලොකු අය රැස්වීම් තියලා නාමිකව විතරයි මේ දේවල් කරන්නේ. (නි)
සතියක බොරු සෝබන වැඩක් කරලා ප්‍රමාණවත් වෙයිද ? මේවා අපහරණය සඳහා ස්ථිර වැඩපිළිවෙළක් අවශ්‍යයි (නි)