උත්තර ධ්‍රැවයේ ආක්ටික් අයිස් ආවරණය 2007 වර්ෂයෙන් පසු දෙවැනි වතාවට අඩුම අගයක් ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
2012 වර්ෂයේ දී ආක්ටික් මහද්වීපයේ අයිස් ආවරණය වර්ග කිලෝ මීටර ලක්ෂ 33.9 ක් වූ අතර පසුගිය සැප්තැම්බර් 10 දා වාර්තා වී ඇති පරිදි අයිස් ආවරණය වර්ග කිලෝ මීටර ලක්ෂ 41.4ක් දක්වා අඩුවී තිබේ.
උත්තර ධ්‍රැවයේ අයිස් ආවරණය සෑම වර්ෂයකම සරත් සෘතුවේ දී සහ ශීත සෘතුවේ දී වර්ධනය වන අතර වසන්ත හා ගිම්හාන සෘතුවල දී අයිස් ආවරණය විශාල වශයෙන් අඩුවෙයි. ලෝකයේ දේශගුණික පද්ධතිය වෙනස්විම සම්බන්ධ දර්ශකයක් ලෙස ද මේ තත්ත්වය සැළකිල්ලට ගනී.
ලොව අයිස් ප්‍රමාණය මිනුම් කරනු ලබන්නේ චන්ද්‍රිකා තාක්ෂණය භාවිතා කරමිනි. එය කොලරාඩෝ, බෝල්ඩර් හි පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද හිම හා අයිස් දත්ත මධ්‍යස්ථානය විසින් මේ මිනුම් කටයුතු හා දත්ත විශ්ලේෂණය සිදුකරනු ලබයි.
සුළං තත්ත්වය හේතුවෙන් ඉදිරි සති කිහිපයේ දී දැනට තිබෙන අයිස් ප්‍රමාණය තවදුරටත් අඩුවිය හැකි බව ද එම මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානයේ ප්‍රධාන විද්‍යාඥ ටෙඩ් ස්කැම්බෝස් මාධ්‍යයට පවසා ඇත්තේ ඉදිරි වසර කිහිපයේ දී ගෝලීය උණුසුම වැඩිවීමත් සමඟම අයිස් ප්‍රමාණය විශාල වශයෙන් අඩුවන ආකාරය නිරීක්ෂණය කිරීමට සිදුවනු ඇති බවයි.
අඩු වායු පීඩනය සහ වළාකුළු සහිත අහස හේතුවෙන් අයිස් දියවීම ජුනි හා ජූලි මාසයේ දී යම් තරමකින් අඩුවූ බව ද ඔහු කියයි.


COMMENTS
එහෙ දියවෙන්නේ අයිස්. ආණ්ඩුව නිසා අපේ දියවෙන්නේ සල්ලි. එ්කයි වෙනස. (නි)
කව්ද මේවාට වගකිවයුත්තේ? කකුල් දෙකේ සතාමයි. තමන්ගේ වළ තමන් විසින්ම කපා ගන්නවා (නි)
තව ඉස්සරහට මොන මොන කරදර වලට මුහුණදෙන්න වෙයිද දන්නෙ නැහැ (නි)
2012 වර්ෂයේ දී ආක්ටික් මහද්වීපයේ අයිස් ආවරණය වර්ග කිලෝ මීටර ලක්ෂ 33.9 ක් වූ අතර පසුගිය සැප්තැම්බර් 10 දා වාර්තා වී ඇති පරිදි අයිස් ආවරණය වර්ග කිලෝ මීටර ලක්ෂ 41.4ක් දක්වා අඩුවී තිබේ.? (අ)
ඉස්සරහට අපිටත් මේ ලෝකයේ බොහෝ සම්පත් ගැන බලාපොරොත්තු අත්හරින්න වෙයි (නි)
ගෝලීය උණුසුම කෙසේ හෝ පාලනය කර, ආක්ටික් අයිස් ආවරණය ආරක්ෂා කර සංරක්ෂණය කළ යුතුවේ. නැත් නම් හිම වලසුන්ට ජිවත් වන්නට සිදු වන්නේ තැන තැන ඇති වතුර වළ වල් වලය. ස්වභාව ධර්මයට වන හානිය ද සුළු පටු නොවේ. (බ)
ඇසළ, යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ තමයි (නි)
ලියනඩො ඩි කැප්‍රියො ද රෙවරන්ඩ් චිත්‍රපටියට ඔස්කාර් සම්මනයක් දිනාගෙන කිව්වෙත් මේක ගැන තමා..අපි හිතනවාට වඩා වේගයෙන් මෙක වෙනවා.. (ම)