IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ලෝකයේ නිපදවන ලද ප්‍රබලම එක්ස් කිරණ යන්ත්‍ර ජර්මනියේ විවෘත වේ

ලෝකයේ මෙතෙක් නිපදවන ලද ප්‍රබලම එක්ස් කිරණ යන්ත්‍රය ජර්මනියේ හැම්බර්ග් නගරයේ පිහිටුවා ඇති බව වාර්තා වේ.

එක්ස්ෆෙල් ලෙස හඳුන්වන මෙම යන්ත්‍රය මගින් පරමාණුවෙන් පරමාණුවට විශ්ලේෂණය කරගත් ඉතා සියුම් දත්ත ලබාගැනීමට හැකියාව ඇති බව පර්යේෂකයෝ පවසති. 

මීට පෙර යොදාගත් යන්ත්‍ර වලට වඩා බිලියන වාරයක් නිවැරදි දත්ත ලබාගැනීමට මෙමගින් හැකියාව ඇත. තත්පරයකදී ඡායාරූප මිලියන 4.5ක් ලබාගැනීමට සමත් කැමරාවක් මෙම යන්ත්‍රය සතු වේ. මේ නිසා වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ පර්යේෂණ කටයුතු සඳහා සහ ප්‍රතිකාර සඳහා මෙය වඩාත් ඵලදායී වනු ඇති බව පැවසේ. 

යන්ත්‍රය නිපදවීම සඳහා වසර අටක් ගතවී ඇති අතර පොළව යට කිලෝමීටර් 3.4ක් දිග උමං සංකීර්ණයක යන්ත්‍රය පිහිටුවා තිබේ.

මෙම යන්ත්‍රයෙන් පහසුකම් ලබාගැනීම සඳහා රුසියාවල ප්‍රංශයල ඉතාලිය ඇතුළු රටවල් 11ක් ගිවිසුම් අත්සන් කර ඇත. 
 
(බීබීසී පුවත් ඇසුරිණි - 085)



අදහස් (4)

ලෝකයේ නිපදවන ලද ප්‍රබලම එක්ස් කිරණ යන්ත්‍ර ජර්මනියේ විවෘත වේ

Dr. Edward Perera Germany Tuesday, 05 September 2017 05:09 PM

මෙය ඇත්තටම ප්‍රවෘතියක් පමණක් නොවෙයි. ලෝකයාට දෙන දැවැන්ත පණිවිඩයක්. රටක් දියුණුවෙනවා කියන්නේ ඒකේ ප්‍රතිලාභ මුළු ලොවත් සමගම බෙදා හදා ගැනීමයි. ජර්මනිය විසින් ලොවට උරුම කර ඇති අනේක විධ දායාදයන් අතර මෙය එක් දෙයක් පමණයි.

:       130       349

abaranWednesday, 06 September 2017 09:22 PM

සහතික ඇත්ත !!! ජර්මනියේ සොයා ගැනීම් නොමැතිනම් අපි තාම එක්තරා අතීත යුගයක....

:       86       154

kumar (galf)Thursday, 07 September 2017 07:08 AM

ජර්මනිය ලෝකයට තාක්ෂණ උරුමයන් ගෙන දෙන්නේ යුදෙව්වෝ මිලියන 6ක් මරා දැම්මා. ජර්මනියේ අද තිබෙන උසස් රසායන, ගෑස්, ශල්‍යකර්ම ආදී සෑම තාක්ෂණයක්ම යුදෙව්වන් අත්හදා බැලුවේ සත්වයන් යොදා ගනිමින්.

:       1       100

Asanka Thursday, 07 September 2017 06:36 AM

ජර්මානුවන් සොයාගත් අපි දිනපතා පාවිච්චිකරන සරල දේවල් ටිකක් ,රැදවුම් සහිත ෆයිල් කවර, විදුලි විදුම් යන්ත්‍රය ,ෆැන්ට බිම, කෝපි සැදුම් යන්ත්‍රය, අලවන ටේප් , අකෝර්ඩීයන් එක , නත්තල් ගස, නවීන පාපන්දු සපත්තු, ටැක්සි මීටරය, ඇම්පි 3 තාක්ෂනය

:       213       276

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2273 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2154 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6059 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3521 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4213 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1712 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site