(ගයාන් සූරියආරච්චි)
ඩුබායිහී අපරාධ වැළැක්වීම සඳහා ඩුබායි පොලිසිය විසින් නවතම ඉගිලෙන යතුරු පැදියක් හඳුන්වාදී තිබේ.
එකවර ඉහළට පියාසර කළ හැකි මෙම යතුරු පැදිය පොළොව මට්ටමේ සිට අඩි 16 ක් ඉහළ ගුවනේ ගමන් කිරීමේ හැකියාව ඇත. මෙහි ඩුබායි පොලිසියේ සංකේතය යොදා ඇති අතර එවැනි අවස්ථාවක කැමරා මගින් පරීක්ෂා කෙරනු ඇත. මෙය මිනිසුන් රහිත ඩ්‍රෝන යානයක් ලෙසද ක්‍රියා කෙරේ. මෙය රුසියාවේ ‘හෝවර්සර්ෆ්’ සමාගම විසින් නිපදවා තිබේ.
මෙම යතුරුපැදියට පැයට සැතැපුම් 43 ක වේගයෙන් ගුවනේ ගමන් කළ හැකි අතර හසුරුවන්නා සමග විනාඩි 25 ක් පමණ ගුවනේ රැඳී සිටිය හැකිය. ඉහළ යාමේ උස මට්ටම සහ උපරිම වේගය පාලනය කර නිපදවා ඇති අතර ගුවන් අනතුරුවලින් වළක්වා ගැනීම එහි අරමුණය.
මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.
ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ
ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි
ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඩුබායි පොලිසියෙන් ඉගිලෙන යතුරු පැදියක්
de silva Saturday, 14 October 2017 05:32 AM
ලංකාවට මේවා අවශ්‍ය නැහැ. ලංකාවේ ආරක්ෂක කටයුතු වල නිරත වන පෙර ගමන් රථ වැනි වාහන කොහොමත් යන්නේ උඩින්...
Kumari Monday, 16 October 2017 09:56 AM
ලංකාවේත් තියෙන්නේ ඉගිලෙන යතුරුපැදි තමයි.
samira prabhath Sunday, 09 September 2018 01:36 PM
ඩුබායි වල විතරක් නෙමෙයි ලංකාවෙත් තියනවනේ..