IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


හූනියම වැරැදී තොවිලය කනපිට හැරිලා

දකුණේ ගම්මානයක වූ සිදුවීමකි. එක්තරා නිවසක ජීවත් වූ මිනිසුන් හදි හූනියම් දැඩි සේ විශ්වාස කරන බව දැනගත් කට්ටඩියකු මෙම නිවැසියන් සමග හිතවත් විය. දිනක් මෙම නිවසට පැමිණි යකැදුරා සිහිසුන්ව පුටුවෙන් වැටී දඟලන්නට විය. නිවැසියන්ද බියට පත්වූ අතර පසුව ඔහු කියවන්නට විය. එම නිවසේ හූනියමක් වළදමා ඇති බවත් එය ගොඩදමා කැපියයුතු බවත් එසේ නොකළහොත් ගෙහිමියා මාස තුනක් ඇතුළත මියයන බවත් යකැදුරා කීවේය.

පසුව යකැදුරා කිසිවක් නොදන්නා අයුරින් සිටි අතර ගෙහිමියන් බියවී ඔහු සිහි විකල් වී පවසන ලද තොරතුරු කීවේය. 


ඒ අනුව හූනියම ගොඩගැනිල්ල ප්‍රමාද කිරීමට බියවූ ගෙහිමියෝ එම කටයුත්ත නුදුරු දිනකදීම යොදා ගත්හ. අවශ්‍ය සියලු දේ ගෙහිමියන් රැගෙන විත් තිබූ අතර හොඬ අල, පුහුල්, හීරැස්ස, රතු අන්නාසි, සහ ගෙරිඔලු ඒ අතර විය. 


නියමිත දිනයේදී යකැදුරා ගෝලයන් දෙදෙනකු ද බෙරකරුවකු ද සමග පැමිණ සියල්ල සූදානම්කර මල් බුලත් තටුවක් ද පිළියෙල කර හූනියම ගොඩදැමීමේ බාරදූර කටයුත්ත ආරම්භ කළේය. ඒ අනුව හූනියම ගොඩ ගත යුත්තේ රාත්‍රී 2.38 ට බව ආරූඪ වී යකැදුරා විසින් පවසන ලද අතර ඔහු වත්තේ තැන තැන දුව පනිමින් ඊගහක්ද  ත්‍රිශූලයක්ද අතැතිව කෑ ගසමින් දුම්මල කීරි ගසමින් මතුරන අයුරු බියගන්වනසුළු විය. පසුව එක් තැනෙක නැවතී එම ස්ථානය හාරන ලෙස ගෝලයන්ට නියෝගකර පිරිසට ද ඈත්වී සිටින ලෙස උපදෙස් දුන්නේය. _


ගෝලයන් දෙදෙනා එම ස්ථානය අඩි 02ක් පමණ හාරා ඔවුන් ළඟ සඟවාගෙන තිබූ යමක් පස් සමඟ කලවම් කර යකැදුරාට පෙන්වීය. 


පසුව යකැදුරා ශබ්ද නගා මන්ත්‍ර ජපකරමින් එම ස්ථානයෙන් ඈත්වී සිටින ලෙස ගම්මුන්ට උපදෙස් දුන්නේය.


එසේ ජපකළ යකැදුරු තෙමේ අතින් හූනියම නොඅල්ලන ලෙසත් අතින් ඇල්ලුවොත් මිය යා හැකි බවත් පවසා ගිරයකින් එය අල්ලා ගැඹුරු දිය පහරකට විසිකළ යුතු බවත් පවසා එයද රැගෙන බෙරයට ද තඩිබාමින් මන්ත්‍ර ජපකරමින් ගඟක් අසලට ගියේය.


එම ස්ථානයට පැමිණි නාහෙට නාහන අයෙකු එම ගිරය උදුරා එහි තිබූ දේ දිගහැර බැලීය. එහි තඹ කොළයක ඔතන ලද පංචි බෙල්ලෙක් සහ පුවක් කැබැල්ලක් විය. 


මෙය දැක කුපිත වූ ගැමියෝ මේ කට්ටඩියන් සියලු දෙනාට හොඳහැටි ගුටි පූජාවකින් සංග්‍රහ කළ අතර ඔවුහු බෙරගෙඩිය ද කරේ එල්ලාගෙන ගෙජ්ජි සොලවමින් තොවිල් ඇඳුම් පිටින්ම පස්ස නොබලා දුවන්නට වූහ. කිසිවක් සොයා නොබලා හොරුන්ට රැවටෙන මෙවැනි මිනිසුන්ට මේවා හොඳ පාඩම් බව පවසමින් කොක්හඬලා සිනාසෙමින් ගැමියෝ නිවෙස් බලා පිටත්වූහ.
(රත්ගම විශේෂ.  ධර්මදාස සිරිවර්ධන) 



අදහස් (0)

හූනියම වැරැදී තොවිලය කනපිට හැරිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 788 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 918 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 379 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site