IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මීටරෙන් ආතල් ගන්න ගිහින් කූඩුවේ

කොරෝනා වයිරසය හේතුවෙන් රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙද්දී සිදුවූ දෙයකි. දුම්පානයට හුරුවූ මිතුරන් දෙදෙනෙකු නීතිය අකුරට ක්‍රියාත්මක කරමින් එක දුම්වැටිය පානය කළ ආකාරය පිළිබඳ පුවතක් බස්නාහිර පළාතේ කුඩා ඇලි සහිත ගමකින් වාර්තාවේ.


දුම්පානය සඳහා ඇබ්බැහිව සිටි මේ මිතුරන් දෙදෙනාගෙන් එක් මිතුරෙක් අනෙක් මිතුරා සොයායන්නේ දින කීපයකින් දුම්වැටියක් ඉරීමට නොහැකි වූ නිසාය.


සිය මිතුරා මුණ ගැසිණි. නැද්ද මොකුත් ඔහු විමසීය. එකක් තියනවා. මොකද කියන්නේ බොමුද, පත්තුකරපන් මොනව වුණත් කමක් නැහැ. සතියකින් විතර දුමක් නැහැ. පොඩ්ඩක් ඉන්න කී සගයා දුම්වැටිය පත්තුකර දුම් උගුරු දෙකතුනක් ඇද අනෙකාට දික් කළේය.


හා හා ළං වෙන්න එපා ‘‘මීටරයක් දුරින් හිටපන්’’ එසේ පැවසූ මිතුරා මීටරයක් පමණ දුරින් සිට අත දිගු කර දුම්වැටිය ගන්නට හදනවිටම පැමිණි පොලිස් රියකි. පැනගන්නටද වෙලාවක් නොවීය. දෙනොටම සිදුවූයේ පොලිස් කූඩුවේ ලගින්නටය.
සුමති කුඩලිගම

 



අදහස් (1)

මීටරෙන් ආතල් ගන්න ගිහින් කූඩුවේ

දිමුත් Wednesday, 01 July 2020 09:38 AM

අනුවණකම තමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site