(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
පෙරුම්කායම් රැගෙන යාමේ අදහසින් මාතර කොටුවේගොඩ පිහිටි සිංහල බෙහෙත් බඩු කඩයක් සොරුන් බිඳීමේ සිද්ධියක් මාතර ප්‍රදේශයෙන් වාර්තාවිය.


වෙනත් බෙහෙත් බඩු කිසිවක් හෝ කඩේ තිබූ මුදල් කිසිවක් රැගෙන ගොස් නොතිබුණු නිසා ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි නොකළ බවද ඔහු සදහන් කරයි.


උදෑසන එම වෙළදසල විවෘත කිරීමට පැමිණීමේ දී දොර ලෑල්ලක් කැඩී බිම වැටී තිබෙන අයුරු ඔහු දැක තිබේ. පසුව වෙළඳසල පරික්ෂා කිරීමේ දී කිසිවක් අඩු නොමැති බව හෙළි වී ඇත. එම නිසා පෙරුම්කායම් රැගෙන යාමේ අරමුණින් මෙම ක්‍රියාව කිසිවකු විසින් සිදු කරන්නට ඇති බව එම වෙළඳසලේ හිමිකරු වැඩි දුරටත් කීය.


කෙසේ වෙතත් ඒ වනවිට එහි තිබූ පෙරුම්කායම් විකිණී අවසන් වී තිබුණි.


කොරෝනා වෛරසය මෙරට පැතිරයන බවට තොරතුරු වාර්තා වීමත් සමග මාතර නගරයේ බෙහෙත් බඩු වෙළඳසල් ඉදිරිපිට දිගු පෝලිම් පැවතුණේය. මේ වනවිට නගරයේ කිසිදු වෙළඳසලක පෙරුම්කායම් නැත.