IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පියකු මිහිදන් කරන්න කැපූ වළේ ගරු බුහුමන් දක්වා නරියකු වළලලා

මියගිය තැනැත්තකු මිහිදන් කිරීමට කැපූ මිනී වළේ ආගමික වතාවත් සිදුකොට ගරු බුහුමන් දක්වා නරියකු වළ දැමීමේ පුවතක් ඉකුත් 7 වැනිදා පොල්පිතිගම නගර සීමාව අවට පොදු සුසාන භූමියකින් අසන්නට ලැබුණි. 
 
ප්‍රදේශවාසීන් පවසන ආකාරයට සිද්ධිය මෙසේය. 
 
මියගිය තැනැත්තා වියපත් විවාහක තිදරු පියෙකි. ඔහු මුලින් වැඩිමල් පුතාගේ නිවසේ වාසය කර තිබේ. පසුව ඔහු තම දියණියගේ නිවසට පැමිණ සිටියදී අසනීප වී කුරුණෑගල රෝහලට ඇතුළත් කොට ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගියදා මියගොස් ඇත. 
 
ඒ අනුව ඔහුගේ මෘත දේහය දියණිය ඇයගේ නිවසට ගෙනැවිත් ඇති අතර දේහය එහි තබා අවසන් කටයුතු ඉකුත් 7 වැනිදා සවස් යාමයේ සිදු කිරීමට සියල්ල සූදානම් කර තිබුණි. 
 
දියණියගේ නිවසේ පියාගේ දේහය තබා ඇතත් පියා එහි මරණාධාර සමිතියේ සාමාජිකයෙකු නොවන නිසා මරණාධාර සමිතියේ වරප්‍රසාද මියගිය පියාට අහිමි වුවත් ගම්වාසීන් ඒකරාශිව එදින හයසියයකට පමණ කෑම දීමට සූදානම් කොට මග දෙපස සරසා පොදු සුසාන භූමියේ දේහය මිහිදන් කිරීමට වළ පවා කපා අවසන් කර තිබුණි. 
 
අවසන් කටයුතු සිදුකිරීමට හෝරා කිහිපයක් තිබියදී පොල්පිතිගම පොලිස් වසමේ වෙනත් ගම්මානයක පදිංචි මියගිය පියාගේ වැඩිමල් පුත්‍රයා එහි පැමිණ පියා තම ගමේ මරණාධාර සමිතියේ සාමාජිකයෙකු බව පවසා එහි අවසන් කටයුතු ඉහළින් සිදුකිරීම සඳහා තනිමතයට දේහය රැගෙන ඔහුගේ නිවසට ගිය බව ප්‍රදේශවාසීහු පැවසූහ.
 
මෙම සිද්ධියෙන් අනතුරුව එම පියා මිහිදන් කිරීමට කැපූ වළ හිස්ව තැබීමට හොඳ නැති බවට ප්‍රදේශයේ වැඩිහිටියන් පැවසීම නිසා දෙගිඩියාවෙන් සිටින අතරවාරයේ එම ස්ථානයෙන් පාර මාරුවීමට ගිය නරියකු යතුරුපැදියක ගැටී මරණයට පත්ව තිබේ.
 
ඒ අනුව ප්‍රදේශවාසීහු නරියා සුදු රෙදිවලින් ඔතා රැස්ව සිටි ගිහි පිරිස් එක්ව ආගමික වතාවත් සිදුකොට ගරු බුහුමන් දක්වා සෙනසුරාදා සවස් යාමයේ එම වළේ තබා මිහිදන් කළ බව ප්‍රදේශවාසීහු පැවසූහ. 
 
පියාගේ අවසන් කටයුතු පුතා ඇතුළු එම ගම්මානයේ පිරිස් එක්ව පවුලේ සුසාන භූමියේදී පෙරේදා (8) ඉරිදා සවස් යාමයේ දී සිදු කර තිබේ. (මොරගොල්ලාගම සිසිර කැලේගම)



අදහස් (5)

පියකු මිහිදන් කරන්න කැපූ වළේ ගරු බුහුමන් දක්වා නරියකු වළලලා

Bamunuarachchi Tuesday, 10 December 2019 05:52 AM

යකෝ ලංකාවත් මහා අරුම පුදුම රටක්.

:       13       12

sunil Tuesday, 10 December 2019 11:41 AM

මෝඩ මිත්‍යාවෙන් මේ රට කවදා ගැලවේද?

:       0       5

Perera Wednesday, 11 December 2019 02:32 AM

නරින්ට ඡන්දෙ දීලා පාර්ලිමේන්තු අරින්න පුළුවන් බූරුවන් නරියෙකුට ගරුබුහුමන් දීලා මිහිදන් කරන එක පුදුම වෙන්න දෙයක්ද ?

:       1       105

jayantha Thursday, 12 December 2019 02:12 AM

පෙරේරාගේ කතාව හරියට හරි...

:       1       0

beau Thursday, 12 December 2019 02:20 PM

නරියා නම් මැරුණත් වාසනාවන්තයි. පින් කරපු එකෙක්.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site