IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කන්ද කඩා වැටුණයි විලාප දීලා

(වියලුව වාර්තාකරු)
තම නිවස පිටුපස කඳුවැටිය නාය යතැයි බියෙන් පසුවූ පුද්ගලයකු යාබද ඉඩමකවු ගල් වැඩපොළක  ගලක් පිපිරවීම සඳහා දැමූ ගල් වෙඩිල්ලකට බියවී අඹුදරුවන් ද ඇදගෙන මහපාරට දිව යාමේ පුවතක් ලංකාදීපයට   වාර්තා වේ.


 සිද්ධිය මෙසේය.


ඔහු රට තොට සිදුවන දෑ පිළිබඳ බොහෝ විමසිල්ලෙන් සිටි අයෙකි.


 මේ   දිනවල  ඇදහැලෙන වර්ෂාවත් සමග ඇතිවී තිබෙන අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රදේශයේ බොහෝ ස්ථානවල සිදුවන නායයාම්  නිරන්තරයෙන් අසන්නට ලැබීම නිසා ඔහු රාත්‍රී කාලයේ පමණක් නොව දිවා කාලයේ පවා පසුවූයේ දැඩි   විමසිල්ලෙනි.


 නිවස    පිටුපස පිහිටි විශාල වේල්ල තම නිවෙස මතට   කඩා වැටෙතැයි දැඩි බියකින් පසු වූ හෙතෙම දිනකට කීප වරක් ගොස් එය නිරීක්ෂණය කළේ නිවසේ සෙසු පිරිසට ද හිරිහැරයක් වන පරිද්දෙනි.


 පසුගිය දිනෙක ඔහුගේ නිවෙසට තරමක් දුරින් පිහිටි ප්‍රදේශයක පිහිටි ගල් වැඩපලක ගලක් පිපිරවීම සඳහා වෙඩි කීපයක් දමා ඇති අතර නාය යාම සිහි කරමින් නිවස තුළ  අඩ නින්දේ පසු වූ ඔහු කිසිත් සොයා නොබලා නිවස පිටු පිටුපස නාය  යාමක් සිදු වන බව පවසමින් අඹු දරුවන්ද ඇදගෙන මහපාරට දිව දිව ගොස් ඇත්තේ අසල්වැසියන්ටද    ඇසෙන ලෙස මර   ළතෝනි දෙමිනි.


 මහ දවාලේ අසල්වැසියකු ගෙන් පිටවන මෙම විලාපය කුමක්දැයි දැකගැනීමට අවට නිවැසියෝ ද මහපාරට දිව ආවේ ලී පොලු_ කැති පිහි ආදියද අමෝරාගෙනය.


  දෙපා වෙව්ලමින් ඔහු අසල්වැසියන්ට සිද්ධිය විස්තර කළේ වහාම හදිසි දුර දුරකථන අංකයකට කතා කර තම නිවස පිටුපස සිදුවන නාය යාම පිළිබඳ අදාළ අංශ දැනුවත් කරන ලෙස ඉල්ලමිනි.


  කෙසේ වෙතත් ගල් වැඩපොළෙන් නිකුත්වූ වෙඩිල්ල කන වැකුනු   ගැමියන් කීප දෙනෙකු  සිනහ මුහුණින් කියා සිටියේ එය නායයාමක් නොව අල්ලපු ගල්  වැඩපොළේ සිදු කළ පිපිරීමක් බවය.


 දෙනෙත් බිමට හරවාගෙන නිවැසියන්ද සමග ඔහු නිවෙස වෙත එද්දී ‘මේ මිනිහට නං හොඳටම පිස්සුයැයි ඔහුගේ බිරිය අසල්වැසියන්ට ද ඇසෙන පරිද්දෙන් කියා සිටියේ’ එතෙක් හිරකරගෙන සිටි දැඩි කෝපය පිට කරමිනි.
සිද්ධීයෙන් පසුව කඩ පොළට යද්දී “ මාම ආයෙ නාය ගියේ එහෙම නැද්ද” යැයි කොල්ලන් අසද්දී හොඳවායින් දෙසන බවද ගම්මු කියති.

 



අදහස් (0)

කන්ද කඩා වැටුණයි විලාප දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 61 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site