(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
වට අඩි පහළොවකින් යුත් අඩි හතළිහක් උස පුවක් ගසක අතු කපා ඉවත් කරන ලෙස ගම්වැසියකුට නියෝග කිරීමේ සිද්ධියක් පසුගියදා බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතනයකින් වාර්තා විය.
ගම්වැසියකු පළාත් පාලන ආයතනයකට පැමිණිලි කර තිබුණේ තමන්ගේ නිවසට යන එන මාර්ගයට අවහිර වන පරිදි වෙනත් ඉඩමක ගස් කිහිපයක් ඇති බවටයි. ඒ අනුව ප්‍රදේශයේ පළාත් පාලන ආයතනය මේ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව වගඋත්තරකරුට නියෝගාත්මක ලිපියක් යවනු ලැබීය. මිල්ල, නැදුන්, අඹ හා මහෝගධෑ ගස් පහක් හා පුවක් ගසක් ගැන එහි සඳහන් විය.
පුවක් ගස වට අඩි පහළොවකින් යුත් බව ලිපියේ පැහැදිලිව සඳහන් වූ අතර අනෙක් ගස් වට අඩි තුනේ සිට අඩි හතරහමාර දක්වා වන බව ද එහි දැක්විණි. ලිපියේ සඳහන් ගස් හා අතු මෙම ලිපිය ලැබී දින දාහතරක් ඇතුළත කපා ඉවත් කරන ලෙසට නියෝග කරනු ලැබ තිබූ අතර එසේ කිරීමට අපොහොසත් වුවහොත් පළාත් පාලන ආයතනයේ වියදමින් කපා ඉවත් කර අලාභය පියවා ගන්නා බවට ද අනතුරු අඟවා ඇත. මෙම ලිපිය ලද පසු ඉඩම් හිමියා වික්ෂිප්ත විය. මිල්ල, නැදුන්, අඹ හා මහෝගධෑ ගස් ගැන ගැටලුවක් නැත. කරදර බව කියනවා නම් කපා දැමිය හැකියි. එහෙත් වට අඩි පහළොවක පුවක් ගසක් තමන් අසාවත් නැත.
අසා තිබුණත් පුවක් ගසක කපන්න අතු නැත. එමෙන්ම කැපිය යුතු බව කියන ගස් පිහිටා ඇත්තේ ද වැට මායිමේ සිට අඩි 13 සිට අඩි 35ක් තරම් දුර පරාසයක වීමද විශේෂත්වයකි. උභතෝකෝටික ගැටලුවකට මුහුණ පෑ ඉඩම් හිමියා නියෝගය පරිදි කැපිය යුතු වට අඩි පහළොවක පුවක් ගස සොයමින් තැන තැන රස්තියාදු වෙමින් සිටින අතර සාමාන්‍ය දැනීමක් නැති නිලධාරීන් මෙන්ම දේශපාලකයන් සිටින රටකට අබ සරණක් වත් නැති බව ජනතාව පවසති.
COMMENTS
මේ ප්‍රශ්නය ඇති වුනේ අඟල් වෙනුවට අඩි කියලා ලියවීම නිසා බව තේරුම් නොගෙන ඉන්න අයටත් අබ සරණම තමයි.
අපේ ගම්වල ඉන්නේ අනුන්ගේ වත්තක ගහක් දැක්කත් ඉරිසියාවෙන් පෙලෙන අයයි.
මේකේ පටලැවිල්ලක් තියෙනවා. කෙසේවෙතත් දැන් ඉන්න ළමයින්ට සාමාන්‍ය දැනීමක් නෑ.. පොතේ ගුරාලා ඉන්නේ... මෙරටට මෙහෙම වෙන්න ප්‍රධාන හේතුවක් තමයි මේ විභාග ක්‍රමය ගිරව් වගේ පාඩම් කරලා ගොඩ දාගන්නවා. මහපොළවේ තියෙන කිසිදෙයක් ගැන අවබෝධයක් නෑ...