IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ෆොන්සේකා අත් අඩංගුවට

2010 ජනාධිපතිවරණයෙන් පස්සේ ටික දවසක් දේශපාලන නිශ්ශබ්දතාවක් රටේ පැවතුණේ. ඔය අතරේ සරත් ෆොන්සේකාට ආරක්‍ෂාව දුන් හමුදා කණ්ඩායම් අත්අඩංගුවට ගත්තා. එක්සත් ජාතික පක්‍ෂයට ලොකු හිරිහැර සිද්ධ වුණේ නෑ. අපි ඊළඟට මොකද කරන්නේ කියලා සාකච්ඡුා කරන්න රැුස්වීම් ගණනාවක් පැවැත්වූවා. ඒ සාකච්ඡුාවලට අපි සරත් ෆොන්සේකාගෙ ගෙදර ගියා. එළියෙදී හමුවෙන එක ඒ තරම් යහපත් නෑ කියලා අපිට තේරුණා.


මේ සාකච්ඡුා විවිධ පාර්ශ්ව එක්ක සරත් ෆොන්සේකා පැවැත්වූවා. ඒ සාකච්ඡුාවට සහභාගි වුණේ සරත් ෆොන්සේකාට සහය දුන්නු පක්‍ෂවල නායකයින්. ඒකට එක්සත් ජාතික පක්‍ෂයේ කවුරුවත් එදා සහභාගී වුණේ නෑ මොකක් හරි හේතුවක් නිසා. අනෙක් පක්‍ෂ නායකවරු සහභාගි වුණා. රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, වමේ පක්‍ෂවල නායකයින් එහෙම තමයි මේ සාකච්ඡුාවට සම්බන්ධවෙලා තිබුණේ. ඊළඟට කරන දේශපාලන වැඩ පිළිවෙළ මොකක්ද කියලා තමයි ඒ සාකච්ඡුාවේදී කතාබහ කරලා තිබුණේ. 


විශේෂයෙන් ඊළඟ මහ මැතිවරණයට මුහුණ දෙන්නේ කොහොමද කියලා තමයි ඒ අය කතා බහ කරල තිබුණේ. බොහෝ දෙනාගේ ඉල්ලීමක් තිබුණා. සරත් ෆොන්සේකා හංසයා ලකුණෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන්න  ඕනෑ කියලා. එක්සත් ජාතික පක්‍ෂය නම් ඒ අදහසට කැමති වුණේ නෑ. මම ඒකට තදින්ම විරුද්ධ වුණා. මොකද අපේ අනන්‍යතාවම කැඩෙන්න පුළුවන් ඒ වැඩෙන් කියලා මම දිගට කිව්වා. අපි පාර්ලිමේන්්තුවට හංසයා ලකුණින් තරග කළත් ඉදිරියේදී යම් යම් ගැටලූ මතුවෙන්න පුළුවන්. එතකොට ඒ අය පක්‍ෂයට වගකියන එක පිළිබඳවත් ප‍්‍රශ්නයක් එනවා. ඒකෙන් සාමූහිකත්වය පිළිබඳ ගැටලූ වගේම විනය පියවර ගැනීමේදී ප‍්‍රශ්න ඇතිවෙන්න පුළුවනි.

 

 

අපි යෝජනා කළේ සරත් ෆොන්සේකටත් එක්සත් ජාතික පක්‍ෂයෙත් පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන්න කියලා. අපි සූදානම් වුණා එයා ඉල්ලන  ඕනෑම දිස්ත‍්‍රික්කයකින් තරග කරන්න ඉඩ දෙන්න. අපි ජනතා විමුක්ති පෙරමුණටත් ආරාධනා කළා. එක්සත් ජාතික පක්‍ෂය යටතේ තරග කරන්න කියලා. ඒ අය ඒකට අකමැති වුණා. ඒ අයගෙ යෝජනාව හංසයා ලකුණෙන් ඉල්ලන්න  ඕනෑ කියලා. අපි ඒකට අකමැති වුණා. රනිල් වික‍්‍රමසිංහ නායකතුමාත් ඒකට කැමති වුණේ නෑ.


මේ විදියට පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳ සාකච්ඡුාවකට තමයි රවුෆ් හකීම්ලා ඇතුළු පිරිස එදත් රාජකීය මාවතේ සරත් ෆොන්සේකා හිටපු තැනට රැුස්වෙලා තිබුණේ. ඔය කියන දවසේ හවස රනිල් වික‍්‍රමසිංහ එකපාරට මට කතා කරලා ගෙදරට එන්න කියලා කිව්වා. මම විනාඩි දහයකින් විතර ගියා. ඒ නිසාම රනිල් වික‍්‍රමසිංහ මට කිව්වා. ‘‘ලොකු ප‍්‍රශ්නයක් වෙලා තියෙන්නේ සරත් ෆොන්සේකා ඇරෙස්ට් කරල කියලා. ඒත් කවුරුවත් දැනගෙන හිටියේ නෑ. සරත් ෆොන්සේකා කොතනට ද අරන් ගිහින් තියෙන්නේ කියලා. රනිල් වික‍්‍රමසිංහයි මමයි දෙන්න එවෙලෙමෙ ගියා රාජකීය මාවතේ සරත් ෆොන්සේකා ඉඳපු තැනට. අපි යනකොට ආරක්‍ෂක අංශවල අය පිරිලා කාටවත් ළඟට යන්න දෙන්නේ නෑ. අපි ළඟට ගිහින් ඒ අයගෙන් ඇහුවා මොකක්ද සිද්ධ වුණේ කියලා. ඒ අය කිව්වා සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගත්තා කියලා. ඒ කවුරුවත් දැනගෙන හිටියෙත් නෑ කොතනටද අරගෙන ගියේ කියලා. අපි ගොඩක් උත්සාහ කළා සරත් ෆොන්සේකා කොහාටද අරගෙන ගියේ කියලා හොයා ගන්න. අපිට පැය ගණන් යනතුරු හොයා ගන්න බැරි වුණා. ඔහුව කොහාටද ගෙනිච්චේ කියලා. 

 

තව කොටසක් ලබන සතියට 

 

 

ප‍්‍රියන්ත
කොඩිප්පිලි



අදහස් (0)

ෆොන්සේකා අත් අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 536 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 483 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site