IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


‘‘පසුගිය වසරේ තේ කම්හල් 63 ක් වැහිලා‘‘

(විජේරත්න රත්නායක )

ගිය වසරේ ලංකාවේ තේ කර්මාන්ත ශාලා 63 ක් වැසී ගොස් ඇති බවත් තවත් කර්මාන්ත ශාලා 50 ක් පමණ වැසීයාමට ආසන්නව ඇති බවත් කුඩා තේ වතු සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

බදුල්ල තැපැල් සංකීර්ණ ශ්‍රවනාගාරයේදී අද (13) පැවැති බදුල්ල දිස්ත්‍රික්කයේ කුඩා තේවතු හිමියන් දැනුවත් කිරීමේ රැස්වීමකදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පසුගිය රජයේ අත්තනෝමතික කටයුතු හේතුවෙන් ලංකාවේ තේ කර්මාන්තය මේ වන විට ඉතා කණගාටුදායක තත්වයකට පත්ව අති බවත් ඒ මහතා කීය.

මෙහිදී කුඩා තේ වතු හිමියන් 500 දෙනෙකුට අවශ්‍ය ආවුද හා උපකරණ රාශියක්ද බෙදාදුන් අතර පසුගිය රජය මිලදීගෙන තිබූ එම උපකරණ මිලදී ගැනීමේදී බරපතල මූල්‍ය දූෂණ හා අක්‍රමිකතා රැසක් සිදුවී ඇතැයිද පසුගිය මාර්තුවල සිට තේ වගා සහනාධාර මුදල් ගෙවා නොමැති අතර ඒ මුදල් යොදවා පසුගිය ජනාධිපතිවරණයේදී බෙදීමට මෙම බඩු මිලදී ගෙන ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

එසේම වෙළඳපොලේ රුපියල් 1200 කට අඩුවෙන් ලබාගත හැකි මුල්ලුවක් රුපියල් 2750 බැගින් මුල්ලු 11000 ක් මිලදීගෙන ඇති බවත් වතුර මෝටර් 6000 ක් සහ දියර ඉසින යන්ත්‍ර 4500 ක් මිලදී ගෙන ඇති අතර ඒවා මිලදීගැනීමට හේතුව කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය හෝ නොදන්නා බවත් ඡන්ද කාලයේ නුවරඑළිය ප්‍රදේශයේ එළවළු ගොවීන්ට බෙදාදීමට ඒවා මිලදී ගන්නට ඇති බවත් ඒ මහතා පැවසීය.

මේ වන විට ඇතැම් වැවිලි සමාගම් තේ වගාවෙන් ඉවත්ව වෙනත් වගා හෝ වෙනත් කර්මාන්ත කරා යොමුවන බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා, තව දුරටත් තේ වගාවට යොමු නොවන, තේ කර්මාන්ත ශාලා තව දුරටත් වසා තබන සමාගම් කීපයක් හෝ රජයට පවරාගෙන එම සමාගම් සතු ඉඩම් කුඩා තේ වතු හිමියන්ට බෙදා දීමට තීරණය කර ඇතැයිද සඳහන් කළේය.

පසුගිය රජය වර්ෂ 2017, 2018, 2019 යන වර්ෂයන්හිදී පොහොර සමාගම්වලින් ගත් පොහොර සඳහා රුපියල් කෝටි 230 ගෙවා නැතැයිද එම රජය ප්‍රමුඛත්වය දුන්නේ පොහොරවලට ගෙවීමට ඇති බිලියන 23 ගැන නොව වාහනවලට ගෙවීමට ඇති බිලියන 28 ගැන බවද වැඩිදුරටත් පැවසීය.



අදහස් (2)

‘‘පසුගිය වසරේ තේ කම්හල් 63 ක් වැහිලා‘‘

Perera Friday, 14 February 2020 01:50 AM

කම්හල් වැහෙනවා විතරක් නොවේ, දැනට ලෝකයේ තේ වල නිෂ්පාදන පිරිවැය වැඩිම රට ලංකාව. තේ නිෂ්පාදනෙන් ලෝකේ අංක 1ට හිටපු ලංකාව අද අංක 4ට වැටිලා. ඉන්දියාව, චීනය සහා කෙන්යාව ලංකාවට ඉදිරියෙන් සිටිනවා. මේ රටේ දේශපාලුවන් රටයි රටේ කර්මාන්තයි විනාශ කරනවා. රටේ මිනිස්සු උන්ටම ඡන්දෙත් දෙනවා.

:       0       0

denin Tuesday, 18 February 2020 05:22 AM

මේ අර අක්කර 50 වැඩි ඉඩම් රජයට පවරාගැනීමේ ප්‍රතිපල තමයි. වත්තක් අයිතිකාරයට වඩා උන්නදු වෙනවද වෙන කෙනක් ඒ වත්ත වැඩි දියුණු කරන්න. ඒ වගේම ඒවා ගැන දැනුමකුත් තිබිය යුතුයි. ඉස්සරනම් පාර්ලිමේන්තුවේ වැඩිය හිටියෙත් ඉඩම් හිමි වැවිලිකරුවෝ. ඒ අයට වන විනාශකරන්නන් කියා චෝදනා තිබුනෙත් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 162 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 234 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1103 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site