IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක්

(මුදිතා දයානන්ද)
        
විදේශ සංචාරකයින් 143,187 ඉකුත් මාසයේදි පැමිණ ඇති අතර එය ජුලි මාසයට වඩා 27,486 ක වැඩිවීමක් බවද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති යොහාන් ජයරත්න මහතා අද (04) පැවසීය. 
 
පසුගිය කාලයේ සිදු වු සංචාරක කර්මාන්තයේ කඩාවැටීම යළි ගොඩනැගෙමින් තිබෙන බවද ඔහු පැවසීය.
 
අප්‍රේල් 21 පාස්කු දින ප‍්‍රහාරයෙන් පසු සංචාරකයින්ගේ පැමිණීම ශීඝ‍්‍රයෙන් අඩුවූ අතර ඒ තත්ත්වය තුළ සංචාරකයින්ගේ පැමිණීම මැයිවලදී 70.8%කින් අඩුවූ බවද ඔහු පැවසීය. මේ වන විට සංචාරකයින්ගේ පැමිණිමේ අඩුවීම 28%ක් දක්වා පහළ බැස ඇති අතර එය සංචාරක කර්මාන්තයට සුභ ලකුණක් බවද එයින් සංචාරකයින්ගේ පැමිණීම යළි ක‍්‍රමයෙන් ඉහළ නැංවීමක් පෙන්නුම් කරන බවද ජයරත්න මහතා වැඩිදුරටත් පැවසීය.     
 
පසුගිය මාසය තුළ මෙරටට පැමිණි විදේශ සංචාරකයින් වැඩිදෙනෙකු ඉන්දියාව, එක්සත් රාජධානිය, චීනය, ජර්මනිය, ප‍්‍රංශය, ඔස්ටේ‍්‍රලියාව, එක්සත් ජනපදය, ස්පාඤ්ඤය, කැනඩාව යන රටවලින් පැමිණි සංචාරකයින් බවද ජයරත්න මහතා එහිදි පැවසීය.  
        
ජයරත්න මහතා මෙසේ පැවසූයේ සංචාරක අමාත්‍යංශය, කොල්ලූපිටිය හෝටල් පාසලේදි පැවත්වූ මාධ්‍ය හමුවකදීය.



අදහස් (4)

සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක්

Anura Wednesday, 04 September 2019 02:28 PM

තායිලන්තයේ බැංකොක් නුවරට වසරකට කෝටි 2ක් සංචාරකයෝ එනවා... නමුත් මුළු ලංකාවටම වසරකට එන්නේ ලක්ෂ 20ක් වගේ ගානක්... මේ තත්වය මෙයිට වඩා වර්ධනය වෙන්නේ නැහැ රටතුළ වෙනස්කම් ගොඩක් සිදුකලේ නැත්නම්.., එකක් අපේ හෝටල්වල අය කරන ගාස්තු කලාපයේ අනෙක් රටවල්වලට වඩා හොඳටම වැඩි (කිසිම හේතුවක් නැතිව)... අනික පෞරාණික නටබුන් තිබෙන ප්‍රදේශවලට ඇතුල්වීමට විදේශිකයින්ගෙන් අයකරන ගණන් හොඳටම වැඩි (තායිලන්තයේ වගේ 5 ගුණයක් වැඩි)... අනික කෑමවල විවිධත්වය (කොළඹ වගේ නගරයේ පාරක ගියොත් විදේශිකයින්ට රසට කන්න තියන තැන් ඉතාම අල්පයි, කෑමවල කිසිම විවිධත්වයක් නැහැ.. පිරිසිදු නැහැ.) අන්තිම එක ප්‍රවාහන පහසුකම්...

:       1       50

dumindaFriday, 06 September 2019 05:10 AM

තායිලන්තයට වැඩිපුර කට්ටිය යන්නේ ඇයි කියල දන්නවනේ ... ලංකාවට කවදාවත් එතනට එන්න බෑ, නමුත් අපේ පරිසරය පුරාවස්තු මීට වඩා මාර්කට් කරන්න පුළුවන්

:       23       1

asela Tuesday, 10 September 2019 02:01 PM

ඔබ හරියටම හරි. කරුණාකර මෙවදන් SLTDB වල ඉන්න කට්ටියට කියා යවන්න.

:       0       11

Chaminde Hewavithrana Thursday, 05 September 2019 09:10 AM

අනුර මා ඔබ සමග සියයට දෙසීයක් එකඟ වෙනවා ඉහත විස්තරයට අදාලව

:       1       23

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 220 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 971 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site