(ටී. කේ. ජී. කපිල )
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය මගින් ඉදිරිපත් කළ වීඩියෝ පට තුනකට ජාත්‍යන්තර තරු සම්මාන ත්‍රිත්වයක් දිනා ගැනීමට සමත්ව තිබේ .
'ගෝල්ඩන් සිටි ගේට්ස්' නැමැති ලොව විශාලතම වෙළඳ සංචාරක ප්‍රදර්ශනය 19 වැනි වරටත් ජර්මනියේ බර්ලින් නුවර පවත්වා තිබේ.
එහිදී ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඉදිරිපත් කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රවර්ධන වීඩියෝව, ඉන්දියාව මූලික කර ගනිමින් සිදු කළ රූපවාහිනී සිනමා දැන්වීම සහ 2018 ඕස්ට්‍රේලියාවේ මෙල්බන් මැරතන් තරගය සඳහා නිර්මාණය කළ වීඩියෝව මෙසේ ජාත්‍යන්තර තරු සම්මාන ත්‍රිත්වය දිනූ නිර්මාණ වේ.
මීට පෙර අවස්ථා දෙකකදී ද මේ ආකාරයට ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඉදිරිපත් කළ නිර්මාණශීලී වීඩියෝ පට සදහා ජාත්‍යන්තර තරු සම්මාන හිමි වී තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුටුයි නමුත් තව දෙයක් කරන්න බලන්න කිසි වැඩක් නොකර පින් පඩියක් ගන්න ඉහල නිලධාරීන් පන්නලා රටට ආදරය කරන අවංක නිලදාරී පිරිසක් සේවයට ගන්න