(තිළිණි ද සිල්වා)
ඉන්දු-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ කෘෂි නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාවට ලබා දී ඇති සුවිශේෂී තීරුබදු සහන සැලකිල්ලට ගෙන, භාවිතයට නොගත් අපනයන අවස්ථා උපයෝගී කරගෙන අලිගැට පේර සහ පැෂන් ෆෘට්වලට අමතරව අඹ (ඉන්දියාවේ අවාර කාලය තුළ දී), රඹුටන්, කටු අනෝදා යනාදී නිෂ්පාදන ශ්‍රී ලංකාවෙන් අපනයනය කිරිමට ශ්‍රී ලංකා සමාගම්වලට අවස්ථාව ලැබී ඇතැයි මුම්බායි හී ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය කියා සිටී.
ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදන ඉන්දියානු වෙළඳපොළට ප්‍රවර්ධනය කිරීම හා විවිධාංගීකරණය කිරීම යටතේ මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සහ ලංකා වාණිජ මණ්ඩලය එක්ව පැවත්වූ ව්‍යාපාර අතර අන්තර්ජාලය හරහා පැවති රැස්වීමක් අතරතුරදී සාකච්ඡා කර මෙම අවස්ථාව උදාකර දී තිබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පළතුරු හා එළවළු අපනයනකරුවන් 5දෙනෙකු වන සීආර් එක්ස්පෝර්ට්ස් ප්‍රයිවට් ලිමිටඩ් , ඩිවෙලොප්මන්ට් ඉන්ටර්ප්ලෑන් සිලෝන් ප්‍රයිවට් ලිමිටඩ්, ෆෝබ්ස් ඇන්ඩ් වෝකර් ෆයින් ෆුඩ්ස් ප්‍රයිවට් ලිමිටඩ් ,එච්.ජේ.එස්. කොන්ඩිමන්ට්ස් ලිමිටඩ් , ජැග්‍රෝ පුද්ගලික සමාගම සමාගම සහ මුම්බායිහි නැවුම් පළතුරු ආනයනකරුවන් වන ඉන්දියාවේ ඉහළ පෙළේ සුපිරි වෙළඳසැල් දාම 3ක්; නේචර්ස් බාස්කට්; මෝ රීටේල් සහ ස්ටාර් බසාර් ඇන්ඩ් ඊස්ට් වෙස්ට් ඇග්‍රෝ අතර අන්තර්ජාලය ඔස්සේ ව්‍යාපාර රැස්වීම් 20 ක් පැවැත්විණි.
මෙම රැස්වීම්වල දී නියෝජනය වන සුපිරි වෙළඳසැල් සමූහ, ඉන්දියාව පුරා ව්‍යාප්ත විය හැකි අන්දමේ ඉහළ පෙළේ පාරිභෝගික නිෂ්පාදන අලෙවිසැල් වේ. කීර්තිමත් සමාගම් සමූහයක් වන ආර්පීඑස්ජී සමූහයට අයත් නේචර්ස් බාස්කට් හි මුම්බායි, පූනේ සහ බැංගලෝරයේ විවිධාකාර භාණ්ඩ පරාසයක් ද සහිතව අසල්වාසීන්ගේ පහසුව සලසන වෙළඳසැල් 36 කට අධික ප්‍රමාණයක් ඇත. ටාටා ඇන්ඩ් ටෙස්කෝ සමාගම්වල හවුල් ව්‍යාපාරයක් වන ස්ටාර් මාකට්, මුම්බායි, පූනේ, බැංගලෝර්, කොල්හාපූර් සහ හයිද්‍රාබාද්හි වෙළඳසැල් 48 කින් පෙනී සිටී. ඉන්දියාවේ සිව්වන විශාලතම සුපිරි වෙළඳසැල් දාමය වන මෝ රීටේල් හි හිමිකාරීත්වය ඇමේසන් සහ සමාරා කැපිටල් පුද්ගලික සමාගම සතු වේ. මෝ රීටේල් විසින් හයිපර්මාර්ට් සහ සුපර්මාර්කට් වශයෙන් වෙළඳසැල් වර්ග දෙකක් ඉදිරිපත් කර ඇත. නවදිල්ලිය, කොල්කටා, හයිද්‍රාබාද්, බෙංගාලුර්, තානේ යන ප්‍රදේශවල හයිපර්මාර්ට් 22 ක් මෙම සමාගම සතුව පවතින අතර, ඉන්දියාව පුරා සුපිරි වෙළඳසැල් 651 ක් පවත්වාගෙන යයි. මුම්බායි හි නැවුම් පළතුරු ආනයනකරුවෙකු වන ඊස්ට් වෙස්ට් ඇග්‍රෝ දශකයකට වැඩි කාලයක් තිස්සේ කෘෂි නිෂ්පාදන වෙළඳාමෙහි නිරතව සිටී.
විශේෂයෙන් පවතින කොවිඩ් වසංගතය පිළිබඳ වාතාවරණය තුළ අසල්වැසි රටවල් දෙක අතර වැඩි ව්‍යාපාර ප්‍රමාණයක් උත්තේජනය කිරීම සඳහා දැරූ ඒකාබද්ධ උත්සාහය පිළිබඳව, ඉන්දියානු සහ ශ්‍රී ලාංකික සහභාගීවන්නන් අගය කළහ. දෙරට අතර සමීප පිහිටීම සහ දේශීය ඉල්ලුම සපුරාලීම සඳහා ඉන්දියාවේ අලිගැට පේර සහ පැෂන් ෆෘට් ප්‍රමාණවත් නොවන බැවින් ඉන්දියාව ලතින් ඇමරිකාවෙන් සහ යුරෝපයෙන් අලිගැට පේර ආනයනය කරන අතර, දකුණු අප්‍රිකාවෙන් පැෂන් ෆෘට් ආනයනය කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේන් කියලා ගනියි කිරි සමග බත් කන ඉන්දියන් කාරයෝ...
ලංකාවේ මොනවද ඉන්දියාවට විකුණන්නේ නැත්තේ තවම ලංකාවේ ගැහැණු ටික විතරයි ඉන්දියාවේ ගෙවල්වල වැඩකාරකමට පිටත් නොකළේ...
ලංකාව ඉන්දියාවට අපනයනය කරන ප්‍රමාණයට වඩා ඉතා වැඩි ප්‍රතිශතයකින් ඉන්දියාවෙන් ලංකාවට භාණ්ඩ සහ ආහාර වර්ග අපනයනය ලබයි. මෙයින් වෙළඳ වැඩිවාසිය ඇත්තේ ඉන්දියාවට නිසා ලංකාවේ කෘෂිකර්මික බෝග නොව අනෙකුත් කාර්මික නිෂ්පාදන ඉන්දියාවට අපනයනය කොට අඩුතරමින් ආනයන අපනයන තුලිතතාවය පවත්වා ගැනීම රටට ආර්ථික වශයෙන් ඵලදායී වේ. එසේ නැතුව නිදහස් වෙළඳ ගිවිසුම වලින් රටට ගත හැකි වෙළඳ වාසි මොනවාද? ඉදිරි අනාගතයේදි මෙවැනි වෙළඳ ගිවිසුම් පවත්වා ගෙන ඇති වෙනත් රටවල් පිළිබඳව නැවත විශ්ලේෂණය කොට එමගින් රටට ඵලදායී ලෙස වෙළඳ කටයුතු සැලැස්මක් ඇතුව පවත්වා ගැනීමෙන් රටට වැඩිවාසි අත්පත් කරගත හැක. රට වැසියා පෝෂ්‍යදායි ආහාර අනුභව කොට ශක්තිය හා බුද්ධිය වර්ධනය කොට වැඩි ලාභ ලබන නිෂ්පාදන කෙරෙහි යොමුවිය යුතුයි.
හරි... අපි දැනුවත් වුණා. රැවටෙන්නම්කෝ මේ පාරත්. ඔයාලා සතුටින් ඉන්නකෝ.
ලංකාවෙන් අප්‍රිකාවට පරණ වාහන අපනයනය කරන්න රවී කරුණානායක යෝජනා කළා. මේකත් එවැනි යෝජනාවක්...