IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ගුවන් ප්‍රවේශපත් මිලදී ගැනීමේදී සියයට 40ක-සියයට 25 ක විශේෂ වට්ටම්

ශ්‍රී  ලංකන් ගුවන් සේවයේ  නිල වෙබ් වන  www. srilankan. com යන වෙබ් අඩවිය මඟින් සෘජුවම  ගුවන් ප්‍රවේශපත්‍ර මිලදී ගන්නා පාරිභෝගිකයන් වෙනුවෙන් “ට්‍රැවල් ෆෙස්ට්” දීමනාව හරහා  ව්‍යාපාරික  පන්තිය වෙනුවෙන්  40%  ක්  සහ පිරිමැසුම් පන්තිය වෙනුවෙන්  25% ක දීමනාවක් ලබා දීමට කටයුතු යොදා තිබේ. 

මෙම දීමනාව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිල වෙබ් අඩවිය වන www.srilankan.com මගින් පමණක් ඔක්තෝබර් මස 7 වැනිදා  සිට ඔක්තෝබර් මස 11 වැනිදා   තෙක් ලබා ගත හැකිය. 

ගුවන්  ප්‍රවේශ  පත්‍ර  වෙන්කරවා  ගන්නා  පාරිභෝගිකයින්ට  2019 නොවැම්බර් මස 01  දා  සිට නොවැම්බර් මස 30 වැනිදා  අතර කාලයේ    ඕනෑම වේලාවක ලොව පුරා සංචාරය කිරීමේ අවස්ථාව ලැබෙයි.

දකුණු ආසියාව, ඈත පෙරදිග, මැදපෙරදිග, ඕස්ට්‍රේලියාව සහ එක්සත් රාජධානිය ඇතුළු රටවල්  22 ක ගමනාන්ත  37 ක්  මෙම  දීමනාව  සමඟ ,  ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සෘජු මාර්ග ජාලයට අයත්  ගුවන් ගමන් සඳහා වලංගු වන  වන බව  ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කරයි.

ඊට අමතරව මෙම පහසුකම අත්විඳින සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවයේ නවීන ගුවන් යානා සමඟ ගමන් කළ හැකි අතර එහි ව්‍යාපාරික පන්තියේ සුවපහසු නිදන ආසන සහ ලෝකයේ උසස්ම සේවාව ඇතුළු නවීන තාක්ෂණයෙන් යුත් විනෝදාස්වාදය ලබා ගැනීමේ පහසුකමද  හිමිවනු ඇත. 

ගනුදෙනුකරුවන්ට උපකාර කිරීම සඳහා පැය 24 පුරා www.srilankan.com වෙබ් අඩිවිය  ක්‍රියාත්මක වන  අතර එමගින් ගුවන් ප්‍රවේශ පත් වෙන්කරවා ගන්නා ගනුදෙනුකරුවන් සඳහා සුවිශේෂී ගාස්තු, ඇතුළු තවත් ප්‍රතිලාභ ගණනාවක් හිමි කර ගැනීමට අවස්ථාව සැලසේ.  

ශ්‍රී ලංකන්  ගුවන් සමාගම  වර්තමානයේ   රටවල්  48 ගමනාන්ත  111 ක්  සඳහා සිය ගුවන් මෙහෙයුම් පවත්වාගෙන යයි. වන්වර්ල්ඩ්  ගෝලීය ගුවන් සේවා සන්ධානයේ  සාමාජික  ගුවන් සේවාවක්  වශයෙන්   වන්වර්ල්ඩ් පාර්ශව ගුවන් සේවා  හරහා   රටවල් 160 ගමනාන්ත 1000 දක්වා පියාසර කිරීමේ  පහසුකමද ශ්‍රීලංකන් ගුවන් මගීන්ට  හිමිවනු ඇත.

ලෝක සංචාරක සම්මාන උළෙලෙහි දී ඉන්දියානු සාගර කලාපය වෙත පියාසර කරන  ලොව ප්‍රමුඛතම ගුවන්සේවය ලෙස ගුවන් සමාගම  සම්මාන ලබා තිබේ.

ආසියානු  සහ ඕස්ට්‍රේලියානු  ලෝක සංචාරක සම්මාන උළෙලේ දීත් ඉන්දියානු සාගර කලාපය වෙත පියාසර කරන  ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස  ශ්‍රී ලන්කන් ගුවන් සේවය  සම්මාන ලබා ඇත.

 

 



අදහස් (3)

ගුවන් ප්‍රවේශපත් මිලදී ගැනීමේදී සියයට 40ක-සියයට 25 ක විශේෂ වට්ටම්

CK Bandara Thursday, 10 October 2019 09:23 PM

ශ්‍රීලන්කන් එක කියනවා එහෙම එකක් නෑ කියල.

:       1       8

a.b. Srila Friday, 11 October 2019 06:36 AM

මගේ අත් දැකීම නම් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිල වෙබ් අඩවිය නිතර මිලගණන් බලන නිසා මම දන්නවා මෙය සම්පුර්න අසත්‍යක්. මොකද මේ කාලේ මිල කොහොමද කියල ඔක්තෝබර් මස 7 වැනිදා සිට ඔක්තෝබර් මස 11 වැනිදා අතර දවස් වල හා ඊට කලින් අතර වෙනස 2% නෑ . මම සෞදි අරාබියේ දමාම් ඉදල කොලඔ අතර මිලට වඩා , දමාම් - කොලඔ - චෙන්නායි වගේ ඉන්දියානු නගරවලට තියන මිල ඉතා අඩුයි. ගොඩක් ලංකාවේ මිනිස්සු අනිත් ගුවන් සමාගම් වලින් යන්නේ. අපේ බදූ වලින් දුවන් මේ ගුවන් සමාගමේ ඉන්දියන් මිනිස්සුන්ට තියන ගුවන් සමාගමක් වෙලා.

:       3       198

sugath premalal Wednesday, 23 October 2019 11:01 AM

ශ්‍රී ලන්කන් එක ගැන කතා කරලා වැඩක් නැහැ. මැදපෙරදිග වැඩකරන අයට සලකන්නේ ජරා විදියට. අඩුම ගානේ වතුර ටිකක් ඉල්ලුවට දෙන්නේ නැහැ. ඒ උනාට සුද්දන්ට නම් සලකනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2271 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site