IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


ගුවන්තොටුපලේ ට්‍රැවල් කවුන්ටර් අහෝසි කරන්න යයි

(නිමල කොඩිතුවක්කු)

කටුනායක ගුවන්තොටුපලේ ට්‍රැවල් කවුන්ටර්ස් ක්‍රමය අහෝසි කර සංචාරකයන්ට සිදුවන පීඩා නැති කිරීමට කටයුතු කරන බව සංචාරක අමාත්‍ය  ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ට ප්‍රමිතියෙන් යුත් උසස් සේවාවක් ලබාදීමේ අරමුණින් දිවයින පුරා සිටින සංචාරක රියදුරන් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචිය හා පුහුණුව ලැබීම අනිවාර්ය කර ඇති බව  ද අමාත්‍යවරයා සඳහන් කළේය.
 
සංචාරක හෝටල් කළමනාකරණ ආයතන ශ්‍රවණාගාරයේදී පැවති කටුනායක ගුවන්තොටුපල සංචාරක මාර්ගෝපදේශ රියදුරන්ගේ සංගමයේ රියදුරන් සඳහා නිලහැඳුනුම්පත් ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය.
 
“ගුවන්තොටුපලට පැමිණෙන සංචාරකයන්ට ලංකාවට ආවම තමන්ගේ සංචාරය සඳහා වාහන කුලියට ලබාගන්නා කවුන්ටර් 6ක් තිබෙනවා. ඡන්දයක් ඉවර වුණාම ආණ්ඩුව ගන්නා උදවිය ගිහින් මේ කවුන්ටර් ගහලා ගන්නවා. ඊළඟ අවුරුදු 5 මේවා කරන්නේ ආණ්ඩුවේ බලය තියන උදවිය. ඊට පස්සේ එන ඡන්දයකදී අනිත් කණ්ඩායමට බලය ගියාම ඔවුන් කරන්නෙත් ඒකමයි. කටුනායක ගුවන්තොටුපල ඇතුළේ මේ වගේ තත්වයක් තමයි පහුගිය කාලේ තිබුණේ.
 
මුලදී මේක මාෆියාවක්. පස්සේ මේක දේශපාලන අරගලයක්. සමහර කාල වල පාතාලයත් මේක මෙහෙය වූවා. මේකෙන් අසරණ වුණේ මේ රියදුරු මහත්වරු. ටෙන්ඩර් දාලා මේ කවුන්ටර් ගත්ත මහා පරිමාණ සමාගම් රියදුරන්ගෙන් කුලිය විදියට ලොකු ගාණක් ගත්තා. මේවා පිටුපස හිටපු සමහර දේශපාලනඥයන් ලක්ෂ ගාණක් මුදල් හම්බ කළා.
 
මේ සංචාරක මාර්ගෝපදේශ රියදුරන් හඳුනාගැනීම සඳහා වෙනම හැඳුනුම්පතක්ලබාදෙනවා. ඒ අයට වෙනම නිල ඇඳුමක් හඳුන්වා දී තිබෙනවා. ඒ වගේම සංචාරකයන් සමග කටයුතු කිරීම සඳහා අවශ්‍ය පුහුණුව අපි ලබාදෙන්න තීරණය කරලා තිබෙනවා.
 
මේ මගීන් සංචාරකයන්ට විධිමත් හා ප්‍රමිතියෙන් යුතු සේවාවක් සපයන්න අපට හැකියාව ලැබෙනවා. ඒ වගේම සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරුළ යුතුයි. කවුරුහරි බීමත්ව මේ සේවාවේ නියුතු වුවහොත් ඔහුව වහාම ඉවත් කරන්න ඕනෑ. ඒ එක්කම සංචාරකයෙකුට හිරිහැර වෙන විදියට කටයුතු කරලා පැමිණිල්ලක් ආවොත් එම වාහනය මෙම සේවාවෙන් ඉවත් කළ යුතුයි. මෙම සංචාරක මාර්ගෝපදේශ රියදුරන්ගේ විනයක් තිබිය යුතුයි. සංචාරක රියදුරන්ගේ සේවය ගෞරවණීය සේවාවක් බවට පත් කිරීමට අපි ඉදිරියේදී කටයුතු කරනවා ” යැයිද ඔහු එහිදී පැවසීය.



අදහස් (3)

ගුවන්තොටුපලේ ට්‍රැවල් කවුන්ටර් අහෝසි කරන්න යයි

gayan Wednesday, 23 September 2020 04:45 AM

ඔබතුමාලා මොනවා කිව්වත් අන්තිමට අපි එයාර් පෝර්ට් එකෙන් එළියට ආවම අපිට ඕනේ ටැක්සි එකක යන්න දෙන්නේ නෑ... ඔතන ඉන්න මාෆියා කාරයින්....

:       0       12

chanda Friday, 25 September 2020 12:05 PM

එදා මෛත්‍රී යුගයක් ඕනෑ කියපු එවුන් එළියට වරෙව්...

:       2       2

sampath Monday, 28 September 2020 10:21 AM

ඕක තමයි රට ගැන ජාත්‍යන්තරය මුලින්ම ගන්න වැරදි පුර්වාදර්ශය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 757 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 905 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 375 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site