IMG-LOGO

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා


ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තොරතුරු ආරක්ෂණ කළමනාකරණය සඳහා වන ISO/IEC 27001:2013 සහතිකයෙන් පිදුම් ලබයි.

රාජරත්නම් රූබන් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ඩිජිටල් පරිවර්තන (SLIC), ආලෝක ජයවර්ධන ප‍්‍රධාන තොරතුරු නිලධාරී (SLIC), චන්දන එල් අලූත්ගම සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී (SLIC), ශාන් නානායක්කාර  සාමාන්‍යාධිකාරී - ශ‍්‍රී ලංකාව (Bureau Veritas), සුභාෂ් ද සිල්වා කළමනාකරු - අලෙවි සහ විකුණුම් - සහතික කිරීමේ සේවා මාර්ගය (Bureau Veritas) සහ බාසිත් අලී ව්‍යාපාර සංවර්ධන විධායක (Bureau Veritas)

තවත් සුවිශේෂී  ජයග‍්‍රහණයක් ලෙස, ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, තොරතුරු ආරක්ෂණ කළමනාකරණ පද්ධති (Information Security Management Systems) සඳහා  වන ISO/IEC 27001:2013 සහතිකයෙන් පිදුම් ලැබීමට සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෙම සහතිකයෙන් පිදුම් ලැබූ ප‍්‍රථම අවස්ථාව මෙය වන අතර, සමාගමේ  තොරතුරු සහ දත්ත වල සුරක්ෂිතතාව වෙනුවෙන් සිදුකරන මෙහෙවර මෙම ප‍්‍රමිති සහතිකයෙන් අවධාරණය කරනු ලබයි. පුළුල්  විගණනයකින් පසුව Bureau Veritas Lanka (Pvt) & Ltd විසින් මෙම ප‍්‍රමිති සහතිකය පිරිනමන ලදී.

 

ISO/IEC 27001:2013 යනු තොරතුරු ආරක්ෂණ කළමනාකරණ පද්ධති සඳහා වන ගෝලීය වශයෙන් පිළිගත් ප‍්‍රමිතිය වන අතර, වටිනා තොරතුරු වත්කම් ආරක්ෂා කිරීමට සහ කළමනාකරණය කිරීමට උපකාරී වන ප‍්‍රමිතියකි. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය තොරතුරු වත්කම්වල රහස්‍යභාවය, අඛණ්ඩතාව සහ උපයෝජ්‍යතාවය ආරක්ෂා කිරීම සඳහා ශක්තිමත් ආරක්ෂක පියවරයන් ක‍්‍රියාත්මක කර ඇති බවට  ISO/IEC 27001:2013  ප‍්‍රමිතිය ස්ථාපිත කිරීමෙන් ගම්‍ය වේ.  
 

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි තොරතුරු දත්ත ආරක්ෂණය නීතිමය අවශ්‍යතාවයන්ට පමණක් සීමා නොවන අතර ඉන් ඔබ්බට ගොස් තම පාරිභෝගිකයින්ගේ විශ්වාසය තහවුරු කිරීමට අවශ්‍ය උපරිම රහස්‍යභාවය පවත්වා ගෙන යාමට නිරන්තරයෙන් බැඳී සිටි. එසේම  එල්ල විය හැකි ආරක්ෂක අවදානම් සහ තොරතුරු වත්කම් වලට ඇති බාහිර බලපෑම් මහා හරවා ගැනීමට අවශ්‍ය දැඩි ක‍්‍රියාපටිපාටීන් ද ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් අනුගමනය කරයි.
 

මෙම ජයග‍්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී චන්දන එල් අලූත්ගම මහතා පවසා සිටියේ , ISO/IEC 27001:2013 සහතිකය ලබා ගැනීම තොරතුරු සුරක්ෂිතතාවයේ විශිෂ්ටත්වය උදෙසා අපගේ නොපසුබට උත්සාහයේ ප‍්‍රතිඵලයකි. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි, අපගේ ගනුදෙනුකරුවන්ගේ සංවේදී තොරතුරු ආරක්ෂා කිරීමේ වැදගත්කම අපි හඳුනාගෙන ඇති අතර උපරිම දත්ත ආරක්ෂණ ප‍්‍රමිතීන් සහතික කිරීම සඳහා විශාල ආයෝජනයක් සිදු කර ඇත. මෙම ජයග‍්‍රහණය තුළින් අපගේ ගනුදෙනුකරුවන්ට සුරක්ෂිත පරිසරයක් ලබා දීම වෙනුවෙන් අප ආයතනය සිදුකරන මෙහෙවර පිළිඹිබු වන අතර රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා ලෙස අපගේ ස්ථාවරය ශක්තිමත් වේ.
 

ISO/IEC 27001:2013 යනු ප‍්‍රමිතිකරණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (International Organization for Standardization) සහ ජාත්‍යන්තර විද්‍යුත් තාක්ෂණ කොමිෂන් සභාව (International Electrotechnical Commission) ඒකාබද්ධව සංවර්ධනය කරන ලද ජාත්‍යන්තරව පිළිගත් ප‍්‍රමිතියකි. තවද, තොරතුරු ආරක්ෂණ කළමනාකරණ පද්ධතියක් (Information Security Management Systems) ස්ථාපිත කිරීම, ක‍්‍රියාත්මක කිරීම, නඩත්තු කිරීම සහ අඛණ්ඩව වැඩිදියුණු කිරීම සඳහා වන අවශ්‍යතා ගෙනහැර දක්වයි.  සංවිධානයක තොරතුරු ආරක්ෂණ භාවිතයන් පිළිබඳ සම්පූර්ණ තක්සේරුවකින් පසු සහතික කිරීමේ ආයතන විසින් සහතිකය ප‍්‍රදානය කරනු ලැබේ.
 

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ISO/IEC 27001:2013 සහතිකය ලබා ගැනීම තුළින් තම පාරිභෝගිකයින්ට සහ කොටස්කරුවන්ට ඔවුන්ගේ දත්තල ජාත්‍යන්තරව පිළිගත් නිර්දේශයන්ට අනුව උපරිම සුරක්ෂිතභාවයක් ලබා දීමට  බැඳී සිටින බව තහවුරු වේ.


 



අදහස් (0)

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තොරතුරු ආරක්ෂණ කළමනාකරණය සඳහා වන ISO/IEC 27001:2013 සහතිකයෙන් පිදුම් ලබයි.

ඔබේ අදහස් එවන්න

You may also like

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ
2024 අප්‍රේල් මස 09 356 0

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness


ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers
2024 මාර්තු මස 14 1754 0

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම


හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ
2024 පෙබරවාරි මස 19 1585 4

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්


නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි
2024 පෙබරවාරි මස 13 919 0

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල


හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි
2024 පෙබරවාරි මස 12 509 1

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්


“වසන්තයේ හඬ·ස්වර්ණමය සිහිනය” නමින් යුන්නන් අන්තර්ජාතික වසන්ත උත්සව ප්‍රසංගය බංග්ලාදේශයේ
2024 ජනවාරි මස 21 584 0

2024 වසරේ “වසන්තයේ හඬ•ස්වර්ණමය සිහිනය” නමැති අන්තර් ජාතික වසන්ත උත්සව කලා ප්‍රසංගයට එක් වන ප්‍රාසාංගික කණ්ඩායම පසුගිය 17වනදා ඩකා නගරයේ බංග්ලාදේශ කලා ඇකඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 356 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1754 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1585 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site