IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත සරසවි ශ්‍රවණාගාරයේදී ආරම්භ විය. මෙම උපාධි ප්‍රදානෝත්සව සතිය තුළ NSBM හරිත සරසවියෙහි ව්‍යාපාර, පරිගණක, ඉංජිනේරු සහ පශ්චාත් උපාධි පීඨයන් ඔස්සේ උපාධි පාඨමාලාවන් හැදැරූ 1500 කට අධික සිසුන් ප්‍රමාණයකට සිය උපාධි පිරිනමන ලදී.

එහි අවසන් දිනය වන ඊයේ දින (දෙසැම්බර් 11) සැසි තුනකින් සමන්විත වූ අතර එහිදී NSBM හරිත සරසවිය මඟින් ලොව ඉහලම ශ්‍රේණිගත විදෙස් විශ්වවිද්‍යාල සමඟ ඒකාබද්ධව පිරිනමන උපාධි ප්‍රදානය කරන ලදී. ඒ අනුව එක්සත් රාජධානියේ ප්ලිමත් විශ්වවිද්‍යාලයට අනුබද්ධව පිරිනමන පරිගණක විෂයයන් පිළිබඳ උපාධි මෙන්ම ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා විශ්වවිද්‍යාලය සමඟ හවුල්කාරිත්වයෙන් පිරිනමන ව්‍යාපාර සහ පරිගණක උපාධි පාඨමාලාවන් හැදෑරු සිසුන් මෙදින සිය උපාධි ලබාගන්නා ලදී.

මෙම අවස්ථාවට විදෙස් විශ්වවිද්‍යාල නියෝජනය කරමින් ප්ලිමත් විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය දැෆිඩ් මුවර් මහතා සහ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂ කරින් නේරි මහත්මිය ඇතුළු නිලධාරීන් සහභාගී විය. ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ මහ ලේකම් (දේශපාලන හා ආර්ථික) ආචාර්ය පෝල් සෙකෝලා මහතා අවසන් සැසියේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය.

එසේම NSBM හරිත සරසවියේ උපකුලපති මහාචාර්ය ඊ. ඒ. වීරසිංහ, නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය චමින්ද රත්නායක, අධ්‍යයන සංවර්ධන හා තත්ත්ව සහතික අංශයේ ප්‍රධානී මහාචාර්ය ජේ. භරත දොඩංකොටුව, පීඨාධිපතිවරුන්, අධ්‍යයන කාර්ය මණ්ඩලය, අනෙකුත් ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ උපාධිධාරීන්ගේ දෙමාපියන් ද මෙම අවස්ථාව වර්ණවත් කිරීමට එක් වූහ.

උපාධි ප්‍රදානෝත්සව සතිය තුළ NSBM හා අනුබද්ධ විදේශ උසස් අධ්‍යාපන ආයතන වන එංගලන්තයේ ප්ලිමත් සරසවිය (University of Plymouth), අයර්ලන්තයේ ඩබ්ලින් සරසවිය (University College Dublin, Ireland), ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා සරසවිය (Victoria University, Australia), මෙන්ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව NSBM හරිත සරසවිය මඟින් පිරිනමනු ලබන උපාධි පාඨමාලාවන් හැදෑරු සිසුන් හට උපාධි සහතික පත් පිරිනැමීම සිදු කරනු ලැබීය. මෙම උපාධි ප්‍රදානොත්සව උපාධි ප්‍රධාන සැසි සඳහා කීර්තිමත් විද්වතුන්, විවිධ ක්ෂේත්‍රයන්ගේ ප්‍රවීණයන් සහ අනුබද්ධිත විශ්වවිද්‍යාලයන්ගේ නියෝජිතයන් ප්‍රධාන අමුත්තන් ලෙස සහභාගී වූහ.

 



අදහස් (0)

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 705 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site