IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, සායනික සාමාජිකත්ව වැඩසටහන සඳහා Royal Wolverhampton NHS Trust සමග පූර්ණ ශිෂ්‍යත්ව ප්‍රදානයන් පිරිනැමීම වෙනුවෙන් අත්වැල් බැඳගනී. එක්සත් රාජධානියේ දී හෙද සහ සම සෞඛ්‍ය වෘත්තිකයන් සඳහා නව අවස්ථාවන්

AmrakAmrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, හෙද සිසුන්ට සහ සම සෞඛ්‍ය වෘත්තිකයන්ට එක්සත් රාජධානියේ අවස්ථාවන් පිරිනැමීම සඳහා පූර්ණ ශිෂ්‍යත්ව වැඩසටහන් සහිතව NHS සමගින් ඉදිරියට

ඩර්ඩන්ස් රෝහලට අනුබද්ධ Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය Royal Wolverhampton NHS සමග සහයෝගීතාවයෙන් සායනික සාමාජිකත්ව වැඩසටහන (CFP) ඔස්සේ වසර 3ක් සඳහා රැකියා අවස්ථාවන් සමගින් අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාවන් පිරිනැමේ.

Amrak නියෝජිත පිරිස, එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් - සරෝජා සිරිසේන මහත්මිය ද හමුවුණු අතර එහිදී වත්මන් ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය හමුවේ සෞඛ්‍ය සේවා කේන්ද්‍ර කරගත් හුවමාරු වැඩසටහන් පිළිබඳව සහ මානව ප්‍රාග්ධනය උපයෝගී කර ගැනීම සම්බන්ධ අවස්ථා වර්ධනය කරගැනීම පිළිබඳව සාකච්ඡා කෙරිණ.

මෙම අනගි අවස්ථාව තුළින් හෙද සිසුන් හට ශල්‍යකර්ම, මානසික සෞඛ්‍ය, විකලාංග ආදී වෛද්‍ය විද්‍යාවේ නොයෙක් ක්ෂේත‍්‍ර පිළිබදව අධ්‍යයනය කිරීමට ඉඩ ප්‍රස්ථා හිමිවන අතර එක්සත් රාජධානියේ Black Country ප්‍රාන්තයේ රෝහලක රෝගී කේන්ද්‍රගත සත්කාරයන් තුළින් සේවා පළපුරුද්දක්ද ලබාගැනීමේ හැකියාව පවතී.

CFP සඳහා සපුරාලිය යුතු සුදුසුකම් පහත පරිදි වේ.

·         හෙද උපාධියක් හෝ ඩිප්ලෝමාවක් තිබීම

·         වසර 2ක් සායනික පළපුරුද්ද

·         නම්‍යශීලි ලෙස වැඩ කිරීමේ හැකියාව

·         කණ්ඩායම් හැඟීමෙන් යුතුවීම

·         උසස් තත්වයේ සත්කාරයන් ලබාදීමට ඇති කැමැත්ත

·         එක්සත් රාජධානියේ හෙද හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී කවුන්සිලයේ ලියාපදිංචි වීමට අවශ්‍ය OET B/ IELTS 7 විභාග සමත්ව තිබීම

·         නිපුණතා පිළිබඳ NMC පරීක්ෂණය සමත් වීම: 1 කොටස- පරිගණක පාදක පරීක්ෂණය සහ 2 කොටස- ව්‍යුහගත සායනික පරීක්ෂණය - (සම්මුඛ පරීක්ෂණය සමත් වීමට යටත්ව. 2 කොටස එක්සත් රාජධානියේ සිදු වේ).

ඔබත් අදම Amrak සමග එකතු වී එක්සත් රාජධානියේ හෙදියක් වීමට වරම් හිමිකර ගන්න!

 

"AMRAK වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, සෞඛ්‍ය සේවා ශ‍්‍රම බලකායේ ගෝලීය තීරකයෙකු ලෙස ශ්‍රී ලංකාව පත් කිරීමට මග විවර කර ඇත”


රක්ෂිත තුඩාවේ කළමනාකාර අධ්‍යක්ෂ - Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය



අනුයුක්ත කිරීම (Placement) සඳහා සුදුසුකම් ලැබීමේ පියවර:

Amrak හි හෙද හෙදියන්ට මෙන්ම සුදුසුකම් ලත් හෙද වෘත්තිකයන්ට සායනික සහයෝගීතා වැඩසටහන සමගින් තම වෘත්තීය ජීවිතය සාර්ථකව ගොඩනගා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

සියලූම අයදුම්කරුවන්, අනුයුක්ත කිරීමට (Placement) සුදුසුකම් ලැබීම සඳහා Amrak CFP පියවර අනුව ක‍්‍රියාකළ යුතුය.

මෙම වැඩසටහන පිළිබඳ සහ අයදුම් කරන ආකාරය පිළිබඳ වැඩි විස්තර සඳහා අපගේ වෙබ් අඩවියට (www.amrak.lk) පිවිසීමෙන් හෝ 077 797 4479 ඇමතීමෙන් ලබාගන්න

 

 

 

 



අදහස් (1)

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, සායනික සාමාජිකත්ව වැඩසටහන සඳහා Royal Wolverhampton NHS Trust සමග පූර්ණ ශිෂ්‍යත්ව ප්‍රදානයන් පිරිනැමීම වෙනුවෙන් අත්වැල් බැඳගනී. එක්සත් රාජධානියේ දී හෙද සහ සම සෞඛ්‍ය වෘත්තිකයන් සඳහා නව අවස්ථාවන්

Dilshi Wijesinghe Saturday, 06 August 2022 03:37 PM

I am BAMS student who are doing internship these days and willing go overseas due to personal issue. Are there any health related courses for me that can do in a short period ( i have western subjects anotomy physiology clinical medicine etc in my digree) with a relief that subjects. Please let me know more details

:       0       117

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31312 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13515 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10998 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 112 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 936 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site