IMG-LOGO

2023 දෙසැම්බර් මස 10 වන ඉරිදා


දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු

නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවා ආරක්ෂා කර ගනිමු

නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි.

දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැරදි ප්‍රථමධාර ලබා දීමෙන්, අනතුරු හා එහි බලපෑම් අවම කළ හැකිය.

දරුවෙක් වැටීමෙන් පසු දෙමව්පියන් පළමුවෙන්ම ඉන් කලබලයට පත් නොවී, හඬන, කෑ ගසන දරුවාව සුරක්ෂිතව තමන්ගේ තුරුළට ගෙන අස්වැසිය යුතුය. කතා කළ හැකි වයසක දරුවෙකු නම් වැටීමෙන් ගැටුණු ස්ථාන පිළිබඳව විමසිය යුතු අතර ළදරුවෙකු නම් දරුවාව සමීපව නිරීක්ෂණය කර, සිදු වී ඇති දේ සොයා බැලිය යුතුය. හිස වැදී ඇත් නම් හෝ යම් තැනක් ඉදිමී ඇත්නම් උණුසුම් දේවලින් තැවීම නොකළ යුතුය. වේදනාව සමනය කිරීමට අයිස් කැටයක් පිරිසිදු රෙදි කැබැල්ලක දවටා මෘදු ලෙස තැලුම් ස්ථානය මත තැබිය යුතුය. මෙහි දී එකතු වූ රුධිර කොටස් පවතියි නම් ඒවා තුනී වී යයි. කිසි විටෙක අයිස් සෘජුව සම මත නොතැබිය යුතුය.

දරුවෙකුගේ හිස වැදුණු සැනින් වමනය කිරීම එම වැදීමේ ප්‍රතිඵලයක් නොවේ. දරුවා නිශ්චලව සිට පැයක් ඇතුළත වමනය කළ හොත් එය මෙම හිස වැදීමේ ප්‍රතිඵලයක් ලෙස සැළකිය හැකිය. පැයකින් පසුවත් දරුවා වමනය කරන්නේ නම් දරුවාව රෝහල වෙත රැගෙන යා යුතුය. එසේම දරුවා පැය 1 -1 1/2 අතර කාලය තුළ සිහිමද ගතිය, නිදි බර ස්වභාවය, සෙල්ලම් කිරීම අඩු වීම හා කිරි නොබීම වැනි ලක්ෂණ පෙන්නුම් කළ හොත් දරුවාව හැකි විගස රෝහලට රැගෙන යා යුතුය.

වැටීමෙන් පසු දරුවා සති ගණනාවක් ස්නානය නොකර තැබීම දරුවාගේ සෞඛ්‍ය කෙරෙහි බලපායි. විෂබීජවලින් දරුවා ආරක්ෂා කළ යුතු නිසා හිස වැදීමකින් පසුව වුව ද ස්නානය කරවීම ගැටලුවක් නොවේ.

පිළිස්සීම් ද නිවසේ දී බහුලව සිදු වන අනතුරකි.

අනාරක්ෂිත විදුලි පේනු, විදුලි උපකරණ මෙන්ම, ගිනි පෙට්ටි, ඉටි පන්දම් වැනි දේ දරුවාගේ අතට හසු නොවන සේ ආරක්ෂිතව තැබීමෙන් පිළිස්සීම් වළක්වා ගත හැකියි.

පිළිස්සීමක දී මව්පියන් සන්සුන්ව සිට, දරුවා රෝහලකට රැගෙන යාමට ප්‍රථම පිළිස්සුම් ස්ථානය ගලා යන සිසිල් ජලයට විනාඩි 20ක් පමණ අල්ලා තැබීම කළ හැකිය. දැඩිව පිළිස්සී හෝ ඇඳුම් ඇඟට ඇලී ඇත්නම්, කිසි විටෙක එම ඇඳුම් ඉවත් නොකිරීම හා ඇඳුම් ඇන්දවීමෙන් වැළකිය යුතුය. කිසිදු ආලේපයක් ද නොගැල්විය යුතුය. සමේ මතුපිට කිසිවක් ආලේප නොකර, ඉතා සෞම්‍යව තැබීමෙන් මෙම උණුසුම පිටතට ගොස් අභ්‍යන්තරයට හානි වීම අවම කරයි.

නොසැළකිලිමත් බව හා නොදැනුවත්කම නිසා වන අනතුරු වැළැක්වීම හා අවම කිරීමෙන් දරුවාට සුරක්ෂිත ලොවක් නිර්මාණය කළ යුතුය.

නිලුක්ෂි තිලකසිරි

පවුල් සෞඛ්‍යය සේවා නිළධාරිනී,

මනෝ විද්‍යා උපදේශිකා, මනෝ චිකිත්සක



අදහස් (0)

දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු

ඔබේ අදහස් එවන්න

You may also like

ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව
2023 නොවැම්බර් මස 19 1031 0

අද එක්සත් ජාතීන්ගේ ලෝක වැසිකළි දිනයයි. වසර 2030 වන විට ලොව පුරා සැමට පූර්ණ සනීපාරක්ෂව හිමි කර දීම ඉලක්ක කරගෙන “වේගයෙන් වෙනස කරා”


රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි
2023 නොවැම්බර් මස 01 778 2

නිෂ්පාදනය, අලෙවිකරණය හා බෙදාහැරීම යන අංශ ඔස්සේ නව්‍යකරණයෙන් පිරිපුන් උසස් තත්ත්වයේ කුඩ සහ මදුරු දැල් ඇතුළු නිෂ්පාදන පෙළක් හඳුන්වාදෙමින් ශ්‍රී ලාංකී


උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව
2023 සැප්තැම්බර් මස 06 4809 0

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක


දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු
2023 අගෝස්තු මස 28 1457 0

නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි. දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැ


ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන සේවා ස්ථානයක්.
2023 අගෝස්තු මස 24 707 0

දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්‍* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්‍


ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව ලෙස රුපියල් බිලියන 10.4 ක් ප්රකාශයට පත් කරයි!
2023 අගෝස්තු මස 08 437 0

ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රු බිලියන 10.4ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2022


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව 2023 නොවැම්බර් මස 19 1031 0
ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව

අද එක්සත් ජාතීන්ගේ ලෝක වැසිකළි දිනයයි. වසර 2030 වන විට ලොව පුරා සැමට පූර්ණ සනීපාරක්ෂව හිමි කර දීම ඉලක්ක කරගෙන “වේගයෙන් වෙනස කරා”

රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි 2023 නොවැම්බර් මස 01 778 2
රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි

නිෂ්පාදනය, අලෙවිකරණය හා බෙදාහැරීම යන අංශ ඔස්සේ නව්‍යකරණයෙන් පිරිපුන් උසස් තත්ත්වයේ කුඩ සහ මදුරු දැල් ඇතුළු නිෂ්පාදන පෙළක් හඳුන්වාදෙමින් ශ්‍රී ලාංකී

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 4809 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

Our Group Site