IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි

කොළඹ, ශ්‍රී ලංකාව - නොවැම්බර් 30, 2024

බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත.

මෙම පෙරළිකාර ඒකාබද්ධ වෘත්තීය පුහුණු වැඩසටහන සැලසුම් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ බලශක්ති ශ්‍රම බලකායේ අනාගතය හැඩගස්වාලීම සඳහා වන අතර, සම්පත් ඒකාබද්ධ කිරීමට සයිනෝපෙක්හි කැපවීම, ගෝලීය විශේෂඥතාව සහ ජාතීන් දෙක අතර බෙදාහදාගත් වටිනාකම් ප්‍රදර්ශනය කර තිබෙනවා.

බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන මගින් සයිනෝපෙක් සහ දේශීය පාර්ශ්වකරුවන්ගේ ප්‍රවීණත්වය එක් කරමින් පරිවර්තනීය අවස්ථා නිර්මාණය කිරීම සඳහා නව සහයෝගීතා ආකෘතියක් නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.

ඒ අනුව මෙහිදී අදාළ පුහුණු සමාරම්භක කණ්ඩායමට බලයලත් ඉන්ධන පිරවුම්හල් එකසිය පනහක ජාලයකින් තෝරාගත් ශ්‍රී ලංකාවේ ඉහළම කාර්යසාධනයක් සහිත ස්ථාන කළමනාකරුවන් සහ කාර්ය මණ්ඩලය දහඅට දෙනෙකු ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙන අතර, මෙම පිරිසට මේවනවිට චීනයේ දින දහයක පුහුණුවක්ද ලබාදීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව සයිනෝපෙක්හි උසස් මෙහෙයුම් ප්‍රමිතීන්, නවෝත්පාදන ආරක්ෂණ ප්‍රොටෝකෝල සහ උපායමාර්ගික දැක්ම සහ පුහුණුව ලැබීමට ප්‍රථමයෙන්ම ඔවුන්ට අවස්ථාව උදා කරදී ඇත.

මෙම වැඩසටහන අදියර දෙකකින් යුක්ත අතර, මූලික පුහුණුව කොළඹදීද වඩාත් ගැඹුරු ප්‍රායෝගික ඉගෙනීමේ අත්දැකීම් පුහුණුව චීනයේදීද ලබාදී තිබෙනවා.

මෙහිදී කොළඹ පැවති පුහුණු සැසියේදී පිරවුම්හල් මෙහෙයුම් සහ එච්.එස්.සී. (සෞඛ්‍යය, ආරක්ෂාව, පරිසරය) ප්‍රමිතීන් පිළිබඳ න්‍යායාත්මක අධ්‍යයනයන් කෙරෙහි අවධානය යොමු කරන ලද අතර, බීජිං අදියරේදී සයිනෝපෙක්හි විශේෂඥ කණ්ඩායම් විසින් මෙහෙයවන ප්‍රායෝගික පුහුණුව ලබාදීමද සුවිශේෂිය.

මෙහි විෂය මාලාව දේශන සහ සයිනෝපෙක්හි ප්‍රධාන ස්ථාන වෙත නිරීක්ෂණ චාරිකා හරහා න්‍යායික අධ්‍යයනය සහ ප්‍රායෝගික භාවිතය සමග ඒකාබද්ධ කර තිබෙනවා.

ඒ අනුව කාර්මික සහ සංස්කෘතික සහයෝගීතාව පෝෂණය කරමින් සයිනෝපෙක්හි ගෝලීය මෙහෙයුම් සහ ආයතනික සංස්කෘතිය පිළිබඳ සහභාගිවන්නන්ගේ අවබෝධය තක්සේරු කරන දැඩි කුසලතා විභාගයකින් මෙම පුහුණුව අවසන් කෙරෙනු ඇත.

චීනයේ ශ්‍රී ලංකා තානාපති, ගරු මජින්ත ජයසිංහ මහතා, මෙම වැඩසටහනේ වැදගත්කම අවධාරණය කරමින්, මේ ආකාරයේ පුහුණු වැඩසටහනක් දියත් කිරීම තුළින්, රටවල් ද්විත්වය අතර සහ ශ්‍රී ලංකා-චීන ජාතීන් අතර සබඳතා වර්ධනය කරමින් ශ්‍රී ලාංකික වෘත්තිකයන් නඟා සිටුවීමට සයිනෝපෙක්හි කැපවීම පෙන්නුම් කිරීම ඇගයීමට ලක්කර තිබෙනවා.

එමෙන්ම ඔහු පෙන්වාදුන්නේ මෙම වැඩසටහන නිපුණතා වැඩි දියුණු කිරීම සඳහා පමණක් නොව සංස්කෘතීන් අතර පවතින දීර්ඝකාලීන සබඳතා වර්ධනයට තව තවත් ශක්තිමත් කිරීමට ඉවහල් වන බවයි.

මේ අතර සයිනෝපෙක්හි ශ්‍රී ලංකා අධ්‍යක්ෂ හාඕ ජියාන් මහතා, මෙම වැඩසටහන පිටුපස ඇති සහයෝගීතා දැක්ම අවධාරණය කරමින්, අපගේ මෙහෙවර වන්නේ ගෝලීය බලශක්ති ක්ෂේත්‍රයක විශිෂ්ටත්වය දැක්වීමට අවශ්‍ය කුසලතා සහ දැනුමෙන් ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය සවිබල ගැන්වීම බව පෙන්වා දුන්නා. මෙවන් ආකාරයේ වැඩසටහනකට මුලපිරීම තුළින් බලශක්ති ක්ෂේත්‍රය සහ අප සේවය කරන ප්‍රජාවන් සඳහා තිරසාර ප්‍රගතියක් සඳහා අපගේ කැපවීම පෙන්නුම් කරන බවද එය ජාතීන් දෙක අතර පවතින හවුල්කාරිත්වයේ ශක්තිය ද පිළිබිඹු කරන බව පෙන්වා දුන්නා.

එමෙන්ම මෙම පුහුණුවෙන් ඔබ්බට ගොස් සයිනෝපෙක් සමාගම බලශක්ති යටිතල පහසුකම් නවීකරණය කිරීමේ අඛණ්ඩ ආයෝජන හරහා ශ්‍රී ලංකාව සඳහා වන සිය කැපවීම ශක්තිමත් කර තිබෙනවා.

පසුගිය මාස හතක කාලය තුළ, මෙම සමාගම ප්‍රතිසංස්කරණය, ආරක්‍ෂාව වැඩිදියුණු කිරීම් සහ සේවා වැඩිදියුණු කිරීම් සිදු කරමින් බලයලත් පිරවුම්හල් 150ක් පුරා සිය මෙහෙයුම් ජාලය ව්‍යාප්ත කර තිබෙනවා.

ඒ අනුව මෙම ක්‍රියාදාමය තුළ සයිනෝපෙක් පාරිභෝගිකයින්ට සහ පාර්ශවකරුවන්ට පහසුකම් සහ සේවා වැඩිදියුණු කරන අතරම ජාතියේ බලශක්ති අංශය පුනර්ජීවනය කිරීමේ සයිනෝපෙක්හි දැක්ම අවධාරණය කර තිබීමද තවත් එක් වැදගත් කරුණක් වනවා.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආර්ථික සහ වාණිජ උපදේශක ටැන්ග් යාන්ඩි මහතා සයිනෝපෙක්හි උත්සාහය අගය කරමින්, මෙම වැඩසටහන දෙරට අතර සහයෝගීතාවේ බලය විදහා දක්වන බව පෙන්වා දුන්නා.

මෙහිදී තාක්ෂණික විශේෂඥතාව සංස්කෘතික අවබෝධය සමඟ ඒකාබද්ධ කිරීම මගින්, සයිනෝපෙක් සමාගම වෙනස්වන බලශක්ති අංශයක අභියෝගවලට මුහුණ දීමට සූදානම් වන සහ ඊට ඔරොත්තු දෙන නිපුණත්වයෙන් හෙබි ශ්‍රම බලකායක් නිර්මාණය කර ඇති බව වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍යාංශයේ ඉදිරි දර්ශනය පෙන්වාදෙමින් එහි සැලසුම් අංශයේ අධ්‍යක්ෂ අරුණ අතුකෝරල මහතා සඳහන් කළේ, සයිනෝපෙක් සමාගම මේ ආකාරයේ අර්ථවත් හවුල්කාරිත්වයන් සහ නිපුණතා ගොඩනැගීමමට මුලපිරීම තුළින් බලශක්ති ක්ෂේත්‍රය නංවාලීම සඳහා සිය මෙහෙයුම් භූමිකාවෙන් ඔබ්බට ගොස් ඇති බවයි. මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සඳහා ඔවුන්ගේ නොසැලෙන කැපවීම පිළිබිඹු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පුහුණු අධ්‍යක්ෂ දිමුතු චන්ද්‍රසිරි මෙනවිය ජාතික සංවර්ධනයේදී වෘත්තීය අධ්‍යාපනයේ වැදගත්කම අවධාරණය කරමින් සඳහන් කළේ, මේ ආකාරයේ පුහුණු වැඩසටහන් තුළින් කර්මාන්තය සහ රජය අතර හවුල්කාරිත්වයේ බලය සහ ශක්තිය පෙන්වාදිය හැකි බවයි. එහිදී නිපුණතා සංවර්ධනය සඳහා සයිනෝපෙක්හි කැපවීම මානව ප්‍රාග්ධනය වැඩි දියුණු කිරීමට සහ ප්‍රධාන කර්මාන්තවල නිපුණතා සංවර්ධනයට රජය දරන උත්සාහය සම්පූර්ණ කරන බවද ඇය වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

මෙම බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන ශ්‍රී ලංකාව පුරා සිය ව්‍යාප්තිය අඛණ්ඩව සිදුකිරීමට නියමිත අතර, සෑම ඉන්ධන හල් කළමනාකරුවෙකුටම මෙම කර්මාන්තයේ ප්‍රමුඛ පුහුණුවක් ලබාගත හැකි බව සහතික කර තිබෙනවා.

මෙම ප්‍රයත්නය තුළින් සයිනෝපෙක් සමාගම ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ පරිවර්තනීය හවුල්කරුවෙකු ලෙස සිය ස්ථාවරය තහවුරු කර ගෙන තිබෙනවා.

එය ශ්‍රී ලංකාවේ බලශක්ති අංශයේ අභිලාෂ සමඟ සමගාමීව නව්‍යකරණයන්, ඔරොත්තු දීමේ හැකියාව ප්‍රදර්ශනය කිරීම සහ තිරසාර වර්ධනයක් ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාකාරීව පෙනී සිටිනවා.

මීට අමතරව තාක්‍ෂණික සංවර්ධනය සහ සංස්කෘතික හුවමාරුව ඒකාබද්ධ කිරීමෙන්, සයිනෝපෙක් සමාගම ගෝලීය බලශක්ති කර්මාන්තයේ සංකීර්ණතා හැසිරවීමට ඉදිරියෙන් සිතන සහ හොඳින් සූදානම් වන ශ්‍රම බලකායක් නිර්මාණය කර තිබීම තවත් සුවිශේෂත්වයක් ලෙස හඳුන්වාදීමට පුළුවන්.

 



අදහස් (0)

සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site