
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් අති සාර්ථක ලෙස පසුගියදා නිමාවට පත්වූයේ ජයග්‍රාහකයන් වෙත අගනා මවුන්ටන් බයිසිකල් 50ක් සහ ටැබ් පරිඝනක 5ක් ත්‍යාග ලෙස පිරිනමමිණි.
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය හිමිකරගත් සී. ඩබ්ලියු. මැකී පී.එල්.සී සමූහයේ පාරිභෝගික භාණ්ඩ ආනයන, නිෂ්පාදන, අලෙවි හා බෙදාහැරීම් අංශය ලෙස ක්‍රියාත්මක වන ස්කෑන් නිෂ්පාදන අංශය ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට ඉදිරිපත් කරන “ස්කෑන් ජම්බෝ පීනට්ස්”ප්‍රිය කරන අති මහත් පාරිභෝගික ප්‍රතිචාර මැද මෙවර “ස්කෑන් ජම්බෝ බොනැන්සා” 2024 ජූනි මස සිට නොවැම්බර් මාසය දක්වා සංවිධානය කෙරිණ. දිවයින පුරා ගම් නගර 140ක් ආවරණය කරමින් මෙවර වැඩසටහන ක්‍රියාත්මක විය.
නම, ලිපිනය, දුරකථන අංකය හා ජාතික හැඳුනුම්පත් අංකය සමග ස්කෑන් ජම්බෝ පීනට් හිස් පැකැට්ටු තැපැල් පෙට්ටිය අංක 161, කොළඹ යන ලිපිනයට එවූ සහ අපගේ ප්‍රවර්ධන රථයට භාරදුන් පාරිභෝගිකයන් රැසක් අතුරෙන් කුසපත් ඇදීමෙන් “ස්කෑන් ජම්බෝ බොනැන්සා” සහ “ටැබ් බොනැන්සා” ප්‍රවර්ධන වැඩසටහනහි ජයග්‍රාහකයන් තෝරාගන්නා ලදී.

පසුගිය වසරවලටත් වඩා මෙවර වැඩසටහනට අතිමහත් පාරිභෝගික ප්‍රතිචාරයක් ලැබී ඇති අතරම එමගින් ජනතා විශ්වාසය දිනූ උසස් තත්ත්වයේ නිෂ්පාදනයක් මෙවැනි ත්‍යාග පිරිනමන වැඩසටහනක් සමග තවදුරටත් ජනතාවට සමීප වී ඇතිබව පැහැදිළිවන බවත්, ඉදිරියටත් මෙවැනි වැඩසටහන් තුළින් ස්කෑන් ජම්බෝ පීනට්ස් පාරිභෝගික ජනතාවට සමීප වීමට බලාපොරොත්තු වන අතරම මෙතෙක් අප හා රැඳී සිටි පාරිභෝගික ජනතාවට ස්තූතිය පුදකිරීමටත් මෙය අවස්ථාවක් කරගන්නවා යැයි වැඩිදුර අදහස් දක්වමින් සී. ඩබ්ලියු. මැකී පී.එල්.සී. හි වෙළෙඳ හා අලෙවි සහකාර සාමාන්‍යාධිකාරී අරුණ සේනානායක මහතා පැවසීය.
මේ වන විට ශ්‍රී ලංකාවේ පීනට්ස් වෙළෙඳපොළ තුළ 70%ක වෙළෙඳපොළ ප්‍රතිශතයකට හිමිකම් කියමින් “ස්කෑන් ජම්බෝ පීනට්ස්” ඉදිරියෙන්ම රැඳී සිටියි. දිවයිනේ ඕනෑම ප්‍රදේශයකදී ජම්බෝ පීනට්ස් මිලදී ගැනීමේ පහසුව පාරිභෝගික ජනතාව වෙත හිමිකර දී තිබීමද වයස් භේදයකින් තොරව බාල, තරුණ, වැඩිහිටි සෑම කෙනෙකුම එක සේ ප්‍රියකරන ප්‍රණීත රසයකින් යුක්ත වීමද මෙම ජනප්‍රියත්වයට බලපාන තවත් හේතූන් ලෙස පෙන්වා දිය හැකිය.
සැමවිටම තත්ත්වයෙන් උසස් පාරිභෝගික භාණ්ඩ රැසක් ශ්‍රී ලාංකිකයන් වෙත පිරිනමමින් ජනතා විශ්වාසයට පාත්‍ර වූ ස්කෑන් නිෂ්පාදන අංශය ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට ඉදිරිපත් කළ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”25 වසරකට අධික කාලයක් තිස්සේ ලක්වැසි කාගේත් අංක එකේ තේරීම බවට පත්ව තිබේ. උසස් තත්ත්වයෙන් යුත් කර කර ගා යසට හැපෙන, ලුණු මිශ්‍ර දිව පිනවන කෙටි ආහාරයක් වන ස්කෑන් ජම්බෝ පීනට්ස්, පිරිසක් එක්වූ ඕනෑම ස්ථානයක් රස සාගරයක් කිරීමට සමත්ය. ලොව අංක එකේ පීනට්ස් යොදාගනිමින් නිෂ්පාදනය කෙරෙන ස්කෑන් ජම්බෝ පීනට්ස් පැකැට්ටු පාරිභෝගිකයන්ගේ පහසුව මෙන්ම නැවුම් බව හා සෞඛ්‍යාරක්ෂිත බවද තහවුරු කෙරෙන විවිධ ප්‍රමාණයේ ඇසුරුම්වලින් යුක්තය.
වසර 120 ක සාඩම්බර සංවත්සරය සමරන සී. ඩබ්ලියු. මැකී පී.එල්.සී සමූහය, කොළඹ කොටස් වෙළෙඳපොලේ ලැයිස්තුගත සමාගමක් වන අතර එහි පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන, ආනයන, අලෙවි කිරීමේ හා බෙදාහැරීමේ අංශය ලෙස ක්‍රියාත්මක වන ස්කෑන් නිෂ්පාදන අංශය ආහාරපාන ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශේෂඥයන් ලෙස කීර්තිමත් ය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාමයන් ලෙස ඒ ඒ නිෂ්පාදන සඳහා වන වෙළෙඳපොළ ප්‍රමුඛත්වයට පත්ව සිටින සන්ක්වික්, ස්කෑන් ජම්බෝ පීනට්, ස්කෑන් ස්නැක්ස්, කොටගල කහට, Delish Jelly, ස්කෑන් බෝතල් කළ පානීය ජලය, සැකසූ එළවළු හා පළතුරු ආශ්‍රිත නිෂ්පාදන සන්නාමය වන KVC" N-Joy පොල්තෙල්, Star Brand එසන්ස් සහ කලරින් නිෂ්පාදන පෙළ යන විශිෂ්ඨ සන්නාම හිමිකාරීත්වය සී. ඩබ්ලියු. මැකී පී.එල්.සී සමාගමේ කීර්තිය ඔප්නැංවීමට සමත්ව තිබේ.

2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් පිරිනමයි.
Ms. Shobha Saturday, 01 March 2025 01:59 PM
Scan Jumbo Peanuts සමඟ සම්බන්ධ වී සිටින C. W. Mackie සමාගම කෘෂිකර්‌ම දෙපාර්‌තමේන්තුවේ සහයෝගයෙන් ශ්‍රී ලංකාවේ ජම්බෝ රටකජු වගා කළ බව මට ආරංචි විය. මේ උත්සාහයට මම සුභ පතනවා