IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

වසර 147ක කීර්තිමත් ඉතිහාසයකට  හිමිකම් කියන Hayleys මව් සමාගමේ  ඉංජිනේරු  සහ  ව්‍යාපෘති  අංශය නියෝජනය කරන Hayleys Fentons  ආයතනය වසර 106 ක ඉතිහාසයකට උරුමකම් කියන ආයතනයකි. Hayleys Solar යනු  Hayleys Fentons ආයතනයෙහි  පුනර්ජනනීය බලශක්ති අංශයයි. වර්තමානයේ  Hayleys Fentons ආයතනයත්, Hayleys Solar අංශයත් තම විශිෂ්ටත්වය නැවත නැවතත් තහවුරු කරමින්  ඉංජිනේරු  සහ  ව්‍යාපෘති සේවා සහ සූර්ය  බලශක්තිය ඇතුළු පුනර්ජනනීය බලශක්ති අංශය තුළ ශ්‍රී ලාංකිකයන්ගේ  විශ්වාසය දිනූ අංක 1 සන්නාමය  ලෙසින්  වෙළඳපොලෙහි  නොමැකෙන  සන්නාමයක්  සටහන් කර තිබේ .

පාරිභෝගිකයන්ගේ  ජීවන තත්ත්වය තවදුරටත් සුවපහසු කිරීම සඳහා Hayleys Fentons සහ Hayleys Solar සන්නාමයන් ඔවුන් වෙත තව තවත් සමීප කරවමින් ,දිනෙන්  දින අලුත් වෙන  පාරිභෝගික අවශ්‍යතාවයන්ට  සරිලන පරිදි ඉංජිනේරු හා සූර්ය බලශක්තිය ප්‍රධාන කොට  ගත් පුනර්ජනනීය බලශක්ති සේවාවන්  පාරිභෝගිකයන් වෙත ගෙන එයි. එසේම  Hayleys Fentons  ආයතනය තොරතුරු  තාක්තෂණය (ICT), ආරක්ෂාව සහ සන්නිවේදනය (Security and Communication), ශ්‍රවය දෘශ්‍ය ඒකාබද්ධ කිරීම (Audio Visual Integration (AVI) ), විදුලි සහ ආලෝකකරණය  (Electrical and Lighting), ගිනි ආරක්ෂණ විසඳුම් (Fire Safety Solutions), වායු සමීකරණ සහ වාතාශ්‍ර පහසුකම් සැපයීම (Air Conditioning Ventilation), ජල නළ හා ගෑස් (Plumbing and Gas), පහසුකම් කළමනාකරණය (Facilities Management), අඛණ්ඩ බල සැපයුම සහ බැටරි උපස්ථ (Uninterrupted Power Supply and Battery Backups), වාස්තු විද්‍යාත්මක  නිර්මාණය හා දෘශ්‍යකරණය  (Architectural Drawings and 3D Visualisation) සහ ව්‍යාපෘති සඳහා උපාංග සැපයීම (Industrial Accessories Trading) යන සේවාවන්  ලබා දෙන  ප්‍රමුඛ ආයතනයක්  ලෙසද  කටයුතු කරයි. 

මෑතකදී Hayleys Solar වෙතින් හඳුන්වා දුන් Bluetti ජංගම බලශක්ති පද්ධතිය ශ්‍රී ලාංකීය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය  තුළ නැවුම් වූ පිබිදීමක් සහ  කාලෝචිත බවින් යුත් විසඳුමක් ලෙසින්  හැඳින්විය  හැක. එමඟින්  ඕනෑම මොහොතක  ඕනෑම වෙලාවක ගෘහස්ථ, වාණිජ වශයෙන්   සේම  එළිමහනේ වුවද පහසුවෙන් නොකඩවා බලශක්තිය ලබා ගැනීමේ පහසුව පාරිභෝගිකයන්ට ලැබී ඇත.

එපමණක් නොව වර්තමානයේ  ශ්‍රී ලංකාවේ  මහා පරිමාණ කර්මාන්ත  වලට සේම අනෙකුත් ගෘහස්ථ හා කෘෂි කාර්මික කටයුතු වලට සහ සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන්ද සූර්ය  බලශක්තිය  සමීප කරවීමට Hayleys Solar කටයුතු කර තිබේ . ඒ තුළින්  තම විදුලි බිල අඩු කර ගන්නා  අතරතුර අමතර ආදායමක් ලබා ගැනීමටද ඔවුන්ට  හැකියාව ලැබී  තිබේ .

එලෙසින්ම  පුනර්ජනනීය බලශක්තිය දැරිය හැකි මිලකට සියලුම ශ්‍රී ලාංකිකයන්  වෙත  ලබා දීමේ අරමුණින්  වර්තතමානයේ  Hayleys Solar පෙරමුණ  ගෙන කටයුතු  කරන්නේ  , සෙලාන්  බැංකුව (Seylan Bank), NDB බැංකුව, සම්පත් බැංකුව (Sampath Bank), නේෂන්ස් ට්‍රස්ට්  බැංකුව (NTB Bank), DFCC බැංකුව සහ මහජන බැංකුව (People's Bank) වැනි දිවයිනේ ප්‍රමුඛ පෙළේ  සියලුම බැංකු සහ මූල්‍ය  ආයතන හා එක්වෙමින්  අඩුම පොලී  වාරික  ගෙවීමේ  පහසුකම් ලබා දෙමිනි .

විශේෂයෙන්ම  Hayleys Solar පාරිභෝගිකයන්  හට පමණක් කොමර්ෂල්  බැංකු (Commercial Bank) සහ හැටන්  නැෂනල් බැංකු (HNB Bank)  ක්‍රෙඩිට් කාඩ්පත් හරහා  මාස 60 ක් දක්වා  මපාලී රහිත වාරික ගෙවීමේ පහසුකම් සීමා සහිත කාලයක් සඳහා ලබා දීමට කටයුතු කර තිබීම  සුවිශේෂී වේ . 

එසේම වෙළෙඳපොලේ  අනෙකුත්  තරඟකාරී ආයතනයන්  අභිබවමින්   ලෝකයේ  උසස් තාක්ෂණයෙන් බල ගැන්වුණු   බලශක්ති සහ ඉංජිනේරු සේවා පාරිභෝගිකයන් වෙත පිරිනැමීම මෙන්ම  දිවයින පුරා නොමිලේ  උපදේශනය , තාක්ෂණික සහය සහ අලෙවියෙන්  පසු සේවාවන්  ලබා දීමටද Hayleys Solar ආයතනය බැඳී සිටී.ලංකාව පුරාම විහිදී ගිය (මහනුවර, මාතර, මීගමුව, යාපනය) අලෙවි සහ සේවා මධ්‍යස්ථානයන්ගෙන්  සහ නාවල පිහිටි Hayleys Fentons අත්දැකීම් මධයස්ථානය (Experience Centre) වෙතින් තම සේවාවන් පිළිබඳව අත්දැකීම් පාරිභෝගික ඔබ වෙත නොඅඩුව  ලබා දීමට Hayleys Fentons ආයතනයේ  කාර්ය මණ්ඩලය සූදානමින්  පසු වන්නේ  ආයතනයක්  ලෙසින්  ඔවුන්ගේ  කැප වීම තවදුරටත් තහවුරු කරමිනි.   

2025 අප්‍රේල් මාසයේදී  Hayleys Solar වෙතින්   ලාංකීය  පාරිභෝගිකයන්ට තවත් නවතම අත්දැකීමක් ලබා දීමට ශ්‍රී ලංකාව තුළ හයිබ්‍රිඩ් බැටරි විසඳුම් දියත් කිරීම සඳහා මලාව ප්‍රමුඛතම BYD ආයතනය හා හවුල්කාරිත්වය සමඟ සූදානමින් සිටී. ඒ තුළින් LV 5.0, HVS මැක්ස් ලයිට් වැනි කාර්යක්ෂම බලශක්ති ගබඩා විසඳුමක් ගෘහස්ථ හා වාණිජ භාවිතය සඳහා ලබා දීමට බලාපොරොත්තු වේ .  

Hayleys Fentons ආයතනයේ පාරිභෝගික සේවා අංකය වන 0112 102102 ඇමතීමෙන්  හෝ  [https://www.hailysfentons.com/] හරහා Hayleys Fentons වෙබ් අඩවිය වෙත පිවිසීමෙන්  ඔබට වැඩි විස්තර දැන ගැනීමේ හැකියාව ඇත.  

Hayleys Fentons ආයතනය සහ එහි බලශක්ති හා ඉංජිනේරු සේවා පිළිබඳ තවදුරටත් විස්තර දැන ගැනීම සඳහා, Hayleys Fentons Limited හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ Hayleys Solar හි ප්‍රධාන විධායක නිලධාරී රොෂේන්  පෙරේරා  මහතා සමඟින් පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව ඔබට මෙහිදී  නැරඹිය හැකිය. 



අදහස් (0)

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

ඔබේ අදහස් එවන්න

 

 
 

You may also like

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න
2025 අප්‍රේල් මස 29 266 0

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර


HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.
2025 අප්‍රේල් මස 29 76 0

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප


ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ
2025 අප්‍රේල් මස 18 1104 0

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස


ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය
2025 අප්‍රේල් මස 11 451 0

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ


ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.
2025 අප්‍රේල් මස 10 592 2

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.


NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි
2025 අප්‍රේල් මස 09 1147 2

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 266 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 76 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1104 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site