IMG-LOGO

2024 දෙසැම්බර් මස 11 වන බදාදා


රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි

 

නිෂ්පාදනය, අලෙවිකරණය හා බෙදාහැරීම යන අංශ ඔස්සේ නව්‍යකරණයෙන් පිරිපුන් උසස් තත්ත්වයේ කුඩ සහ මදුරු දැල් ඇතුළු නිෂ්පාදන පෙළක් හඳුන්වාදෙමින් ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනා වෙළෙඳපොළ ජයගත් රේන්කෝ පුද්ගලික සමාගම වෙත ශ්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය (SLSI) විසින්  ISO 9001:2015 තත්ත්ව සහතිකය පිරිනමා ඇත. 

අව් වැසි වළකාගන්නට භාවිතා වූ සාම්ප‍්‍රදායික ”කුඩය” කාලයේ තාලයට ගැලපෙන ලෙස නව්‍යකරණයෙන් බලගැන්වූ නිර්මාණාත්මක කුඩ නිෂ්පාදන පෙළක් ලෙස වෙළෙඳපොළට හඳුන්වාදෙන, වර්ෂාව  (Rain) සමග ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට නිරතුරුවම සිහිපත්වන සන්නාමය ලෙස කීර්තිමත් ”රේන්කෝ” අනගි නිෂ්පාදන පෙළ හඳුන්වා දුන් රේන්කෝ පුද්ගලික සමාගම ශ්‍රී ලංකාවේ කුඩ නිෂ්පාදන හා මදුරු දැල් නිෂ්පාදනය සඳහා  ISO 9001-2015  තත්ත්ව සහතිකය ලත් එකම නිෂ්පාදන ආයතනය ලෙස වෙළෙඳපොලේ කැපී පෙනෙයි. 2002 වසරේ සිට ISO මූලික ප‍්‍රමිති සහතිකය ලබා ක්ෂේත‍්‍රයට සම්මතයන් හඳුන්වා දුන් පුරෝගාමියා බවට පත්ව සිටින රේන්කෝ පුද්ගලික සමාගම ISO 9001-2015 තත්ත්ව සහතිකය සමග තවදුරටත් සිය නිෂ්පාදන ක‍්‍රියාවලියේ විශිෂ්ඨත්වය සනාථ කොට තිබේ.

ISO 9001-2015 ප‍්‍රමිති සහතිකය පිළිබඳ අදහස් දැක්වූ රේන්කෝ පුද්ගලික සමාගමේ තත්ත්ව ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානී අසීම් ඔමර් මහතා ”රේන්කෝ පුද්ගලික සමාගමේ නිෂ්පාදන ක‍්‍රියාවලියේ කාර්යක්ෂමතාවය හා සඵලදායීතාවය පවත්වාගැනීමට තත්ත්ව ආරක්ෂණ ක‍්‍රියාවලිය පිළිබඳ වැඩි අවධානයක් යොමුකොට තිබෙනවා. පාරිභෝගික ජනතාව තෘප්තිමත් වෙන ආකාරයෙන් වෙනස්වෙන අවශ්‍යතාවයන්ට ගැලපෙන්න අපගේ නිෂ්පාදනයන්ගේ උසස් තත්ත්වය පවත්වාගෙන යන්නට දරන නොනවතින උත්සාහය ISO 9001-2015 ප‍්‍රමිති සහතිකයෙන් පිළිබිඹු වෙනවා.” යැයි පැවසීය.

රේන්කෝ පුද්ගලික සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී දිනේෂ් ධර්මරත්න මහතා අදහස් දක්වමින් ” විශිෂ්ඨත්වය අරමුණු කරගත් අපගේ ව්‍යාපාර සංස්කෘතිය තුළදී නව්‍යකරණයට හා උසස් ප‍්‍රමිතිය පවත්වාගෙන යාමට ප‍්‍රධාන තැනක් ලබාදෙනවා. පාරිභෝගික අවශ්‍යතා සම්පූර්ණ කිරීමට පවතින නිෂ්පාදන නවීකරණය කිරීමත් කාලයේ තාලයට ගැලපෙන්න නවතම නිෂ්පාදන හඳුන්වාදීමත් සිදුකරන අතරේ සම්බන්ධතා ජාලය ශක්තිමත් කරගනිමින් ජාත්‍යන්තර වෙළෙඳපොළ ජයගැනීමට ISO 9001-2015 ප‍්‍රමිති සහතිකය සුවිශේෂී දිරිමත් කිරීමක්.” යැයි පැවසීය. 

රේන්කෝ සමූහ ව්‍යාපාරයට අයත් Giftworks ශ්‍රී ලාංකීය ත්‍යාග භාණ්ඩ වෙළෙඳපොළට නව ප‍්‍රවණතා හඳුන්වා දීමේ පුරෝගාමී ආයතනය ලෙස කැපී පෙනෙයි. ගෘහස්ථ අවශ්‍යතා සපුරාලන ත්‍යාග භාණ්ඩ, ව්‍යාපාර ප‍්‍රවර්ධන වැඩසටහන් සඳහා යොදාගන්නා භාණ්ඩ (promotional merchandise), ආයතනික ත්‍යාග භාණ්ඩ (corporate gifts) උත්සව අවස්ථා සඳහා අවශ්‍ය ත්‍යාග භාණ්ඩ ලෙස පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා අනුව සකසා දෙන කුඩ, මග්, පෑන් යනාදී භාණ්ඩ රැසක් Giftworks  නිෂ්පාදන පෙළට ඇතුලත් වේ. රේන්කෝ සමූහ ව්‍යාපාරයට අයත් තවත් ආයතනයක් වන  Zeelyne ලොව ප‍්‍රමුඛතම යුරෝපීය හා ඇමරිකානු සමාගම් ඇතුළු ජාත්‍යන්තර සමාගම් රැසකට අවශ්‍ය කුඩ සහ වැහිකබා ඇතුළු rainwear නිෂ්පාදන සකස් කිරීමටත් කොටස් කපා මසා නිමකළ භාණ්ඩ නිෂ්පාදනය (cut and sew products)  උදෙසාත් නිර්මාණය කොට ඇත.

කුඩය සඳහා ශ්‍රී ලාංකිකයන්ගේ දෛනික ජනජීවිතය තුළ හිමිව තිබෙන සාම්ප‍්‍රදායික හුරුව ”ජීවන විලාසිතාවක්” දක්වා පරිවර්තනය කිරීමේ අරමුණ ඇතිව පසුගිය කාලය මුළුල්ලේම නව නිපැයුම් රැසක් වෙළෙඳපොළට හඳුන්වාදෙන්නට මූලික වූ රේන්කෝ පුද්ගලික සමාගම සවිබල ගන්වමින් 600 කට අධික කාර්ය මණ්ඩලයක් සේවයේ නිරතව සිටියි. කුමන තරාතිරමක, කුමන අවශ්‍යතාව මත පැමිණියද එම සියළු වෙළෙඳපොළ අවශ්‍යතා සම්පූර්ණ කොට පාරිභෝගිකයා තෘප්තිමත් කිරීමෙහිලා රේන්කෝ සමත්ව සිටියි. අන්තර්ජාතික සන්නාම රැසක් සමග අත්වැල් බැඳගනිමින් ජාත්‍යන්තර වෙළෙඳපොළේ ශ්‍රී ලාංකීය නාමය බබලවන රේන්කෝ තරගකාරී ගෝලීය ව්‍යාපාර පරිසරය තුළ සාර්ථක ලෙස සිය ස්ථාවරත්වය රැකගෙන සිටියි.

 



අදහස් (6)

රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි

priyantha Sunday, 05 November 2023 10:28 AM

මේ නෝනා තමා ටිකක් වස කෑවට කමක් නෑ කීවේ

:       0       11

Nimal Wednesday, 22 November 2023 07:37 PM

සුබ පැතුම් Rainco. ගෞරවනීය ව්‍යාපාර කළමනාකරණය කළ යුතු ආකාරය ඔබ පෙන්වා දී ඇත.

:       1       0

කී අමරසිංහ Monday, 18 December 2023 12:39 PM

ප්‍රමිතිය කොහොම වෙතත් ලුගවල ආයු කාලය සීර ලෙස අඩුවෙලා

:       1       0

Karu Monday, 25 December 2023 10:47 PM

කවුද මේ කාන්තාව. ඇයද ඒ ප්‍රමිති නෝනා.

:       0       0

priyantha Wednesday, 27 December 2023 10:25 AM

වස ටිකක් කෑවට කමක් නෑ අනේ

:       0       0

priyantha Wednesday, 27 December 2023 10:27 AM

මේ ගෑනිගෙන් අයි.එස්.ඕ අනේ පව් පාරේ යන හිඟන්නෙක් ගෙන් ගන්නවා හොඳයි මිනිස්සුන්ට වස කවන්න උදව් කරනා කාලකන්නි

:       0       0

ඔබේ අදහස් එවන්න

You may also like

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී
2024 දෙසැම්බර් මස 11 42 0

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්


ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය
2024 දෙසැම්බර් මස 10 42 0

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ


සියපත ෆිනෑන්ස් පීඑල්සී දෙනියාය ශාඛාව දැන් විවෘතයි
2024 දෙසැම්බර් මස 05 98 0

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 52 වැනි ශාඛාව දෙනියාය, පල්ලේගම


සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි
2024 දෙසැම්බර් මස 03 290 0

බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස


BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි
2024 නොවැම්බර් මස 05 743 0

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව


සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි
2024 ඔක්තෝබර් මස 18 865 0

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.


මේවාටත් කැමතිවනු ඇති

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 42 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 42 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

සියපත ෆිනෑන්ස් පීඑල්සී දෙනියාය ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 05 98 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී දෙනියාය ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 52 වැනි ශාඛාව දෙනියාය, පල්ලේගම

Our Group Site