IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


යුනියන් ඇෂුවරන්ස් වෙතින් HEALTH 360

ශ්‍රී ලංකාවේ වඩාත්ම පරිපූර්ණ සෞඛ්‍ය රක්ෂණය

යුනියන් ඇෂුවරන්ස් සමාගමේ HEALTH 360 සෞඛ්‍ය රක්ෂණය 2021 ඔක්තෝබර් 13 දින නිල වශයෙන් හඳුන්වා දෙන ලදි. මුළු පවුලටම රැකවරණය දෙන සුවිශේෂී සෞඛ්‍ය රක්ෂණ විසඳුමක් වන මෙය, රක්ෂිතයාගේ සැමියා/බිරිඳ, දරුවන් සහ දෙමාපියන් ඇතුළු පරම්පරා 3 කට රැකවරණය සමග ප්‍රතිලාභ රාශියක් ලබාදෙයි.

සෞඛ්‍ය ගැටලු යනු කල්තබා අනුමාන කළ හැකි දෙයක් නොවේ. එම නිසා, ක්‍රමයෙන් ඉහළ යන සෞඛ්‍ය වියදම් පියවා ගැනීමට සවිමත් අත්වැලක් සැපයීමේ අරමුණින් HEALTH 360 හඳුන්වා දීමට යුනියන් ඇෂුවරන්ස් කටයුතු කළේ ය. මෙමගින් රක්ෂණ හිමියන්ට සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ට සෞඛ්‍ය ගැටලු හමුවේ වියදම් පිළිබඳ සිත් තැවුලට පත් නොවී හොඳම ප්‍රතිකාර සේවාවන් ලබාගැනීමට අවස්ථාව ලැබේ.

“ඔබේ පවුල යනු ඔබ සතු වටිනාම සම්පතයි. පවුලේ යහපැවැත්ම මුදලට හෝ වෙනත් කිසිදු දෙයකට තක්සේරු කරන්නට බැහැ. අද දවසේ අප බොහෝ සෞඛ්‍ය ගැටලු වලට මුහුණ දෙනවා. ඒවා පිළිබඳව අනාවැකි කීමට කාටවත් හැකියාවක් නැහැ. ඒ නිසාම මෙම ගැටලු වලට මුහුණ දීමට අප කාටත් සවිමත් අත්වැලක් අවශ්‍ය වෙනවා. අප සිටින්නේ ශ්‍රී ලාංකිකයන්ගෙන් 83% ක්ම බෝ නොවන රෝග වලින් පෙළෙන කාලයකයි. මේ අතරින් 35% ක්ම හදවත සම්බන්ධ රෝග ලෙස හඳුනාගෙන තිබෙනවා. සෑම වසරක මිලියන 4.7 ක පමණ පිරිසක් රෝහල්ගත වන අතර, 25,000 කට වැඩි පිරිසක් පිළිකා රෝගීන් ලෙස හඳුනාගනු ලබනවා. මෙවැනි සෞඛ්‍ය ගැටලු නිසා කෙනෙකුගේ ඉතුරුම් ඉතාම ඉක්මනින් වැය වී අවසන් වන්නට පුළුවන්. එහෙත්  HEALTH 360 වැනි රැකවරණයක් ඇත්නම් ඔබට සිතේ සැහැල්ලුවෙන් යුතුව මෙරටදී හෝ විදේශයන්හිදී හොඳම ප්‍රතිකාර ලබාගැනීමට අවස්ථාව සැලසෙනවා.” යුනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් මහතා පැවසී ය.

යුනියන් ඇෂුවරන්ස් HEALTH 360 රැකවරණයේ විශේෂත්වය වන්නේ, එකම රක්ෂණ සැලසුමකින් මුළු පවුලේම සෞඛ්‍ය අවශ්‍යතා සඳහා පරිපූර්ණ ආවරණයක් ලැබීමයි. මේ යටතේ රෝහල් ගාස්තු, සැත්කම්, ඖෂධ, මාතෘ සේවාවන්, වෛද්‍ය ගාස්තු, දන්ත හා අක්ෂි ප්‍රතිකාර ඇතුළු බොහෝ දේ ආවරණය වේ. එමෙන්ම ඉහළම වයස් සීමාවක්, එනම් වයස අවුරුදු 75 දක්වා ආවරණය ලබාදෙන මෙහි උපරිම වාර්ෂික ආවරණ සීමාව රු. මිලියන 60 කි. මීට අමතරව සුවිශේෂී බරපතළ රෝග ආවරණයක්, බාහිර රෝගී ආවරණයක්, ආයුර්වේද රෝහල් වල නැවතී ප්‍රතිකාර ලැබීම සඳහා ආවරණයක්, සහ එන්නත් හා වෛද්‍ය පරීක්ෂණ ආවරණයක්ද යුනියන් ඇෂුවරන්ස් HEALTH 360 රැකවරණයට ඇතුළත් වී තිබේ.

ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරය වන ජෝන් කීල්ස් සමූහයේ සාමාජිකයෙකු සහ, මෙරට වැඩිම සම්මාන ගණනකින් පිදුම් ලැබූ රක්ෂණ සමාගම් අතරින් එකක් වන යුනියන් ඇෂුවරන්ස් සමාගම, 2021 ජූනි මාසය වන විට රු. බිලියන 16.6 ක වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයක්, රු. බිලියන 45.3 ක ක ජීවිත රක්ෂණ අරමුදලක් සහ 300% ක ප්‍රාග්ධන සප්‍රමාණතා අනුපාතයක් (Capital Adequacy Ratio - CAR) වාර්තා කරගෙන ඇත. ශ්‍රී ලාංකිකයන්ට තම සිහින හඹා යාමට අත්වැලක් වෙමින් එම සමාගම, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආයෝජන, රැකවරණය සහ විශ්‍රාම ජීවිතය යන විවිධ අංශ ආවරණය වන පරිදි රක්ෂණ විසඳුම් රාශියක් හඳුන්වා දී තිබේ. දිවයින පුරා විසිරුණු ශාඛා 76 ක් සහ 3,000 කට අධික කාර්ය මණ්ඩලයක් සමගින් යුනියන් ඇෂුවරන්ස් සමාගම මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ පරිවර්තනයන්ට සාර්ථක ලෙස මුහුණ දෙමින්, මානව සම්පත්, සේවාවන් හා ක්‍රියාවලි වැඩිදියුණු කිරීම සඳහා දිගින් දිගටම ආයෝජනයන් සිදුකරමින් සිටී.



අදහස් (3)

යුනියන් ඇෂුවරන්ස් වෙතින් HEALTH 360

don saman Thursday, 21 October 2021 09:58 AM

මේ මිනිස්සු ඔවුන් වෙනුවෙන් මුදල් ඉපයීමට උත්සාහ කරති. අන් අය සඳහා නොවේ. ඔවුන්ට මුදල් ඉපයීමට අවශ්‍ය වූ නිසාම ඔවුන් සෑම කෙනෙකුම වංචා කරති. වෘත්තීය සමිති සහතිකයට හසු නොවන්න

:       0       0

K.G. Dhanasiri de silva Friday, 22 October 2021 03:03 PM

ඇත්තෙන්ම හෙල්ත් - 360 විශිෂ්ට සෞඛ්‍ය සේවයක් බවට පත්වනු ඇත. කරුණාකර රක්‍ෂණ කර්මාන්තයේ ඇති අනෙකුත් සෞඛ්‍ය සේවා සමඟ මෙය සංසන්දනය කරමින් නව සේවාවේ විශේෂාංග හා ප්‍රතිලාභ අධ්‍යයනය කරන්න

:       0       0

Sisira Gunaratne Friday, 05 November 2021 07:59 AM

මම 2017 සිට ජීවිත රක්ෂණ හිමියෙක්. (සෞඛ්‍ය පහසුකම් සහිත)! මට මගේ ජීවිත රක්ෂණ ඔප්පුව සමඟ මෙම ප්‍රතිපත්තියට වෙනස් විය හැකිද? සෞඛ්‍ය පහසුකම් සඳහා මගේ සමීපතම පවුල ඇතුළත් කිරීමට මම අදහස් කරමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31172 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13325 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10960 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 61 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 894 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site