IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


යුනියන් ඇෂුවරන්ස් රක්ෂණ ක්ෂේත්‍රයේ සැබෑ වෙනසකට මුලපුරමින් ClickLife හඳුන්වා දෙයි

 

220 දෙසැම්බර් 07, කොළඹ: ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයට අයත් සමාගමක් වන යුනියන් ඇෂුවරන්ස් පසුගියදා ClickLife නමින් සුවිශේෂී විසඳුමක් හඳුන්වා දීමට කටයුතු කළේ ය. මෙමගින් ගනුදෙනුකරුවන්ට ඩිජිටල් තාක්ෂණය භාවිතා කරමින්, සුරක්ෂිත ලෙස, ඉක්මනින් හා පහසුවෙන් පරිපූර්ණ රක්ෂණ විසඳුම් හිමිකර ගැනීමට අවස්ථාව ලැබේ. 


“ClickLife හඳුන්වා දීම යනු ශ්‍රී ලාංකිකයන්ගේ සිහින සැබෑ කරමින්, වර්තමාන ජීවන රටාවන් හා යථාර්ථයන්ට ගැළපෙන ආකාරයේ  සරල හා සහනදායී රක්ෂණ විසඳුම් හඳුන්වා දීම සම්බන්ධ අපගේ දැක්ම නැවතත් තහවුරු කරන පියවරක්.  සාම්ප්‍රදායික ක්‍රමවේද, ලිපිලේඛන සහ භෞතික මැදිහත් වීම් වලින් තොරව රක්ෂණ මිලදී ගත හැකි සරල ක්‍රම හඳුන්වා දෙමින් අප ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය වෙනස් කරමින් සිටිනවා. ClickLife යනු පරිපූර්ණ ඩිජිටල් විසඳුමක්. එමගින් ඕනෑම කෙනෙකුට ඕනෑම තැනක සිට රක්ෂණ මිලදී ගැනීමත්, ඒවාට අදාළ අනෙකුත් කටයුතුත් ඉතා පහසුවෙන් සිදුකිරීමට හැකියාව ලැබේවි.” යුනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් මහතා පැවසී ය. 


වර්තමානයේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ClickLife රක්ෂණ මිලදීගන්නා මුල්ම ගනුදෙනුකරුවන් 1000 කට COVID-19 ආවරණයක් නොමිලේ ලබාදීමටද යුනියන් ඇෂුවරන්ස් සමාගම සැලසුම් කර තිබේ. දිනකට රු.23 ක් වැනි සුළු මුදලකට රු. මිලියන 2 ක් දක්වා ආවරණයක් හිමිවීම මෙම රක්ෂණයේ තවත් විශේෂත්වයකි. 


රක්ෂණයක් මිලදීගැනීමෙන් අනතුරුව, ඒ සම්බන්ධ ඉදිරි කටයුතු වලදී සංකීර්ණ හා කාලය වැයවන ක්‍රියාවලි වල යෙදීමේ අවශ්‍යතාව සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සඳහා අති නවීන ස්වයං-සේවා ජංගම යෙදුමක් (Self-servicing App) හඳුන්වා දීමටද යුනියන් ඇෂුවරන්ස් සමාගම පියවර ගෙන ඇත. මෙම යෙදුම මගින්, රක්ෂණ සඳහා ගෙවිය යුතු වාරික, ශේෂයන් සහ හිමිකම් මුදල් ඉල්ලීම් සම්බන්ධ තොරතුරු ආදිය පහසුවෙන් පරීක්ෂා කළ හැකි අතර, ඩිජිටල් රක්ෂණ ඔප්පු ණය සඳහා අයදුම් කිරීමේ අවස්ථාව පවා ලබා දී තිබේ. මෙම යෙදුම තුළ ශරීර සුවතාව සම්බන්ධ ‘Health Tracker’ ක්‍රමයක්ද ඇතුළත් වන අතර මෙය ක්ෂණිකව තෑගි වවුචර හා වට්ටම් කූපන හිමිවන ත්‍යාග වැඩසටහනකටද සම්බන්ධ කර ඇත. 


COVID-19 වසංගත තත්ත්වය කෙදින අවසන් වේදැයි අනාවැකි කිව නොහැකි තත්ත්වයක් තුළ යුනියන් ඇෂුවරන්ස් සමාගම නවෝත්පාදනය, අනුගත වීම සහ අභියෝග වලට ශක්තිමත්ව මුහුණ දීම යන සාධක මූලික කරමින් තම ඩිජිටල් පරිවර්තනය පුළුල් කරමින් සිටී. ලිපිලේඛන, නියෝජිත මැදිහත්වීම් හෝ වෛද්‍ය වාර්තා ආදිය නොමැතිව රක්ෂණ මිලදීගැනීමට හැකිවීම ශ්‍රී ලංකාවට තවමත් අලුත් සංකල්පයකි. එමෙන්ම අන්තර්ජාලය ඔස්සේ රක්ෂණ මිලදී ගැනීමේ ක්‍රමයද ශ්‍රී ලංකාවට තවමත් අලුත් ය. ClickLife සහ ස්වයං-සේවා යෙදුමක් හඳුන්වා දීම වැනි පියවර ඔස්සේ, ජාත්‍යන්තර වශයෙන් දියුණු වෙමින් පවතින නව ක්‍රමවේදයන්ට අනුව තම රක්ෂණ අවශ්‍යතා තමන්ට කැමති ආකාරයට පාලනය හා කළමනාකරණය කිරීමේ අවස්ථාව ගනුදෙනුකරුවන් වෙත ලබාදීම යුනියන් ඇෂුවරන්ස් සමාගමේ අපේක්ෂාව වී තිබේ. 


ශ්‍රී ලංකාවේ වැඩිම සම්මාන ගණනකින් පිදුම් ලැබූ රක්ෂණ සමාගම් අතරින් එකක් වන යුනියන් ඇෂුවරන්ස් සමාගම, වසර 30 කට අධික සාර්ථක ඉතිහාසයක අභිමානය සමගින්, රු. බිලියන 18 ක වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයක්, රු. බිලියන 40 ක ජීවිත රක්ෂණ අරමුදලක් සහ, 2020 ඔක්තෝබර් මාසය වන විට 461% ක ප්‍රාග්ධන සප්‍රමාණතා අනුපාතයක් (Capital Adequacy Ratio - CAR) වාර්තා කරගෙන ඇත. ශ්‍රී ලාංකිකයන්ට තම සිහින හඹා යාමට අත්වැලක් වෙමින් එම සමාගම, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආයෝජන, රැකවරණය සහ විශ්‍රාම ජීවිතය යන විවිධ අංශ ආවරණය වන පරිදි රක්ෂණ විසඳුම් රාශියක් හඳුන්වා දී තිබේ. දිවයින පුරා විසිරුණු ශාඛා 76 ක් සහ 3,000 කට අධික කාර්ය මණ්ඩලයක් සමගින් යුනියන් ඇෂුවරන්ස් සමාගම මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ පරිවර්තනයන්ට සාර්ථක ලෙස මුහුණ දෙමින්, මානව සම්පත්, සේවාවන් හා ක්‍රියාවලි වැඩිදියුණු කිරීම සඳහා දිගින් දිගටම ආයෝජනයන් සිදුකරමින් සිටී. 

විස්තර සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක 1330 ක්ෂණික ඇමතුම් අංකය අමතන්න. [email protected] ඊමේල් ලිපිනයෙන් හා clicklife.lk වෙත පිවිසීමෙන්ද වැඩිදුර තොරතුරු ලබාගත හැක. 



අදහස් (0)

යුනියන් ඇෂුවරන්ස් රක්ෂණ ක්ෂේත්‍රයේ සැබෑ වෙනසකට මුලපුරමින් ClickLife හඳුන්වා දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 370 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2165 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1642 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site