IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


මේ දිනවල පවතින අධික උෂ්ණත්වයෙන් මිදෙන්නට ඔබ අනුගමනය කළ යුතුම පියවර

මේ දිනවල දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ උෂ්ණත්වය අධික ලෙස ඉහළ ගිහින්- වායු සමීකරණ යන්ත්‍ර බොහෝවිට කාර්යාලවලට සහ කර්මාන්තශාලාවලට පමණක් සීමා වී ඇති නිසා, එළිමහනේ රැකියාවල නිරත වන අයටත් නිවෙස් වල සිටින අයටත් තමන්ට හැකි පමණින් උෂ්ණත්වය පාලනය කර ගන්නට ක්‍රියාමාර්ග අනුගමනය කරන්නට සිදු වෙනවා-

රැකියා සඳහා නිවසින් පිටත යන හෝ එළිමහන් රැකියාවල නියුතු බොහෝ අයට මෙම දැඩි හිරු රශ්මියත් අධික උෂ්ණත්වයත් නිසා සෞඛ්‍ය ගැටලු ඇති වීමේ වැඩි අවදානමක් පවතිනවා-

ඔබ නිවසේ රැඳී සිටියත් නිවසින් පිටව සිටියත් මේ අධික උෂ්ණත්වයෙන් ආරක්ෂා වෙන්න මෙන්න මේ පියවර කිහිපය අනුගමනය කරන්න

 

ඔබ එළිමහනේ ගත කරන කාලය නිසි ලෙස සැලසුම් කර ගන්න

මේ දිනවල උදෑසන 10 සිට සවස 4 දක්වා කාලය අධික හිරු එළියත් සමඟ උෂ්ණාධිකම කාලයයි- ඒ නිසා, ඔබ දවසේ උණුසුම්ම වේලාවන් මඟහරවා ගනිමින් උදේ 10ට පෙර සහ සවස 4 හෝ 5 න් පසු ඔබේ ගමන් බිමන් සැලසුම් කරන්න.

 

ඔබේ හිස ආවරණය කර ගන්න

හිරු එළියේ සිටින සෑම විටම කුඩයක් භාවිතා කිරීමට හෝ තොප්පියක් පැළඳීමට අමතක කරන්න එපා-

 

සුවපහසු කපු ඇඳුම් අඳින්න

ඔබේ ශරීරය සිසිල්ව තබා ගැනීමට ඉඩ සලසන ලිහිල්, සුවපහසු ඇඳුම් අඳින්න.

 

වැඩිපුර ජලය පානය කරන්න

මෙම උණුසුම් කාලගුණය ඔබව ඉතා ඉක්මනින් විජලනයට පත් කරයි. ඒ නිසා, ඔබ සෑම විටම වතුර බෝතලයක් ළඟ තබා ගෙන එය නිතරම පානය කරන්න. ඔබ වසරේ අනෙකුත් කාලවලට වඩා මේ කාලයේ ජලය පරිභෝජනය කළ යුතුයි.

 

ඔබේ ඇස් අධික හිරු එළියෙන් ආරක්ෂා කරගන්න

අධික හිරු එළියේ තියෙන විවිධ අහිතකර කිරණ සමට සහ ඇස්වලට අහිතකරයි. තද අව්ව සහිත දිනවල පිටතට යන විට සහ එළිමහනේ ඇවිදීමේදී ඔබේ ඇස් හිරු එළියෙන් ආරක්ෂා කරගැනීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම ඉතා වැදගත්.

ඇස් දෙක අධික හිරු එළියෙන් ආරක්ෂා කර ගන්නට තියෙන හොඳම විසඳුම තමයි නිවැරදි උපදෙස්වලට ගැළපෙන අව් කණ්ණාඩි භාවිතා කිරීම. අව් කණ්ණාඩි පැළඳීම මඟින් ඔබට ඔබේ ඇස් හානිකර ඹඪ (ඹකඑර් ඪසදකැඑ) කිරණවලට නිරාවරණය වීම වැළක්වෙනවා මෙන්ම පසුකාලීනව ඇසේ ඇති විය හැකි බොහෝ දෝෂයන් මගහරවා ගත හැකි- විශේෂයෙන් ඔබ දැඩි හිරු රශ්මියේ වැඩි කාලයක් ගත කරන විට ඇස්වලට ඇති වන තෙහෙට්ටුව සහ ඇස් වෙහෙස පත් වීම අඩු කිරීමට ද එය උපකාරී වේ. රිය පැදවීම හෝ පදින අය අව් කණ්ණාඩි පැලඳීම මඟින් දැඩි ආලෝක නිසා ඇති වන දැකීමේ අපැහැදිළිතා මගහරවා ගන්නට අවස්ථාව ලැබෙනවා. මන්ද පැහැදිලි දර්ශනය මාර්ගයේ සිදුවන ඕනෑම අනතුරකට ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමට උපකාරී වනවා.

අව් කණ්ණාඩි යුගලයක් මිලදී ගැනීමට පෙර ඔබ නිසි ආකාරයේ අක්ෂි පරීක්ෂණයකට යොමු වීම වැදගත්- මේ සඳහා නවීන තාක්ෂණය භාවිතා කරන, සුදුසුකම් ලත් පළපුරුදු දෘෂ්ටි විශේෂඥයින් සේවය කරන විශ්වාසවන්ත අක්ෂි සත්කාර සේවා සපයන්නෙකු වෙත යාමට වග බලා ගන්න. ඔබ මිලදී ගන්නා අව් කණ්ණාඩි ඹඪ (ඹකඑර් ඪසදකැඑ) ආරක්ෂිත විය යුතුය.



අදහස් (1)

මේ දිනවල පවතින අධික උෂ්ණත්වයෙන් මිදෙන්නට ඔබ අනුගමනය කළ යුතුම පියවර

ලිසරි Monday, 08 May 2023 07:41 PM

හොඳ වැඩක්

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 269 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16193 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 591 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site