IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


ඩයලොග් ආසිආටා, Huawei, Simsyn සහ අධ්‍යාපන අමාත්‍යාංශය දුරස්ථ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යාම සඳහා ද

 

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, Huawei සහ Simsyn සමඟ එක්ව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තෝරාගත් දිවයින පුරා පාසල් සඳහා ටෙලි සම්මන්ත‍්‍රණ පහසුකම් ලබා දෙමින් අධ්‍යාපන ක්ෂේත‍්‍රය වෙත සිය අඛණ්ඩ සහයෝගයෙහි තවත් පියවරක් තබන ලදී. මෙය 2020 මාර්තු මාසයේදී දියත් කරන ලද නැණස 1377 දුරස්ථ ඉගෙනුම් වැඩසටහනේ දිගුවකි. කොවිඩ්-19 සමයේ පාසල් විසින් අනුගමනය කරනු ලබන අනෙකුත් මාර්ගගත (online) ඉගැන්වීම් විසඳුම් මෙන් නොව, මෙය භාවිතයට සිසුන්ට අන්තර්ජාල ප‍්‍රවේශය අවශ්‍ය නොවීමත්,  ඕනෑම දුරකථන ජාලයකින් සම්බන්ධ විය හැකි වීමත් විශේෂත්වයකි. 

 ඕනෑම උපාංගයක් සහ  ඕනෑම දුරකථන ජාලයක් භාවිතා කරමින් සිසුන්ට සහ ගුරුවරුන්ට මෙම දුරස්ථ ඉගෙනුම් විසඳුම සමඟ නොමිලේම සම්බන්ධ වී අධ්‍යාපන සම්මන්ත‍්‍රණ පවත්වන්නට හැකියාව ලැබේ.  අන්තර්ජාල ප‍්‍රවේශය ඇති සිසුන්ට ස්මාර්ට් ජංගම දුරකතනයක් හෝ ලැප්ටොප් පරිගණකයක් හරහා පිවිසීමෙන් සම්බන්ධ විය හැකි අතර අනෙක් සියල්ලන්ට  ඕනෑම ජාලයකින් ගාස්තු රහිතව නැණස 1377 අංකය ඇමතීමෙන් සරල ජංගම දුරකථන හෝ ස්ථාවර දුරකථන හරහා සම්බන්ධ විය හැකිය. මෙම සේවාවට 1377 අංකය හරහා වරකට එක් පාසලකින් සිසුන් 48 දෙනෙකුත්, වෙබ් ද්වාරය හරහා සිසුන් 100 දෙනෙකුත් සම්බන්ධ කළ හැකිය. මෙම දුරස්ථ ඉගෙනුම් සේවාව දැනට පාසල් 100ක ස්ථාපිත කොට ඇති අතර, කොවිඩ්-19 සමය තුළ අඛණ්ඩව අධ්‍යාපන කටයුතු කරගෙන යාම උදෙසා ඉටු කෙරෙන මෙම සේවාව පාසල් 1000 ක් දක්වා වර්ධනය කිරීමට කටයුතු කෙරෙන අතර එමගින් දරුවන්ට සමාන අධ්‍යාපන ප‍්‍රවේශයක් සහ නිවෙස්වල සුරක්ෂිතව රැඳෙමින් ඉගෙනීමට අවස්ථාව ලබා දෙයි.  

 

ගරු අධ්‍යාපන, ක‍්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙසේ පැවසීය. “අද අපි ශ‍්‍රී ලංකා අධ්‍යාපන ක‍්‍රමයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කළා. මෙම ගෝලීය වසංගතය අධ්‍යාපන අංශයට අහිතකර ලෙස බලපා ඇති අතර එයට ඉක්මන් විසඳුම් සෙවීමට බොහෝ රටවල් කටයුතු කළා. අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ දියුණුව උදෙසා දැවැන්ත පියවරක් ගනිමින් ඩයලොග් ආසිආටා සමාගම රට තුළ දුරස්ථ අධ්‍යාපනය සඳහා පහසුකම් සලසා තිබෙනවා.  විවිධ මාධ්‍යයන් තුළින් දරුවන්ට දුරස්ථව ඉගෙනීමේ ක‍්‍රමවේද ස්ථාපිත කරන්නට අපි මෙම සුවිශේෂී තත්ත්වය හොඳ අවස්ථාවක් කරගත්තා. කෙසේ වෙතත්, ශ‍්‍රී ලාංකික පවුල් වලින් අන්තර්ජාල පහසුකම් ඇත්තේ 30% කටත් වඩා අඩු පිරිසකට යි.  ඩයලොග් සමඟ හවුල් වෙමින් අපට දැන් පුළුල් ලෙස ප‍්‍රවේශ විය හැකි මාධ්‍යයක් වන දුරකථනය හරහා තවත් සිසුන් වෙත ළඟා විය හැකි වෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ‍්‍රී ලංකා රජය වෙනුවෙන් ඩයලොග් සමාගම වෙත මාගේ කෘතඥතාව පළ කිරීමට කැමතියි. අඛණ්ඩ අධ්‍යාපන සේවාවක් සහතික කිරීම සඳහා ඩයලොග් සමාගම වසර ගණනාවක් තිස්සේ අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් කටයුතු කර තිබෙනවා. අධ්‍යාපනික ආයතන වසා දමා ඇති සමයක සැමට සාධාරණ අධ්‍යාපන අවස්ථාවන් ලබා දීමට අපිට හැකි වී තිබෙනවා”

මේ පිළිබඳව අදහස් දක්වමින් ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප‍්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා මෙසේ පැවසීය.  “පවතින තත්ත්වය වෙනුවෙන් මීට පෙර අධ්‍යාපන අමාත්‍යාංශය වෙත සපයා දුන් නැණස 1377 දුරස්ථ ඉගෙනුම් උපකාරක දුරකථන අංකයට වැඩි ශක්‍යතාවයක් එක් කිරීම සඳහා මෙම නව ටෙලි සම්මන්ත‍්‍රණ විසඳුම නිර්මාණය කිරීම වෙනුවෙන් අපි අධ්‍යාපන අමාත්‍යාංශය සමග සහයෝගයෙන් කටයුතු කළා. දිවයින පුරා පිහිටි පාසල් 1000 ක ගුරුවරුන්ට ඔවුන්ගේ ඉගැන්වුම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කිරීමට මේ සමූහ ඇමතුම් සේවාව සමත් වෙනවා. ගුණාත්මක අධ්‍යාපනයක් වෙනුවෙන් උසස් ප‍්‍රමිතීන් සහතික කරන්නටත්, ගුරුවරුන් සහ සිසුන් මුහුණ දෙන විෂමතාවන් මඟහරවා ගන්නටත් මින් හැකි වෙනවා. මෙම දුරස්ථ ඉගෙනුම් විසඳුම සියලු ජාල හරහා නිදහසේ ලබා ගත හැකි සේ පහසුකම් සැලසීම සඳහා ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ අනෙකුත් දුරකථන සේවා සපයන්නන් දරන ලද උත්සාහයන් පිළිබඳව අපගේ කෘතඥතාව පළ කිරීමට අපි මෙය අවස්ථාවක් කර ගන්නවා. අපේ අරමුණ අද දින හඳුන්වා දෙන ලද මෙම සේවාව සමඟ ගුරුවරුන්ට සහ සිසුන්ට රටේ බහුලව පවතින සරල සහ ඵලදායී පහසුකම්වලින් එකක් වන, දුරකථන සේවාව හරහා ඉගෙනුම් කටයුතු කරගෙන යන්නට හැකි පසුබිමක් සකසා දීමයි.”

ඩයලොග් ආසිආටා විසින් දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ පවත්වාගෙන යනු ලබන Dialog කුසලතා ශිෂ්‍යත්ව වලට අමතරව, වසර ගණනාවක සිට  නැණස වැඩසටහන යටතේ පවත්වාගෙන යන නැණස දුරස්ථ අධ්‍යාපන රුපවාහිනී නාලිකා දෙක, නැණස සුහුරු පාසල් ඩිජිටල් පරිවර්තන වැඩසටහන, නැණස App (ස්මාර්ට් ෆෝන් යෙදුම) සහ නව නැණස 1377 සා/පෙළ උපකාරක සේවාව ඇතුළු අධ්‍යාපනික සේවා රාශියක් සිසුන්ගේ අධ්‍යාපනය නොඅඩුව ගෙන යාමට පවත්වාගෙන යයි.

ලොවටම අසීරු කාලපරිච්ඡේදයක් මධ්‍යයේ අධ්‍යාපන අංශයට සහයෝගය දැක්වීම, වසංගතයට එරෙහි ජාතික සටනට එක්වීමට ඩයලොග් ආසිආටා ගත් තවත් උත්සාහයක් ලෙස දැක්විය හැකිය. මීට අමතරව, මිලියන 15 කට අධික පාරිභෝගිකයන්ට සහ මහජනතාවට විවිධාකාර ආකාරවලින් ප‍්‍රවේශ විය හැකි ඊ-කනෙක්ට්, ඉලෙක්ට්‍රොනික ඉගෙනුම්, ඉ-සෞඛ්‍ය සේවා, ඉ-විනෝදාස්වාද, ඉ-ආරක්ෂණ සහ ඉ-වෘත්තීය විසඳුම් https://www.dialog.lk/home හරහා පිවිසිය හැක) ඩයලොග් සමාගම ලබා දී තිබේ. මේමගින් ශ‍්‍රී ලාංකික ජනතාව ආරක්ෂිතව නිවසේ රැඳී සිටිමින් තාක්ෂණය හරහා එකිනෙකා හා සහසම්බන්ධව සිටින්නට අවස්ථාව උදා වී තිබේ.



අදහස් (0)

ඩයලොග් ආසිආටා, Huawei, Simsyn සහ අධ්‍යාපන අමාත්‍යාංශය දුරස්ථ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යාම සඳහා ද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 60 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 348 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 363 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site