IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කලා පොළ 2023 එළිමහන් කලා ප්‍රදර්ශනය 30වන වසර සමරයි

ශ්‍රී ලංකාවේ වාර්ෂික එළිමහන් කලා ප්‍රදර්ශනය වන කලා පොළ, 2023 පෙබරවාරි 19 වැනි දින ආනන්ද කුමාරස්වාමි මාවතේදී (එනම් ග්‍රීන් පාත්) පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලාංකීය කලාකරුවන්ගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමෙහිලා සුවිශේෂී කර්තව්‍යක් ඉටු කරනු ලබන කලා පොළ, මෙවර වසර 30 ක ගමන් මග සමරනු ලබයි. පැරීසියේ මොන්මාට්‍රා හි ලෝ ප්‍රකට එළිමහන් කලා ප්‍රදර්ශනවලින් සහ ඔක්ස්ෆර්ඩ් හි ටර්ල් වීදි කළා සැණකෙළිය තුලින් අභාෂය ලබාගත් කලා පොළ 2023 මෙවරත් දිවයින පුරා විසිරී සිටින විවිධ කලා ලෝලීන් එක්රැස් කරමින් කලාකරුවන්ට තම චිත්‍ර ප්‍රදර්ශනය කිරීමට සුවිශේෂී අවස්ථාවන් ලබා දීමට නියමිතය.

ජෝර්ජ් කීට් පදනම විසින් 1993 දී සංකල්පගත කර දියත් කරන ලද සහ 1994 වසරේ සිට ජෝන් කීල්ස් සමූහයේ අනුග්‍රහයෙන් ඉදිරියට යන කලා පොළ, සෑම වසරකම වැඩි නරඹන්නන් ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීම තුලින් කලාකරුවන්ට වැඩි ආදායමක් උපයා ගැනීමට අවස්ථාව උදා කර දෙයි.

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ නීතිමය, ලේඛක කටයුතු සහ ආයතනික සමාජ වගකීම් පිළිබඳ ප්‍රධානී නදීජා තම්බයියා මහත්මිය මෙසේ සිය අදහස් දැක්වීය. "ශ්‍රී ලංකාවේ කලාව සහ සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීමට සහ පෝෂණය කිරීමට ජෝන් කීල්ස් පදනම දරන උත්සාහයේ මූලික කටයුත්තක් ලෙස කලා පොළ හඳුන්වන්න පුළුවන්. මෙම දශක තුනක කාලය තුල කලා පොළ විසින් ජ්‍යෙෂ්ඨ සහ නැගී එන ශ්‍රී ලාංකීය කලාකරුවන්ට සිය දස්කම් දැක්වීමට වටිනා වේදිකාවක් සපයනු ලැබුවා."

“කලා පොළ සෑම විටම උත්සාහ කරන්නේ ශ්‍රී ලාංකීය කලාකරුවන්ට සිය හැකියාවන් වැඩි දියුණු කරගනිමින් ලොවටම ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් ලබා දීමට සහ දේශීය සහ විදේශීය ප්‍රේක්ෂකයින්ගේ සහයෝගය ඔවුන්ට ලඟා කර දීමටයි. මෙම වසරේ පවත්වනු ලබන කලා පොළ එළිමහන් කලා ප්‍රදර්ශනයට වැඩි වැඩියෙන් කලාකරුවන් සහභාගී වනු ඇතැයි සහ කලා ප්‍රජාවට සහාය වීමට නරඹන්නන් වැඩි පිරිසක් පැමිණෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා." ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ආයතනික සමාජ වගකීම් ප්‍රධානී කාමලීන් ජයසූරිය මහත්මිය මෙසේ සිය අදහස් දැක්වීය.

ජෝර්ජ් කීට් පදනමේ සභාපති මයිකල් ඇන්තනිස් මහතා මෙසේ සිය අදහස් දැක්වීය. "ජෝර්ජ් කීට් පදනමෙහි මූලික අරමුණ, විශේෂ වශයෙන් ශ්‍රී ලාංකීය කලාකරුවන්ට කලාව සඳහා අවස්ථාවන් ලබාදීම ලෙස හඳුන්වන්න පුළුවන්. පසුගිය දශක තුනක කාලය තුළ ශ්‍රී ලංකාවේ කලාකරුවන් සහ කලා ප්‍රජාව කෙරෙහි ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ඇති කැපවීම පිළිබඳව අපි සැබවින්ම කෘතඥ වෙනවා. ප්‍රධාන සංචාරක ආකර්ෂණයක් වන කලා පොළ සන්නාමය එහි වසර 30 පුරාවටම කොළඹ නගරයේ සුවිශේෂී සන්ධිස්ථානයක් දක්වා වර්ධනය වී තිබෙනවා. එයට කදිම සාක්‍ෂිය නම්, මේ වනවිට ග්‍රීන් පාත් වසර පුරාවටම ස්ථිර කුඩා පරිමාණ කලා වෙළෙඳපොළක් බවට පත්ව තිබීමයි."

කලාව සහ සංස්කෘතිය යනු ජෝන් කීල්ස් පදනම අවධානය යොමු කරන අංශ හයෙන් එකකි. ජෝන් කීල්ස් පදනම යනු කොළඹ කොටස් වෙළඳ පොළේ විශාලතම ලැයිස්තුගත සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී (JKH) හි සමාජ සත්කාර අංශයයි. වසර 150 කට අධික ඉතිහාසයක් ඇති ජෝන් කීල්ස් සමූහය, කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 70කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලබයි. ජෝන් කීල්ස් සමූහය සේවක සේවිකාවන් 14,0000 කට අධික පිරිසකට රැකියාවන් ලබා දෙන අතර වසර 17ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනය ලෙස LMD සඟරාව මගින් ශ්‍රේණිගත කර ඇත. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ (UNGC) සහභාගිකයෙකු වන ජෝන් කීල්ස්, ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්ව මුලපිරීම හරහා "බලගන්වමු දේශය හෙට දිනට" පිලිබඳ දැක්ම මෙහෙයවන අතර, Plasticcyle සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ උත්ප්‍රේරකයක් ලෙසින් ද ක්‍රියා කරයි.

 



අදහස් (0)

කලා පොළ 2023 එළිමහන් කලා ප්‍රදර්ශනය 30වන වසර සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 441 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1034 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site