IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

 

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක්ෂතාවය හා හැකියාව නිසා Airtel Fastest තරගාවලියේ සමස්ත ජයග‍්‍රාහකයා ලෙස ඔහු ඉස්මතු විය. ක‍්‍රීඩා පිටියේදී සතුටුදායක අවස්ථාවන්වල සිට ඔහු මෙතෙක් පැමිණි ගමන් මගේ උගත් පාඩම් දක්වා අපි එෂාන්ගෙන් විමසා සිටියෙමු. පහත දැක්වෙන්නේ උපුටා ගැනීම් කිහිපයකි

 

  • ඔයාගේ නම කුමක් ද?

මගේ නම එෂාන් මාලිංග. මට වයස අවු 22 යි

  • ඔබේ පවුලේ විස්තර ගැන පැවසුවොත්?

මගේ පවුලේ ඉන්නේ අම්මායි, තාත්තා සහ නංගී විතරයි

  • ඔබට වෘත්තීය මට්ටමින් ක‍්‍රිකට් ක‍්‍රීඩා කිරීමට අවශ්‍ය බව ඔබ තීරණය කළේ කවදාද?

මම වෘත්තීය මට්ටමින් ක‍්‍රිකට් ක‍්‍රීඩා කිරීමට අවශ්‍ය බව තීරණය කළේ මට වයස අවු 18 දී

  • කලම්බු ස්ට‍්‍රයිකර්ස් කණ්ඩායමේ ඔබ කරන භූමිකාව (ex: පන්දු යැවීම හෝ පන්දුවට පහර දීම) කුමක්ද?

මම දකුණතින් වේග පන්දු යවන්නෙක් ලෙස කටයුතු කරනවා

  • ඔබ LPL සඳහා තෝරාගෙන ඇති බව ඔබ දැනගත්තේ කවදාද? ඒ වෙලාවේ ඔබ මොනවද කරමින් සිටියේ?

එදා LPL සඳහා වන auction එක තිබුණ වෙලාවේ මම පුහුණු තරගයක් ක‍්‍රීඩා කරමින් හිටියේ. ඒ වෙලාවේ එකපාරටම කණ්ඩායමේ අය කෑගැහුවා. එතකොට තමයි මම දැනගත්තේ මාව කලම්බු ස්ට‍්‍රයිකර්ස් කණ්ඩායමෙන් මිලදී ගෙන ඇති බව.

  • ඔබ LPL සඳහා තෝරාගෙන ඇති බව දැනගත් විට ඔබට හැඟී ගියේ මොනවාද සහ ඔබගේ පවුලෙන් ඒ සඳහා ලැබුණු ප‍්‍රතිචාරය කෙබඳුද?

ඇත්තටම ඒ වෙලාවේ පුදුම සතුටක් දැනුනා. ඒ වෙලාවේ ගෙදර අ යමට ගොඩක් ජ්කකි අරගෙන තිබුනා. නමුත් මට ඒ වෙලාවේ ඒවාට පිළිතුරු ලබා දීමට හැකියාවක් තිබුණේ නෑ. ඒත් පස්සේ මම ජ්කක කරලා පවුලේ අයත් එකක් ඒ සතුට බෙදාහදා ගත්තා. ඇත්තටම එයාලටත් හරිම සතුටුයි ඒ ගැන.

  • LPL සඳහා පුහුණුවීම් කටයුතු/ක‍්‍රීඩා කිරීමේදී ඔබ ලැබූ අත්දැකීම් මොනවාද?

ඇත්තටම දේශීය වගේම විදේශීය ක‍්‍රීඩකයොත් ඇවිල්ලා හිටපු නිසා අත්දැකීම් රැසක් ලබා ගන්න පුළුවන් වුනා. ඉතිං එයාලගේ අත්දැකීම් එක්ක LPL තරගාවලියේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා. 

 

  • සාමාන්‍යයෙන් අපි ජාත්‍යන්තර මට්ටමෙන්  ඕනෑම ක‍්‍රීඩාවකට යොමු වීමේදී අපි අපගේ ශරීර යෝග්‍යතාවය පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. ඒ වෙලාවට අපිට ආස කරන කෑම කන්න වෙන්නේ නෑ. අපිට කෑම පිළිබඳව යම් පාලනයක් කරන්න වෙනවා. එහෙම බලද්දී සාමාන්‍යයෙන් ඔයා කන්න විශේෂයෙන් කැමති කෑම මොකක්ද?

මම Pizza කන්න කැමතියි. හැබැයි එහෙම කැමතියි කියලා ගොඩක් කන්න කැමතිත් නෑ

  • ඔබ ලංකාවේ වැඩියෙන්ම travel කරන්න ආසාම ප‍්‍රදේශය කුමක්ද?

ගාල්ල

විශේෂත්වය: මම beach side එකට කැමතියි

  • LPL තරඟාවලියේ ඔබේ ප‍්‍රියතම ක‍්‍රීඩකයින් නම් කළොත්?

මම වේගපන්දු යවන්නෙක් නිසා මම පාකිස්ථානයේ නසීම් ශාහ්ට කැමතියි. මට ඇත්තටම එයා එක්ක කතා කරන්න අවස්ථාව ලැබුණා. මම ඇහුවම එයාලා පුහුණුවීම්වලදී මොනවද කරන්නේ කියලා. ඔහුගේ ගොඩක් අත්දැකීම් මාත් ඒකක බෙදාහදා ගන්තා.

  • ලංකාවේ ඔයාගේ ප‍්‍රියතම ක‍්‍රීඩකයින් කවුද?

මම වේගපන්දු යවන්නෙක් නිසා මම වේගපන්දු යවන්නන්ට කැමතියි. මගේ ප‍්‍රියතම ක‍්‍රීඩකයින් තමයි ළහිරු කුමාර, ලසිත් මාලිංග සහ අසිත ප‍්‍රනාන්දු

  • LPL තරඟාවලිය අතරතුර ඔබට තරඟ ක‍්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුනාද?

මට ක‍්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබුණේ නෑ. නමුත් ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයින්ගෙන් විශාල සහයෝගයක් ලැබුණා. ළඟට ඇවිල්ලා ‘මල්ලි බය වෙන්න එපා ඔයාට පුළුවන් මේක කරන්න’ වගේ දේවල් කියලා අපිව නිතරම දිරිමත් කළා.

 

  • සාමාන්‍යයෙන් තරගයක් අවසානයේ ලැබෙන විවේක කාලයේදී ඔබ මොනවද කරන්නේ?

මතීෂ ගෙනත් තිබ්බා play station එකක්. ගොඩක් වෙලාවට අපි ඒක සෙල්ලම් කළා. නැත්නම් අපි pool එකේ සෙල්ලම් කරනවා.

  • LPL තරඟාවලිය අතරතුර ඔබට හමුවුනු හොඳම යාළුවා කවුද?

හැමෝම යාළුවෝ. ඒත් මගේ ක්ලබ් එකේ මාත් එක්ක ක‍්‍රීඩා කරන ශශික අයියත් එක්ක තමයි මම වැඩියෙන් හිටියේ.

  • ක‍්‍රිකට් ක‍්‍රීඩාවට අමතරව එෂාන් මාලිංග කියන ක‍්‍රීඩකයා වෙන මොනවටද දක්ෂ?

මම පාපන්දු ක‍්‍රීඩා කරන්න කැමතියි. ඒවගේම sing කරන්න කැමතියි.

  • ඔයා වැඩියෙන්ම use කරන apps මොනවාද?

ඹම වැඩියෙන්ම කරනවා Facebook, Instagram සහ Whatapp

  • ක‍්‍රිකට් සෙල්ලම් කරන්නේ නැති වෙලාවට ඔයා කරන්න කැමති මොනවද?

ක‍්‍රිකට් සෙල්ලම් කරන්නේ නැති වෙලාවට මම නිදාගන්න කැමතියි. විනෝදාංශයක් විදියට සින්දු අහන්න කැමතියි.

  • මම මෙහෙම ඇහුවොත් ඔයා ඔයාගේ පළවැනි ජාත්‍යන්තර කඩුල්ල විදියට කවුරු දවා ගන්නවටද කැමති?

මම කැමතියි මගේ cricket carrier එකේ විරාත් කෝලිගේ කඩුල්ල දවා ගන්න. නමුත් පළමු ජාත්‍යන්තර කඩුල්ල නම් මම ජාත්‍යන්තරව සහභාගී වන තරගාවලිය අනුව තමයි තීරණය වන්නේ

  • ඔයාගේ ඉලක්කය කුමක්ද?

ශ්‍රී ලංකාවේ fastest ම පන්දුව යැවීම තමයි මගේ ප‍්‍රධාන ඉලක්කය. ඒවගේම ලංකාවේ වේගවත්ම පන්දු යවන්නා වීම.

 

  • මේ වන විට ඔබ කොපමණ වේගයකින් පන්දු යවනවාද?

මම මේ වන විට 140+kmh වේගයකින් පන්දු යවනවා

  • Airtel Fastest තරගාවලිය ගැන ඔබගේ අත්දැකීම් සහ ඒ ගැන මතකය අවදි කළොත්?

මම Airtel Fastest තරගාවලිය සඳහා පළමුවෙන්ම සහභාගී වුණේ බදුල්ල පැවති තරගාවලියට. මගේ ගම් පළාත රත්නපුරය වුවත් රුවන්වැල්ලේදී පැවති වැඩසටහනට මට සහභාගී වීමට නොහැකි වුනා. ඊට පස්සේ තමයි මම බදුල්ල පැවති වැඩසටහනට සහභාගී වුනේ. එහිදී මම 127 kmh කට පන්දු යැව්වා. පසුව අපිව කොළඹට ගෙන්නලා කොළඹ තර්ස්ටන් එකේ තිබුන පුහුණු සැසියේදී මම 131 kmh ට පන්දු යැව්වා. ඊට පස්සේ අපිට චමින්ද වාස්, අනූෂ සමරනායක, චමිල ගමගේ හා රවීන්ද්‍ර පුෂ්පකුමාර වගේ ජ්‍යෙෂ්ඨ පුහුණුකරුවන් යටතේ පුහුණු වෙන්න අවස්ථාව ලැබුණා.

  • Airtel Fastest තරගාවලියෙන් ලැබුණු අත්දැකීම් මොනවද කියලා ඇහුවොත්?

පාසල් කාලයේ මම ලොකුවට ක‍්‍රිකට් ගහලා තිබුනේ නෑ. අපේ පාසලේ තිබුණේ matting එකක්. ඉතිං Airtel Fastest තරගාවලියට ආවට පස්සේ තමයි turf වල ක‍්‍රීඩා කරන්න පළමුවෙන්ම අවස්ථාව ලැබුණේ. ඇත්තටම ඒක ලොකු අත්දැකීමක් වුනා. Matting එකේ බෝල් කරනවාට වඩා turf එකේ බෝල් කරද්දී වෙනස්. අනිත් එක තමයි අපි පාසලේදී ක‍්‍රීඩා කරනවාට වඩා කොළඹදී ක‍්‍රීඩා කරන විට ලොකු වෙනසක් තියෙනවා. ඒ වගේ අත්දැකීම් ගොඩක් ලැබුණා Airtel Fastest තරගාවලියෙන්.

  • Airtel Fastest තරගාවලිය පුරාවට ඔබ ලබා ගත් මොනයම් හෝ අත්දැකීම් ඔබට LPL තරඟාවලියට ක‍්‍රීඩා කිරීමට උපකාරී වුනා කියලා? ඒ කොහොමද?

ඔව් ඇත්තෙන්ම. Airtel Fastest තරගාවලියෙන් ලබා ගත්ත අත්දැකීම් මට උදව් වුනා LPL තරඟාවලියට යාමට. විශේෂයෙන්ම මගේ පන්දු යැවීමේ ඉරියව්ව දියුණු කරගත්තේ Airtel Fastest තරගාවලියෙන්. Fastest තරගාවලියේදී වැඩි අවධානයක් දෙන්නේ වේගයට. එතනින් අපේ පන්දු යැවීම 140+ යවන්න පුහුණු කළ නිසා තමයි LPL වගේ ජාත්‍යන්තර තරගාවලියක් නියෝජනය කිරීමට මට අවස්ථාව ලැබුණේ.

  • ඔබ දේශීය ක‍්‍රිකට් සමාජයකට ක‍්‍රීඩා කරනවාද?

ඔව් මම රාගම ක‍්‍රිකට් සමාජයට ක‍්‍රීඩා කරනවා.

  • ජාතික හෝ ජාත්‍යන්තර මට්ටමින් ක‍්‍රිකට් ක‍්‍රීඩා කිරීමට කැමති අනෙක් කුඩා දරුවන්ට ඔබ ලබා දෙන උපදේශය කුමක්ද?

සැමවිටම ජීවිතයට ඉලක්කයක් තබා ගන්න. එය ජයග‍්‍රහණය කිරීමට වෙහෙස මහන්සි වී වැඩ කරන්න, වෙහෙස මහන්සි වී කැප වීමෙන් පුහුණුවීම් කරන්න, හැමවිටම ඔබ ගැන විශ්වාසය තබන්න.



අදහස් (0)

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 39 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 148 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1001 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site