IMG-LOGO

2023 මැයි මස 30 වන අඟහරුවාදා


ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි

ආබාධිත තත්ත්වයන් හේතුවෙන් වෙනස්ව සැළකීම හා සබැඳි කථිකාවන් වෙනස් කිරීම තුළින් ඒ පිළිබඳව ඇති අපකීර්තිය වෙනස් කිරීම පිණිස Linea Aqua සමාගම හා එක්ව, ආබාධිත පුද්ගලයින්ට ඇති බාධා බිඳ දමා ඔවුන් වඩා හොඳින් සමාජගත කිරීමට, නිර්මාණාත්මක ඇඟලුම් සඳහා ලොව දැවැන්ත වෙනසක් ඇති කළ Twinery – Innovations by MAS සමාගම සුදානම් වෙයි.

"ආබාධිත පුද්ගලයින් සඳහා සාධාරණ නියෝජනයක් ඇති කිරීම පිණිස ඔවුන් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි," යනුවෙන් Twinery – Innovations by MAS සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රනිල් විතාරණ මහතා ප්‍රකාශ කළේය. “වෙනස්කම් හුවා දක්වන පරිභාෂික වචන යෙදීම හේතුවෙන් ආබාධිත පුද්ගලයින් වඩා හොඳින් සමාජගත කරවීම දුෂ්කර කාර්‍යයක් වී තිබෙනවා. නිතර භාවිතා වන, දුබල, කොර, විශේෂිත, අංග විකල සහ වෙනත් එවන් පරිභාෂික වචන රාශියක් නුසුදුසු හා සීමාකාරී ‌වෙනවා. මෙම වැදගත් වෙනස්කම සඳහා ශ්‍රී ලංකාව නායකත්වය දිය යුතුයි. එය අපට කළ හැකියි."

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 9%කට ආසන්න ප්‍රමාණයක් කිසිදු හෝ ආබාධිත තත්ත්වයකට ලක්ව සිටී. ලොව පුරා තත්ත්වය ඊටත් වඩා වැඩි වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) සංඛ්‍යාලේඛනවලට අනුව, ලෝක ජනගහනයෙන් 16%ක පමණ ප්‍රමාණයක්, නැතහොත් පුද්ගලයින් බිලියන 1.3ක ප්‍රමාණයක් අද සැලකිය යුතු ආබාධිත තත්ත්වයකට මුහුණදී සිටියි. ඉන් ශ්‍රම බලකායට එක්ව සිටින්නේ 29%ක් පමණි. කෙසේ වෙතත්, ස්විට්සර්ලන්තයේ ආබාධිත පුද්ගලයින් මිලියන 1.8ක් සිටින අතර, ඉන් 72%ක් ශ්‍රම බලකායට එක්ව සිටින බව Linea Aqua සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මුදිත ෆර්ඩිනන්ඩු මහතා කියා සිටියේය.

බෝ නොවන රෝගවල වර්ධනයක් හා මිනිසුන් වැඩි කලක් ජීවත්වීම ද හේතුවෙන් මෙම සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ආබාධිත පුද්ගලයින් යනු විවිධාකාර කණ්ඩායමක් වන අතර, ස්ත්‍රී-පුරුෂ භාවය, ලිංගික අනන්‍යතාවය, ලිංගික ප්‍රවණතා, වයස, ආගම, ජාතිය, ජනවර්ගය හා ආර්ථික තත්ත්වය ඔවුන්ගේ ජීවිත අත්දැකීම් හා සෞඛ්‍යය අවශ්‍යතා වෙත බලපායි. ශරීරයේ අංගයක දුබලතාවයක් හෝ සම්පුර්ණ ක්‍රියා විරහිත වීමක් වැනි දෘශ්‍යමාන ආබාධයන්හි සිට, පුද්ගලයෙකුගේ ඥානනයට හෝ චිත්තවේගී තත්ත්වයට බලපාන අදෘශ්‍යමාන දුබලතාවයන් දක්වා විවිධාකාර ආබාධිත තත්ත්වයන් පවතී.

"ආබාධිත තත්ත්වයන් ඇති පුද්ගලයින්ට අද දෛනිකව ඇඳුම් ඇඳීම පවා ප්‍රශ්නයක් වී තිබෙනවා," යනුවෙන් විතාරණ මහතා වැඩිදුරටත් පැවසුවේය. "තමන්ව සීමා කරන, යටපත් කරන හා නින්දාවට පත් කරන හා, එක මාදිලියක් සැමට සරිලන බව තවමත් විශ්වාස කරන ඇඟලුම් ලේබල සහිතව ඔවුන් මෙතෙක් දිවි ගෙවා ඇත. අපි ඉන් ඔබ්බට ගොස් වඩා හොඳින් කළ යුතු වන්නේ, අපව අර්ථ දැක්වෙන්නේ අපගේ වචනවලින් නොව අපගේ ක්‍රියාවන්ගෙන් බව අප විශ්වාස කරන නිසායි. ‘Lable>’ සන්නාමය බිහිවුනේ මෙලෙසයි. මෙම ඇඟලුම් නිර්මාණය කොට තිබෙන්නේ පුද්ගලයින් සවිබලගැන්වීමටයි. යැපෙන්නන් ලෙස මෙතෙක් ජීවත් වූ ආබාධිත පුද්ගලයින්ට පහසුවෙන් ඇඳ ගෙන, නැවුම් අවස්ථා වෙත නිදහසේ පිවිසීමට හැකි වන ලෙසයි. සැමට හුරු පුරුදු විශ්වීය මෝස්තර වූවත්, ඒවාට අනුවර්තක හැකියාවන් යොදා, දෛනිකව අඳින ඇඳුම්වලට වැඩි පහසුවක් ලබා දී තිබේ.”

‘Lable>’ සන්නාමය එළිදැක්වීම පිණිස මෑතකදී පැවැත්වුණු උත්සවය ද, වෙනසක් විය. එහිදී, ආබාධිත පුද්ගලයින් විසින් කවි පන්ති ඉදිරිපත් කොට විද්වත් මණ්ඩලයක් විසින් වැදගත් කරුණු රාශියක් සාකච්ඡාවට ලක් කරන ලදී. ඒ අතර, අනුකම්පාව හා සහකම්පනය අතර වෙනස, ආබාධිත තත්ත්වයන් හමුවේ පවතින නින්දාව හා අපකීර්තිය, ආබාධිත තත්ත්වයක් සහිතව රැකියාවක නියැලීම, ආබාධිත තත්ත්වයන් හමුවේ ඇඟලුම් පිළිබඳ හැඟීම්, ආබාධිත තත්ත්වයන් පදනම් කොට ගත් උපකල්පන වෙනස් කොට සැලකීමට හේතු වන ආකාරය හා, ආබාධිත තත්ත්වයන් හමුවේ සන්නිවේදනය වැදගත් වීම ද විය. "අපේ අදහස වන්නේ ආබාධිත තත්ත්වයන් පිළිබඳ කථිකාවන් වෙනස් කොට, ආබාධිත තත්ත්වය හා විවිධත්වය බලගැන්වීම හරහා ඔවුන් වෙනුවෙන් සමානාත්මතාවය සහතික කිරීමයි," යනුවෙන් විතාරණ මහතා තව දුරටත් පැවසුවේය.

නිර්මාණය, මෝස්‌තර සැකසීම, මුලාශ්‍ර හඳුනා ගැනීම, භාණ්ඩ නිපදවීම, අලෙවිය, පාරිභෝගිකයින් පිළිබඳ පර්යේෂණ උපදේශකවරුන් හා වෛද්‍ය විශේෂඥවරුන්ගෙන් සමන්විත චින්තන නායකත්වය දරන විශේෂඥ කණ්ඩායමක් ‘Lable>’ සන්නාමය මෙහෙයවයි. භාණ්ඩවල සම නිර්මාණකත්වය හා පර්යේෂණ සඳහා MAS ආයතනයේ සේවයේ නියුතු ආබාධිත පුද්ගලයින් 450ක් සමග, ශ්‍රී ලංකා පැරාලිම්පික් ක්‍රීඩා කණ්ඩායම හා එක්සත් ජනපදයේ ආබාධිතයින්ගෙන් සමන්විත පාරිභෝගික කණ්ඩායමක් ද වේ.

MAS Holdings - එනම්, Twinery – Innovations by MAS සමාගමේ මව් සමාගම - දකුණු ආසියාවේ විශාලතම තාක්ෂණික ඇඟලුම් සමාගම වන අතර, ලොව පුරා ප්‍රධානතම සන්නාම ගණනාවකට ඇඟලුම් හා රෙදිපිළි කර්මාන්තය පිළිබඳව, සංකල්පයේ සිට විසඳුම් බෙදා හැරීම දක්වා නායකත්වය දරන සමාගමක් වේ. අවශ්‍ය අමු ද්‍රව්‍ය නිපදවීම සඳහා නිර්මාණාත්මක හා, සුළු හා මාධ්‍ය පරිමාණයේ සිට විශාල කම්හල් දක්වා සැපයුම් දාමයක් ඇති කිරීමට සමාගම විසින් දශක තුනක් මුළුල්ලේ තම හැකියාවන් වැඩි දියුණු කොට ඇත. එය එසේ කරන ලද්දේ, අවශ්‍ය දැනුම හා හැකියාවන් ලබා ගැනීම පිණිස එක් එක් අංගයන් සඳහා කර්මාන්තයේ ප්‍රමුඛයින් සමග හවුල්කාරිත්වයන් ඇති කර ගනිමිනි. 2022 දී, ලොව නිර්මාණකරුවන් සඳහා වඩාත්ම සුදුසු රැකියා ස්ථාන අතරින් 18 වන ස්ථානයට Twinery – Innovations by MAS සමාගම, Fast Company ආයතනය විසින් තෝරාගනු ලැබීය.

"අපගේ MAS සමාගම් පද්ධතිය හේතුවෙන් සියල්ල අන්තර්ගතවූත්, පහසුවෙන් ලබාගත හැකිවූත් අනුවර්තක ඇඟලුම් නිර්මාණය කිරීමට හැකි ‌වනවා. අපගේ මෙම සංකල්පයේ සිට වෙළඳපොළ දක්වා, අපගේ නිර්මාණය, බුද්ධිමය දේපල, පාරිභෝගික පරීක්ෂණය සහ අනුමත කිරීම, නිෂ්පාදන සේවා ඇතුළු තවත් දෑ හරහා ස්ථිර ආබාධයක් හෝ තාවකාලික දුබලතාවයක් සහිත සෑම කෙනෙකුගේම අවශ්‍යතා සපුරාලීමට ලොව පුරා ඇඟළුම් සන්නාමවලට හැකි වී තිබෙනවා. එතුළින්,ආබාධිත පුද්ගලයින්ට, පහසුවෙන් ඇඳ පැළඳගෙන හැකියාවන් රාශියක් කරා ගමන් කළ හැකියි," යනුවෙන් ෆර්ඩිනන්ඩු මහතා තව දුරටත් කියා සිටියේය.

 

Website - http://lablebymas.com/

Instagram Handle - lable.byMAS



අදහස් (0)

ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි

ඔබේ අදහස් එවන්න

You may also like

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි
2023 මැයි මස 29 46 0

මැයි 23, 2023 - කොළඹ දී. දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 41.2 ක ඒකාබද්ධ රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා


ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි
2023 මැයි මස 26 684 0

ආබාධිත තත්ත්වයන් හේතුවෙන් වෙනස්ව සැළකීම හා සබැඳි කථිකාවන් වෙනස් කිරීම තුළින් ඒ පිළිබඳව ඇති අපකීර්තිය වෙනස් කිරීම පිණිස Linea Aqua සමාගම හා එක්ව, ආබාධිත පුද්


ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍යා අධ්‍යාපන ආයතනය, සිඩ්නි තාක්ෂණ විශ්ව
2023 මැයි මස 23 465 0

කොළඹ ඩර්ඩන්ස් රෝහලේ අධ්‍යාපනික අංශය වන Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, පසුගියදා ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් වන සිඩ්නි තාක්ෂණ


අමිතාබ් භච්චන් රූපවාහිනී වැඩසටහනක් අතරතුර ලින්ක් සමහන් ඉහළින්ම අගයයි
2023 මැයි මස 13 7662 6

සුවහසක් ශ්‍රී ලාංකිකයන් සුවපත් කළ පානයක් වන සමහන්, ඉන්දියාවේ ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනකදී කතාබහට ලක් වී තිබේ.


අධික හිරු එළිය එක්ක එන අහිතකර කිරණ ඇස් වලට හානි කරයි
2023 අප්‍රේල් මස 27 678 0

මේ දවස්වල දැඩි අව්වක් තියෙන බව අපි හැමෝම දන්නවා. සමහර දවස්වල දහවල් කාලයට එළියට යන්න බැරි තරම් රස්නෙයි, ඒවගේම අධික හිරු එළියකුත් තියෙනවා. අපි සමකාසන්න රට


මේ දිනවල පවතින අධික උෂ්ණත්වයෙන් මිදෙන්නට ඔබ අනුගමනය කළ යුතුම පියවර
2023 අප්‍රේල් මස 27 509 1

මේ දිනවල දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ උෂ්ණත්වය අධික ලෙස ඉහළ ගිහින්- වායු සමීකරණ යන්ත්‍ර බොහෝවිට කාර්යාලවලට සහ කර්මාන්තශාලාවලට පමණක් සීමා වී ඇති නිසා, එ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි 2023 මැයි මස 29 46 0
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි

මැයි 23, 2023 - කොළඹ දී. දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 41.2 ක ඒකාබද්ධ රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා

ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි 2023 මැයි මස 26 684 0
ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි

ආබාධිත තත්ත්වයන් හේතුවෙන් වෙනස්ව සැළකීම හා සබැඳි කථිකාවන් වෙනස් කිරීම තුළින් ඒ පිළිබඳව ඇති අපකීර්තිය වෙනස් කිරීම පිණිස Linea Aqua සමාගම හා එක්ව, ආබාධිත පුද්

ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය 2023 මැයි මස 23 465 0
ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය

කොළඹ ඩර්ඩන්ස් රෝහලේ අධ්‍යාපනික අංශය වන Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, පසුගියදා ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් වන සිඩ්නි තාක්ෂණ

Our Group Site