IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


අධික හිරු එළිය එක්ක එන අහිතකර කිරණ ඇස් වලට හානි කරයි

මේ දවස්වල දැඩි අව්වක් තියෙන බව අපි හැමෝම දන්නවා. සමහර දවස්වල දහවල් කාලයට එළියට යන්න බැරි තරම් රස්නෙයි, ඒවගේම අධික හිරු එළියකුත් තියෙනවා. අපි සමකාසන්න රටක් නිසා මේ කාලේ ඉර අපේ රටවල් වලට කෙලින්ම ගමන් කරනවා. හිරු කිරණ කෙලින්ම අපේ රටවල් වලට වැටෙන නිසා අපිට මේ තරම් එළියක් වගේම රස්නයකුත් දැනෙනවා. මොන තරම් රස්නෙ වුනත් මොන තරම් එළිය වැඩිවුනත් අපේ එදිනෙදා වැඩකටයුතු කරගන්න අපිට එළියට යන්නම වෙනවා. හැබැයි මෙහෙම එළියට යද්දී ආරක්ෂාවෙන්න ඕනේ විදිහ ගැන එහෙම නැත්නම් හිරු එළියෙ තියෙන අපට අහිතරක කිරණ ගැන ඔබ දන්නව ද? ඔව් අධික හිරු එළිය නිසා අපේ ඇස්වලට දැඩි බලපෑම් ඇති වෙන්න පුලුවන්. ඒත් අපි ඒ ගැන වැඩිය ලොකුවට හිතන්නේ නෑ. කිසිම අක්ෂි ආරක්ෂාවක් නැතුව මේ කාලේ එළියට යනවා එනවා. මේ දැඩි හිරු රැස් නිසා ඇස්වලට වෙන්න පුලුවන් හානිය ගැනත් පොඩ්ඩක් හිතන්න.

හිරු කිරණවල තියෙන අල්ට්‍රා වයලට් එහෙම නැත්නම් පාරිජම්බුල කිරණ වලින් සමට වගේම ඇස්වල තියෙන සියුම් මාංශ පේශී සෛලවලට හානි සිදුවෙන්න පුලුවන්. ඇස්දෙකේ තියෙන සියුම් සෛල හානිවුනාම ඉතා කුඩා ප්‍රමාණයේ පෙනීමේ දුර්වලතාවයේ ඉදන් ඇස් නොපෙනීයාම දක්වා වූ විවිධ අක්ෂි දෝශ ඔබට ඇතිවෙනවා. ඒ විතරක් නෙවෙයි තවත් එක එක අක්ෂි දෝෂවලටත් මඟ පාදනවා. සාමාන්‍යයෙන් සමකාසන්න කලාපවල අය අල්ට්‍රාවයලට් එහෙම නැත්නම් පාරිජම්බුල කිරණවලට නිරාවරණය වීමේ වැඩි ප්‍රවණතාවක් තියෙනවා කියලා විශේෂඥයෝ කියනවා. ඒ කියන්නේ අපිවගේ රටවල අයගේ ඇස්වලට දැඩි හිරු එළියෙන් ලොකු බලපෑමක් තියෙනවා.

නිසි පරිදි අව්කණ්ණාඩි පැළඳීම කියන්නේ අධික හිරු එළියෙන් අපේ ඇස් ආරක්ෂා කරගන්න තියෙන හොඳම සහ සරලම ක්‍රමයක් තමයි. අව්කණ්ණාඩි කිව්වම හැම තැනම අව්කණ්ණාඩි තියෙනවා. නමුත් ඔබේ ඇස් දෙක විශ්වාසවන්ත වගකීමක් සහිත ආයතනයකින් පරික්ෂා කරලා, ඔබේ ඇස් දෙකටම හරියටම හරියන අව්කණ්ණාඩියක් තෝරාගන්න එක තමයි නිවැරදි ක්‍රමය. වැරදි ක්‍රමවලට අව්කණ්ණාඩි පාවිච්චි කරන්න ගියාම ඇස්වලට නැති ලෙඩ හැදෙන්න පුලුවන්. ඒ නිසා ඒ ගැන අවධානයෙන් ඔබේ ඇස් දෙකට හරියටම ගැළපෙන අව්කණ්ණාඩි දෙක තෝරා ගැනීම ඔබේ වගකීමක්. දෙවැනියට අල්ට්‍රාවයලට් කිරණ අවහිර කරන අක්ෂි කාච පළදින්න පුලුවන්, මේ සඳහා ඔබ ඊට අදාළ විශේෂඥ අක්ෂ ආරක්ෂණ ආයතනයක් වෙත යන්න ඕනේ. ඔවුන් ඔබට ගැළපෙන නිවැරදිම අක්ෂි කාචය එහිදී තෝරාදෙයි.

ඊළඟට නිසි කාලයට ඔබේ ඇස්දෙක පරීක්ෂා කරගැනීමත් වටිනවා, එතකොට ඔබටම දැනගන්න පුලුවන්, ඔබේ ඇස්වල සෞඛ්‍ය තත්ත්වය කොහොමද කියලා. එහෙම පරීක්ෂා කරලා ගැළපෙන අව්කණ්ණාඩි දෙක තෝරගන්න පුලුවන්.

අපි නිතර නිතර පුරුද්දක් විඳියට අව්කණ්ණාඩි පළඳින්න ඕනේ. හැම කෙනෙකුගෙම නිතර අතේ තියෙන්න ඕන පළඳනාවක් විඳිහට අපිට අව් කණ්ණාඩිය පෙන්නලා දෙන්න පුලුවන්. අව්කණ්ණාඩි දෙකක් මිලදී ගැනීමේ දී තමන්ගේ ඇස්වලට අදාළ නිවැරදි අව්කණ්ණාඩි දෙකක් තෝරාගැනීම. මේ සඳහා ඇස්වලට අදාළ විශේෂඥවරයෙක්ගේ උපදෙස් ලබාගන්න එක වටිනවා. ඒකට පළපුරුදු විශ්වාසවන්ත හරි තැනකට යන්න ඕනේ.

අව්ව කොච්චර තිබුණත් හානිකර කිරණ කොච්චර ආවත් නිවැරදි ඇස්කණ්ණාඩි දෙකක් දැම්මොත් ඔයාගේ ඇස්දෙක ඔයාට කිසි බයක් නැතුව ආරක්ෂා කරගන්න පුලුවන්.



අදහස් (0)

අධික හිරු එළිය එක්ක එන අහිතකර කිරණ ඇස් වලට හානි කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 40 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 341 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 362 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site