එයාර්ටෙල් ලංකා සමාගමේ නව ප‍්‍රධාන විධායක නිලධාරියා සහ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස අශීෂ් චන්ද්‍රා මහතා පත් කර ඇති බව පසුගියදා එම සමාගම නිවේදනය කළේය. ඉහළ තාක්ෂණික ජාලයක් සහ නවීනතම ඩිජිටල් වේදිකාවන් උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකා වෙළෙඳපොළ තුළ එයාර්ටෙල් හි වර්ධනය වේගවත් කිරීමට ඔහුගේ නව භූමිකාව තුළින් අශීෂ් මහතාට හැකි වනු ඇති බව සමාගම සඳහන් කරයි.
මෙම නව පත් කිරිම සම්බන්ධයෙන් අදහස් දක්වන භාරතී එයාර්ටෙල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී, (ඉන්දියාව සහ දකුණු ආසියාව) ගෝපාල් විටාල් මහතා, ”අනාගත වර්ධනය සඳහා ශක්තිමත් වේදිකාවක් ගොඩනගා ඇති එයාර්ටෙල් ලංකා සමාගමට අශීෂ් මහතා පිළිගැනීමට ලැබීම අපට සතුටක්. ලෝක මට්ටමේ සේවාවන් තුළින් පාරිභෝගිකයින් සතුටට පත් කිරීම යන එයාර්ටෙල් හි දැක්මට අශීෂ් මහතා සතු අත්දැකීම් වැඩි වටිනාකමක් එක් කරනු ඇතැයි මට විශ්වාසයි. ඒ අනුව, ඉදිරි මාස කිහිපයේදී එයාර්ටෙල් වෙතින් පාරිභෝගිකයින්ට ආකර්ෂණීය නවෝත්පාදන රැසක්ම අත්දැකීමට අවස්ථාව හිමි වේවි. අශීෂ් සහ ඔහුගේ කණ්ඩායම වෙත සුභ අනාගතයක් පතනවා.” යනුවෙන් පැවසුවේය.
අශීෂ් මහතාට ඉන්දීය දුරකතන සන්නිවේදන ක්ෂේත‍්‍රය තුළ දශක දෙකකට අධික අත්දැකීම් සම්භාරයක් ඇත. මීට ඉහතදී, ඔහු ඉන්දියාවේ ඉහළම දුරකතන සන්නිවේදන සමාගම් කිහිපයකම විවිධ නායකත්ව භූමිකාවන් හි සේවය කොට ඇත. එයාර්ටෙල් ලංකා වෙත සම්බන්ධ වීමට පෙර ඔහු වොඩැෆෝන් අයිඩියා සමාගමේ (Vodafone Idea Limited) (උත්තර් ප‍්‍රදේශ් සහ උත්තර්ඛන්ඞ්) සඳහා ව්‍යාපාර ප‍්‍රධානී සහ ප‍්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කර ඇත.
ඉන්දියාවේ මැල්වියා ජාතික තාක්ෂණික ආයතනයේ කාර්මික ඉංජිනේරු උපාධියක් හිමි අශීෂ් චන්ද්‍රා මහතා කළමනාකරණය පිළිබඳ පොඩාර් ආයතනයෙන් සිය MBA උපාධිය ලබා ගත්තේය.
භාරතී එයාර්ටෙල් ලංකා සමාගම
2009 ජනවාරි 12 වැනි දින ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු ආරම්භ කළ භාරතී එයාර්ටෙල් ලංකා, ග‍්‍රාහකයින් මිලියන 01ක් ඉතාමත්ම ඉක්මනින් සම්පූර්ණ කළ ජංගම සන්නිවේදන සේවා සමාගමයි. වර්ෂ තුනක් වැනි කාලසීමාවක් තුළ සිය ශ්‍රේණිගතවීම ඉහළ නංවාගත් එයාර්ටෙල් සමාගම රට පුරාම සිය ආවරණය පුළුල් කරගනිමින් ශ‍්‍රී ලංකාවේ වේගවත්ම ජංගම සන්නිවේදන සේවා ජාලය බවට පත්විය. වර්තමානයේදී එයාර්ටෙල් සමාගම උසස් තත්ත්වයේ සහ සාධාරණ මිල ගණන් යටතේ හ`ඩ සහ දත්ත සේවාවන් ලබා දෙන අතර, ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ලියාපදිංචි වෙමින් මෙරට වඩාත් වේගවත් හා පුළුල් ආවරණයක් හිමි ජංගම විදුලි සංදේශ සේවා සමාගමක් බවට පත්ව තිබේ. වැඩි විස්තර ස`දහා www.airtel.lk වෙත පිවිසෙන්න.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්
2024 වසරේ “වසන්තයේ හඬ•ස්වර්ණමය සිහිනය” නමැති අන්තර් ජාතික වසන්ත උත්සව කලා ප්‍රසංගයට එක් වන ප්‍රාසාංගික කණ්ඩායම පසුගිය 17වනදා ඩකා නගරයේ බංග්ලාදේශ කලා ඇකඩ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
එයාර්ටෙල් ලංකා ප‍්‍රධාන විධායක නිළධාරී ලෙස අශීෂ් චන්ද්‍රා පත් වෙයි
Sanju Wednesday, 10 November 2021 02:54 PM
අරයා මෙයා මාරු කරගෙන ආතල් දෙන්න .අප සිග්නල් නෑ කියලා එයාටෙල් එකේ දාලා තියන පැමිණිලි හරියට බලලා සිග්නල් හදන්න බැරි එයාටෙල් අරයා මෙයා මාරු කරාට පාරිභෝගිකයින් වන අපිට මොනාද හමිබු වෙන්නෙ. සිග්නල් නෑ .ඒක හදහල්ලා ඉස්සල්ලාම