ෆේස්බුක් සමාජ ජාලයෙන් හමුවූ පුද්ගලයින් සොයා ලොව පුරා යන කාන්තාවක ගැන වාර්තා වන්නේ ඇමරිකාවෙනි.

ටන්ජා හොලැන්ඩර් නම් වන ඇය වෘත්තියෙන් ඡායාරූප ශිල්පිනියකි.ඇයගේ ෆේස්බුක් ගිණුමේ සිටිනා මිතුරන් ප‍්‍රමාණය 700 ක් පමණ වේ.මේ සියලූදෙනා හමුවී කතාබස් කිරීමේ අදිටනින් ටන්ජා මේ ගමන අරඹා ඇත්තීය.

ඇමරිකාවේ මෙන්ම ලෝකයේ වෙනත් රටවලත් සිටිනා ඇයගේ ෆේස්බුක් මිතුරන් සියලූ දෙනාවම පෞද්ගලිකව හමුවීම ඇයගේ අපේක්ෂාවයි.ඇමරිකාවේ පමණක් මිතුරන් 300 දෙනෙකුගේ නිවෙස් වලට ඇය ගොස් ඇත.ඉතිරිය සිටින්නේ අන් රටවලය.තමා මේ දිනවල ඔවුන්වද සොයා යමින් සිටින බව ටන්ජා කියයි.මිතුරන් හමුවූ පසු ඔවුන්ව ඡායාරූප ගත කිරීමද ඇය සිදුකරයි.

පොදු ප‍්‍රවාහන සේවා වල පිහිටෙන් සංචාරය කරන ටන්ජා සිය මිතුරන්ගේ ආගන්තුක සත්කාරයට ඇති කැමැත්ත ගැන විශ්වාසය තියා කටයුතු කරයි.ෆේස්බුක් ගිණුමේ සිටියද තමා ඔවුන්ගේ මිතුරෙකු ලෙස එකතු වී ඇති බව නොදත් පුද්ගලයන්ද එමට සිටි බව ටන්ජා පවසන්නීය.නමුත් ඔවුන්ද තමන්ට ඉතා හොදින් සැළැකූ බව ඇය කියයි.