ඇමරිකාවේ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට ඒරෙහිව අද (06) බ්‍රිතාන්‍යයේ නගර කිහිපයකම දහස් ගනනකගේ සහභාගීත්වයෙන් විරෝධතා පැවැත්විණි.
ලන්ඩන්, මැන්චෙස්ටර්, කාඩිෆ්, ලීර් සහ ෂෙෆීල්ඩ් ඇතුළු නගර ගනනාවකම මෙම විරෝධතා පැවැත්වුණු බව වාර්තා වේ.
"යුක්තිය නැත, සාමය නැත සහ කළු ජීවිත වැදගත් යනුවෙන් හඬ නගමින් ඔවුහු විරෝධතාවයේ යෙදුනහ.
"කොවිඩ් - 19ට වඩා විශාල වයිරසයක් ඇති අතර ඒය වර්ගවාදය ලෙස හැඳින්වේ." යනුවෙන් සඳහන් පුවරු ඔසවාගෙන විරෝධතාකරුවෝ ගමන් කළහ.
කොරෝනා හේතුවෙන් මහජන රැස්වීම් වලට ඒරෙහිව පනවන ලද නීති නොතකමින් විරෝධතා සංවිධානය කර තිබිණි.
ලන්ඩනයේ පාර්ලිමේන්තු චතුරස්‍රයේ රැස්ව සිටි දහස් සංඛ්‍යාත ජනතාවගෙන් වැඩි දෙනකු මුහුණු ආවරණ හා අත්වැසුම් පැළඳ සිටිනු දක්නට ලැබිණි.
බ්‍රිතාන්‍යයේ ලෝක හෙවිවේට් ශූර බොන්සිං ක්‍රීඩක ඇන්තනි ජොශුවා ඔහුගේ උපන්ගම වන වොට්ෆෝර්ඩ් හි විරෝධතාකරුවන් සමග ඒක්විය.
ඉරිදා දිනයේ ග්ලාස්ගෝ, ඒඩින්බර්ග් සහ ඇබර්ඩීන් හි උද්ඝෝෂණ පැවැත්වීමට නියමිතය.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සපත්තුවට ගෙළ සිරවී මියගියත්, ජෝර්ජ් ලොයිඩ් වීරයෙකු වුණා. පොලිස් නිලධාරීන්ට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක වෙනවා. ට්‍රම්ප්ට් ට නඩු. දැන් සටන වැදගත් විදිහට නැවත්තුවා නම් නේද වඩා හොඳ. කළු සුදු හෝ වර්ණ භේදය, ජාති හා අාගම් භේදය, කුල භේදය ආදිය නිසා මොනතරම් හානියක් මනුෂ්‍ය සමාජයට සිදුවෙනවාද? සෑම ජාතියකම, සෑම කුලයකම, සෑම ආගමකම මොනතරම් හොඳ මිනිසුන් සිටිනවාද? එසේම නොහික්මුණු අන්තවාදීන්ද සිටිනවා. උද්ඝෝෂණ වලට සුදු ජාතිකයන්ද සහභාගී වුණා. ඔබාමා කළු ජාතික සම්භවයක් ඇති කෙනෙක්. ඒත්, ඔහුව පත්කළේ ඇමරිකානු ජනතාව. ඒ අනුව බලනවිට ඔවුන් අප සිතන ආකාරයේම අය නොවෙයි. මේවාට මා සතුව මාගේම මා ලැබූ අත්දැකීම් තිබෙනවා. ලොව පුරාම අන්තවාදී නායකයන් මෙන්ම අන්තවාදී මිනිසුන්ද සිටිනවා. මෙය සියළු ජාතීන්ට, සියලු ආගම්වලට පොදුයි. අද අප භුක්ති විඳින සෑම සියළු දේම පොදුවේ බුද්ධිමතුන්ගේ ප්‍රඥාවේ මහිමයයි. ඒ සඳහා වර්ණ, ජාති, ආගම් භේද නැහැ. මේ ලියන සන්නිවේදන උපකරණයත්, එහෙමයි. ඒනිසා ලෝකයේ තිබිය යුත්තේ කුළ හෝ ජාති දෙකයි. ඒවා නම් හොඳ හා නරක යනුවෙනි. "කම්මනෝ වසලෝ හෝති .. කම්මනො හෝති බ්‍රාහ්මනෝ " යනුවෙන් දේශනා කළේ එහෙයිනි.
අපිත් බලාගෙන ඉන්නවා විරෝධය ප්‍රකාශ කරන්න විමල් වීරවංශ මහතා සමග...
කව්ද කිව්වේ වීරවංශ සහ ගම්මන්පිලත් උද්ඝෝෂණයට උදව් කරන්න කියලා ඇමෙරිකා සහ එක්සත් රාජධානියට ගෙනිහිල්ලා කියලා...?