මාස 30 ක් පුරා දිවෙන සිරියාවේ සිවිල් යුද්ධය නිසා මේ වන විට ළමයින් 11000 කට ආසන්න සංඛ්‍යාවක් මරු දැක ඇතැයි නවතම පර්යේෂණ වාර්තාවකින් හෙළිවී තිබේ.
බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් පර්යේෂණායතනය සකස් කර ඇති මෙම වාර්තාවට අනුව ළමුන්ගෙන් බහුතරය මියගොස් ඇත්තේ යුද වැදී සිටින දෙපාර්ශවය අතර වෙඩි හුවමාරු වලට මැදිවය.
ළමයාට දී ඝාතනය කරනු ලැබ ඇති අවස්ථාද බොහෝ වන බව පර්යේෂණ වාර්තාවේ දැක්වේ.මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 13 සිට 17 දක්වා වන ළමුන් බව සදහන්ය.
ඉලක්කයට වෙඩි තබන්නන් (ස්නයිපර්) ළමුන් ඝාතනය කිරීමට ඉහළින්ම හවුල් වී ඇතැයි වාර්තාවේ සදහන්ය.තමන්ගේ දර්ශන පථයට දරුවෙකු වේ නම් ඔහුව හෝ ඇයව ක්ෂණිකයෙන් වෙඩි තබා මරා දමන්නට තරම් මෙම පුද්ගලයින් සැහැසි වී ඇතැයි කියැවේ.
තවද පසුගිය සමයේ වාර්තා වූ රසායනික අවි ප්‍රහාරයට ලක්වද ළමුන් 128 දෙනෙකු මියගොස් තිබේ.
ජනපති අසාඩ්ගේ හමුදාවන් හෝ කැරළිකරුවන් සාධාරණීකරණය කරන්නට උත්සාහ කරනවාට වඩා වැඩි වැඩකොටසක් ලෝක බලවතුන්ට කිරීමට ඇති බව සිරියාවේ වත්මන් තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් පෙනේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලාහ් ගේ කැමැත්ත (ස)
කැමරන්ට ඕවා පෙනෙන්නේ නැහැ. (නි)
කෝ අර කැමරන් දැන්? (නි)
වැදගත් පුවතක් ! (නි)
කෝ දැන් මානව හිමිකම් කවුන්සලය? මොකද දැන් ඩේවිඩ් කැමරන් මේ ගැන කතා නැත්තේ? (නි)
කාගේ වුණත් කොහේ වුණත් අසරණ ළමයි පවු.. (නි)
ඔන්න ඇමරිකාවේ, බ්‍රිතාන්‍යයේ කට්ටියගේ වැඩ. මෙන්න තියනවා නම් යුධ අධිකරණ, යුධ අපරාධ .... (නි)
තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලය පෙනෙන්නේ නැහැ අනුන්ගේ ඇස්වල තියෙන ඉදිකට්ට පේනවා.(නදී)
මේවා අල්ලාහ්ගේ කැමැත්ත වන්නේ කොහොමද? මිනිසා මිනිසාට අපරාධ කරගන්නා විට දෙවියන්ගේ කැමැත්ත වෙන්නේ කොහොමද? අල්කුරානයෙහි ඉතා පැහැදිලිවම සඳහන් වන කරුණ නම් "ඔබ ඔබව හදා ගන්නා තෙක් අපෙන් (අල්ලාහ්ගෙන්) උදව් බලාපොරොතු නොවන්න" යන්නයි. ඒ නිසා අපි අපව වෙනස් කළ යුතුව ඇත්තෙමු. අපි වෙනස් නොවී අල්ලාහ් අපව වෙනස් කරන්නේ නැත. (නි)
මේ තිරිසනුන්ට නම් හොඳක් සිදු වන්නේ නැහැ. අහිංසක දරුවන් මරන්න තරම් නරුමයින්ද මොවුන්? (නි)
මේවා තමයි නියම යුධ අපරාධ (නි)
ආයුද නිපදවන ලෝක බලවතුන් ගේ කැමැත්ත. අපේ ආයුද නැතිනම් ලෝකය සාමකාමියි. අපි බඩ ගින්නේ. ඒ නිසා නේ මේ යුද්ද හදන්නේ...(අ)
මේක අල්ලාහ්ගේ කැමැත්ත.(නදී)
මේ වන විට ලෝකයේ බොහෝ යුද ගැටුම් තිබෙන්නේ ඉස්ලාමීය රට වල හෝ මුස්ලිම් ජාතිකයන් සිටින රටවලය. කුඩා ළමුන් සාහසික ලෙස ඝාතනය කරන්න මෙතරම් තිරිසන් වීමට හැකිද? (නි)
ධර්මය කියන දේ සහ ධර්මය අනුගමනය කරනවා කියලා කියාගන්න අය කරන දේවල් දෙකක් කියලා මේකෙන් තේරෙනවා. ඉස්ලාම් ධර්මයට අනුව සිරියාවේ මේ වෙන දේවල් කොහෙත්ම වැරදී. සමහර යුද්ධ තියෙන ඉස්ලාමීය රටවල් වල යුධ නායකයෝ ඉස්ලාමීය යුධ නීතිය අහලවත් නැති විදිහට යුද්ධ කරලා ජනතාවට ඉස්ලාම් ගැන වැරදී අදහසක් දෙනවා. ඒ කියන්නේ මෙහෙම දේවල් වෙන්නේ ආගමේ වැරද්දක් හින්ද නෙමෙයි, ඒ ආගමට මුවා වෙලා ඉන්න පාලකයන්ගේ වැරදි වැඩ. ඒක නිසා මෙතන ඒ ආගමට බොරුවට දොස් කියන එක වැරදියි. (ස)
කතු තුමෙනි සමාවෙන්න! මෙතන සඳහන් වෙලා තියෙන්නේ 11,000 කියලා. එය 100000 විය යුතුයි නේද? (ස)
මේකට වගකිවයුත්තේ රුසියාව සහ චීනය බවයි මගේ නම් හැගීම වන්නේ (නි)
මේකට ඇමරිකාවවත් එංගලන්තයවත් වගකිවයුතු නැතිබවයි මම නම් කියන්නේ (නි)
මේ තිරිසන් මිනිස්සු මියයන මොහොතේ හෝ මෙම අපරාධ වලට විදවනවා ඒකාන්තයි. (නි)
ඩයස් පෝරාව ගෙවනවා වගේ කවුරු හරි ගෙවනවා නම් කතා කරයි. (ස)