පාසලේ ස්පාඤ්ඤ භාෂාව ඉගැන්වීමට සිටින ක්රිස්ට් නිකොල් ගුරුවරිය ඊට ප‍්‍රථම ප්ලේබෝයි සගරාවේ නිරූපිකාවක ලෙස පෙනී සිටීම සිසුන්හට  පාඩම් කියා දීමේදී ගැටළු සහගත තත්ත්වයක් මතු කර ඇතැයි ඇමරිකාවේ ඩලාස් හි පාලක සිසුන්ගේ දෙමව්පියෝ පිරිසක් කියති.

ගුරුවරියක ලෙස සේවය කිරීමට අවශ්‍ය අධ්‍යාපනික සුදුසුකම් සම්පූර්ණ කර ඇත්තීය. උගන්වනුයේ ස්පාඤ්ඤ භාෂාවයි.

නමුත් දෙමව්පියන් කියන්නේ පාසලේ සිසුන් ඔවුන්ගේ ජංගම දුරකථන හා පරිගණක භාවිතා කරමින් ඇය නිරූපිකාවක ලෙස සිටි කාලයේ ඡායාරූප නැරැඹීමට පුරුදුව සිටින බවයි.ඉගෙන ගැනීමට ඔවුන්ගේ අවධානයක් නැති තරම්ම බව දෙමව්පියෝ කියති.

මේ පිළිඹඳව ඉහළ අධ්‍යාපන බළධාරීන්ද දැනුම්වත් කිරීමට පියවර ගෙන ඇති අතර ඔවුන්ගේ අදහස වන්නේත් මෙය වහා සළකා බැලිය යුතු කාරණයක් බවයි.නීති විරෝධී හෝ විනය විරෝධී සිදුවීමක් මෙතෙක් වාර්තා වී නැතත් ගුරුවරයකු ලෙස තෝරා ගන්නා තැනැත්තෙකු හෝ තැනැත්තියක යහපත් සමාජයට ආදර්ශවත් චරිතයකින් යුක්ත පුද්ගලයෙකු විය යුතුයැයි ඔවුන් පවසයි.එසේ වුවත් ක්රිස්ටිගේ අරමුණු යහපත් බව පෙනෙන හෙයින්  මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී තීරණයක් ගැනීමට කටයුතු කරගෙන යන බව අධ්‍යාපන බලධරයෝ කියති.