සිරියා රජයට සහාය දක්වමින් එරට කැරැුලිකරුවන් සමඟ සටන් කරන ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමී සංවිධානය ත‍්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමට යුරෝපා සංගමය පෙරේදා (22) තීරණය කළේය.

හිස්බුල්ලා සංවිධානය, සිරියා රජයට සහාය දැක්වීම හරහා සිදුවන්නේ සිරියාවේ සිවිල් අර්බුදය තව තවත් උත්සන්න වීම බවත් ඒ ගැන සැලකිල්ලට ගනිමින්, එම සංවිධානය ත‍්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමට තීරණය කළ බවත් යුරෝපා සංගමය නිවේදනය කළේය.

යුරෝපා සංගමයට රටවල් 28 ක් අයත් වෙයි.  යුරෝපා සංගමය එම තීරණය ගත්තේ, දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් පසුවය. ත‍්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමෙන් පසු, විදේසවලින් එම සංවිධානයට ලැබෙන ආධාර අහිමි වනු ඇති අතර එම සංවිධානයට යුරෝපා සංගමයට අයත් රටවලින් ආධාර ලබා ගැනීමට ද නොහැකි වෙයි.

හිස්බුල්ලා සටන්කාමීන්