සිරියා රජයට සහාය පළ කරමින් එරට කැරැුලිකරුවන්ට එරෙහිව සටන් වදින ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට සිරියාවෙන් පිටවන්නැයි ඇමෙරිකා රජය ඊයේ (29)අනතුරු ඇඟවීමක් කළේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් සිරියානු අර්බුදයට මැදිහත් වීමෙන් සිදුවන්නේ එම අර්බුදය තව තවත් අවුල් වීමක් බවත් ඊට සාමකාමී විසඳුමක් සෙවීමට නොහැකි වනු ඇති බවත් ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
රාජ්‍ය දෙපාර්තමේන්තු ප‍්‍රකාශක ජෙන් සාකී මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ හිස්බුල්ලා සටන්කාමීන් සටන් අත්හැර වහාම සිරියාවෙන් පිටවී යා යුතු බවය.
සිරියාවේ අසල්වැසියකු වන ලෙබනනයේ කි‍්‍රයාත්මක හිස්බුල්ලා සංවිධානය සටන්කාමී සංවිධානයක් පමණක් නොව, දේශපාලනික සංවිධානයක් ද වෙයි. ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් එම සංවිධානය ‘ත‍්‍රස්තවාදීන්’ ලෙස සළකයි.
සිරියාවේ සිවිල් යුද්ධය තමාගේ යුද්ධයක් බවත් එය අවසන් වනතුරු සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට සහාය දෙන බවත් හිස්බුල්ලා නායක හසන් නසරල්ලා පවසා ඇත.
මේ වනවිට සිරියානු රජයේ හමුදාවට කැරැලිකරුවන් මර්දනය කිරීමට හැකිවී ඇත්තේ ද හිස්බුල්ලා සටන්කාමීන්ගෙන් ලැබෙන සහාය නිසාය.
සිරියාව සුන්නි මුස්ලිම්වරුන් අතට පත්වීම ලෙබනනයට තර්ජනයක් බව නසරල්ලා පවසා ඇත.
එපමණක් නොව, ඇමෙරිකාවේ සහ ඊශ‍්‍රායලයේ සහාය ලැබෙන සිරියානු කැරැුලිකරුවන්ට තමන් කිසිදු සමාවක් නොදක්වන බවද ඔහු අවධාරණය කර ඇත. ඊශ‍්‍රායලය ද හිස්බුල්ලා සංවිධානයේ සතුරෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුන්නි මුස්ලිම් කිවේ අපේ මහායාන වගේ එකක්ද? ෂියා සුන්නි ගැන දැනුමක් තියන මුස්ලිම් සහෝදරයෙක් ඉන්නවා නම් කියාදෙත්වා! (නි)
මෙම සිද්දීන් අප නොදැනුවත්වම ලෝක යුද්දයක් කරා ලොව රැගෙන යනවා දකින්නට පුළුවන. මොකද හිසබුල්ලා ඇමෙරිකාවට අවනත අයෙක් නොවන නිසා. (ස)
මොනවා වෙන්න යනවාද මන්දා
නැහැ උදය ,මොන ක්‍රමයකින් හරි මේ අන්තගාමී, ආගම්වාදී කොටස විනාශ කලේ නැතිනම් , ලෝකයේ යුද්ධ නැතුවම අනෙක් ජාතීන් සහ ආගම විනාශ කර දමන බව ඔයාලට පෙන්නේනේ නැද්ද? ඇමෙරිකා මොලය මගින් දැනටම වඳුරාගේ වලිගයට ගිනිතබා අවසන්. අපට සිදුවන දෙය අවබෝධ කර ගැනීමටත් මොලය මදිද? (නි)
දැන් එතකොට කැරලිකරුවෝ ඔබම හම්බවෙලා සහය ගානකොට හොඳි....
මුස්ලිම් කියන්නේ පිළිකාවක් කියල මම පිලිගන්නවා නිටුන්. ඒ වුනාට කියුබාව , ලංකාව වියට්නාමය මුස්ලිම් නොවෙයිනේ? අමතක කරන්න එපා ඇමෙරිකාව පාලනය කරන්නේ රතු ඉන්දියානුවන්ගේ දේශය හොරා ගත්තු හොරු රැලක් කියලා. තමුන්ට වුවමනා විදිහට තර්ක ඉදිරිපත් කරලා ශිෂ්ට ජාතියක් දීර්ග කාලීන සැලසුම් ඇතුව විනාස කරන්න මේ මිනිස්සුන්ට පුළුවන්. ලංකාව හින්දා යුරෝපා ඇමෙරික ආර්ථිකයට තර්ජනයක් එල්ල වෙලා තියෙන නිසා ලංකාවේ ආර්ථිකය විනාශ කරන්න මේ අය ඕනෑම දෙයක් කරාවී (නි)
හිස්බුල්ල සංවිදනයට යන්න කියන්නේ සිරියාවට ගහන්න ඕනේ නිසා එකෙක් යන්න එපා ඇමෙරිකාවට බංග වෙඑවා (අ)
මුස්ලිම් අන්තවාදින් මේ ලෝකෙට එපා (නි)