ඉරානයේ නව ජනපති ලෙස හසන් රොහානී පෙරේදා (3) සිය ධුරයේ දිවුරුම් දෙද්දී, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ලොවට තර්ජනයක් බව පවසමින්, ඇමෙරිකාව ඉරානයට එරෙහිව නව සම්බාධක පැනවීය. ඉකුත් ජූනි 14 වැනිදා පැවැති ජනපතිවරණයෙන් විශිෂ්ඨ ජයක් හිමිකර ගත් මධ්‍යස්ථමතධාරියකු ද වන රොහානීගේ දිවුරුම් දීම සිදුවූයේ ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා කොමේනී ඉදිරියේය. දිවුරුම් දීමේ උත්සවය ඉතා චාම් ආකාරයෙන් ටෙහෙරාන් නුවරදී පැවැත්විණි.
එම අවස්ථාවට ධුරයෙන් ඉවත් වී යන ජනපති මොහොමඞ් අහමදිනෙජාද් ද පැමිණ සිටි අතර ඔහු නව ජනපතිවරයාට සුබ පැතුම් එක් කළේය. ඉරානයේ ජනපති ධුරය හිමිවන්නේ උත්තරීතර නායක අයතුල්ලා කොමේනීගේ සහ ඔහුගේ නායකත්වයෙන් යුත් උත්තරීතර පාලක මණ්ඩලයේ අනුමැතිය හිමි වන අපේක්ෂකයක්ටය.
රොහානී, උත්තරීතර නායක කොමේනිගේ හිතවතෙක් මෙන්ම ආගමික නායකයෙක් ද වෙයි. රොහානී බටහිර රටවල් සමඟ හොඳ හිත ඇති කර ගනීවි යැයි කාගේත් අදහස වී ඇත. ඔහු ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් නියෝජිතවරයකු ලෙස බටහිර රටවල් සමඟ කටයුතු කර ඇති අයෙකි. ඇමෙරිකාව ඉරානයට පැනවූ නව සම්බාධක සම්බන්ධයෙන් අදහස්
දක්වමින් රොහානී කියා සිටියේ, තමන් ඒ ගැන විරෝධය පළ කරන බවය. න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී ඉරානය පරමානු බෝම්බ නිපදවන බවට ඇමෙරිකාව චෝදනා කරයි. ඇමෙරිකා රජය ඉරානයට එරෙහිව වෙළෙඳ සහ ආර්ථික සම්බාධක පනවා ඇත්තේ එහෙයිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමන අසීරුය. කොන්ද කඩන්නට දුරින්/ලගින් ඉන්න හතුරන්ට ඉඩ නොදනු.ඔබට ජය,
ඉරානය මෙයා නෙමෙයි පාලනය කරන්නේ අයතුල්ල කොමේනි මෙයාලගේ වැඩ අපි දන්නවා සම්බාදක වලින් මෙයාලා මට්ටු කරන්න ඕනේ
ඇමරිකාව පොඩ්ඩක් බයවෙලා, නොදන්න සුර දුතයට වැඩිය දන්න යකා හොඳයි කියලා කියමනක් තියනවනේ. (නි)
ඔබට දෙවි පිහිටයි! (නි)
මහා බලවතුන්ගේ තර්ජන වලට බය නැති ඉරානයට සුබ පැතුම්!! (නි)
අපට කාගෙන්වත් වැඩක් නැහැ.(තම අතමය තම හිසට සෙවනැල්ල). (නි)
යුද්ධ කරන්නට පමණක් නොව සාමාන්‍ය අසරණ මිනිසුන්ද මරණයට පත් කරන අවි ආයුධ හදන හැම කෙනෙකුටම ශාප විය යුතුයි. (නි)