IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හසන් රොහානී දිවුරුම් දෙද්දී ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක

ඉරානයේ නව ජනපති ලෙස හසන් රොහානී පෙරේදා (3) සිය ධුරයේ දිවුරුම් දෙද්දී, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ලොවට තර්ජනයක් බව පවසමින්, ඇමෙරිකාව ඉරානයට එරෙහිව නව සම්බාධක පැනවීය. ඉකුත් ජූනි 14 වැනිදා පැවැති ජනපතිවරණයෙන් විශිෂ්ඨ ජයක් හිමිකර ගත් මධ්‍යස්ථමතධාරියකු ද වන රොහානීගේ දිවුරුම් දීම සිදුවූයේ ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා කොමේනී ඉදිරියේය. දිවුරුම් දීමේ උත්සවය ඉතා චාම් ආකාරයෙන් ටෙහෙරාන් නුවරදී පැවැත්විණි.
එම අවස්ථාවට ධුරයෙන් ඉවත් වී යන ජනපති මොහොමඞ් අහමදිනෙජාද් ද පැමිණ සිටි අතර ඔහු නව ජනපතිවරයාට සුබ පැතුම් එක් කළේය. ඉරානයේ ජනපති ධුරය හිමිවන්නේ උත්තරීතර නායක අයතුල්ලා කොමේනීගේ සහ ඔහුගේ නායකත්වයෙන් යුත් උත්තරීතර පාලක මණ්ඩලයේ අනුමැතිය හිමි වන අපේක්ෂකයක්ටය.
රොහානී, උත්තරීතර නායක කොමේනිගේ හිතවතෙක් මෙන්ම ආගමික නායකයෙක් ද වෙයි. රොහානී බටහිර රටවල් සමඟ හොඳ හිත ඇති කර ගනීවි යැයි කාගේත් අදහස වී ඇත. ඔහු ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් නියෝජිතවරයකු ලෙස බටහිර රටවල් සමඟ කටයුතු කර ඇති අයෙකි. ඇමෙරිකාව ඉරානයට පැනවූ නව සම්බාධක සම්බන්ධයෙන් අදහස්
දක්වමින් රොහානී කියා සිටියේ, තමන් ඒ ගැන විරෝධය පළ කරන බවය. න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී ඉරානය පරමානු බෝම්බ නිපදවන බවට ඇමෙරිකාව චෝදනා කරයි. ඇමෙරිකා රජය ඉරානයට එරෙහිව වෙළෙඳ සහ ආර්ථික සම්බාධක පනවා ඇත්තේ එහෙයිනි.



අදහස් (0)

හසන් රොහානී දිවුරුම් දෙද්දී ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක

දම් Monday, 05 August 2013 03:55 PM

ගමන අසීරුය. කොන්ද කඩන්නට දුරින්/ලගින් ඉන්න හතුරන්ට ඉඩ නොදනු.ඔබට ජය,

:       0       0

මහින්ද Tuesday, 06 August 2013 01:27 PM

ඉරානය මෙයා නෙමෙයි පාලනය කරන්නේ අයතුල්ල කොමේනි මෙයාලගේ වැඩ අපි දන්නවා සම්බාදක වලින් මෙයාලා මට්ටු කරන්න ඕනේ

:       0       0

ෂෙරිෆ් Monday, 05 August 2013 11:45 PM

ඇමරිකාව පොඩ්ඩක් බයවෙලා, නොදන්න සුර දුතයට වැඩිය දන්න යකා හොඳයි කියලා කියමනක් තියනවනේ. (නි)

:       0       0

මොහමඩ් සියාඩ් Tuesday, 06 August 2013 01:19 AM

ඔබට දෙවි පිහිටයි! (නි)

:       0       0

උපාලි Tuesday, 06 August 2013 06:13 AM

මහා බලවතුන්ගේ තර්ජන වලට බය නැති ඉරානයට සුබ පැතුම්!! (නි)

:       0       0

සඳරුවන් Tuesday, 06 August 2013 07:25 AM

අපට කාගෙන්වත් වැඩක් නැහැ.(තම අතමය තම හිසට සෙවනැල්ල). (නි)

:       0       0

නිමල් Tuesday, 06 August 2013 09:39 AM

යුද්ධ කරන්නට පමණක් නොව සාමාන්‍ය අසරණ මිනිසුන්ද මරණයට පත් කරන අවි ආයුධ හදන හැම ‍කෙනෙකුටම ශාප විය යුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 83 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 938 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site