අපි‍්‍රකානු අනවසර සංක‍්‍රමණිකයන් පිරිසක් රැගෙන ඉතාලිය බලා ගිය බෝට්ටුවක් පෙරේදා (3)  දියේ ගිලී මෙන් 300 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.
දියේ ගිලීමට පෙර බෝට්ටුවේ ගින්නක්ද හටගෙන ඇත.  බෝට්ටුව අනතුරට පත් වී ඇත්තේ ඉතාලිය අසල ලම්පෙඩූසා නමැති කුඩා දුපතට නුදුරිනි.
ගින්න හටගත් අවස්ථාවේදී, බෝට්ටුවේ සිටි පිරිස බියට පත් වී, බෝ්ටටුවේ එක් පැත්තකට එක් රොක් වී ඇත. බෝට්ටුව ගිලී ගොස් ඇත්තේ එම අවස්ථාවේදීය.
බෝට්ටුව ගිලී යන අවස්ථාවේ ඒ ගැන වාර්තා වී, ඉතාලි වෙරළාරක්ෂක නිලධාරීන් එම ස්ථානයට පැමිණ ඇති අතර 200 දෙනකු බේරා ගැනීමට ද ඔවුහු සමත් වූහ.
මෙම සිදුවීම මුල්කොට ගනිමින් ඉතාලි රජය, යුරෝපා සංගමයටත් එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් කියා සිටියේ, සංක‍්‍රමණිකයන් සම්බන්ධයෙන් නව නීති සකස් කළ යුතු බවය.
මීට දින කිහිපයකට පෙර ද මේ අයුරින්ම අපි‍්‍රකානු සංක‍්‍රමණිකයෝ පිරිසක් ඉතාලියට හොරෙන් යෑමට තැත් කළ අවස්ථාවේදී බෝ්ටටුව අනතුරට පත් වීමෙන් ජීවිතක්ෂයට පත්වූහ.