ඉතාලියට  ළගා වන අනවසර සංක්‍රමණික යාත්‍රා හදුනාගැනීමට ඩ්‍රෝන යානා භාවිතා කිරීමට ඉතාලිය සැරසේ.

ඉතාලි අගමැති එන්රිකෝ ලෙට්ටා කියනුයේ අනුව මින් පසු නාවික යාත්‍රා හා ගුවන් යානා වලට අමතරව අනවසර සංක්‍රමණිකයින් පැමිණෙන යාත්‍රා හඳුනාගැනීමට නියමුවන් රහිත ඩ්‍රෝන යානාද යොදාගැනීමට නියමිතය.

ඉතාලියට අනවසර සංක්‍රමණිකයින් වැඩිවශයෙන්ම පැමිණෙන මධ්‍යධරණි මුහුදු ප්‍රදේශය ආරක්ෂාකාරී කලාපයක් බවට පත් කිරීම ඉතාලියේ මෙම වෑයමේ අරමුණයි.

අගමැති එන්රිකෝ කියනුයේ පසුගිය සමයේ වාර්තා වූ අනවසර සංක්‍රමණියකයින් පැමිණි යාත්‍රා ඒවායේ සිටියවුන්ද සමග ගිලී යාමේ සිදුවීම් ම්‍යධරණී මුහුදු ප්‍රදේශය අමු සොහොනක් බවට පත් කර තිබේ.

පසුගියදා අපි්‍රකාවේ සිට පැමිණි එවන් යාත්‍රාවක් ඉතාලිය ආසන්නයේ ගිලී යාම නිසා එහි සිටි පුද්ගලයන් 300 ක් පමණ මරුමුවට පත්වූහ.නොබෝදා සිරියාවේ සිට පැමිණි අනවසර සංක්‍රමණිකයින් රැගත් තවත් යාත්‍රාවක් අනතුරට පත්වීම නිසා එහි සිටි පුද්ගලයෝ 40 ක් පමණ මරණයට පත් වූහ.මෙම අවස්ථාවේදී නම් පෙර මෙන් නොව එම යාත්‍රාවේ සිටි පුද්ගලයින් 200 ක් පමණ බේරා ගැනීමට ඉතාලි සහන සේවා කණ්ඩායම් සමත් විය.

යාත්‍රා කල්තියා හදුනාගත්තද ඒවායේ සිටිනවුන්හට කෙසේ සළකන්නේදැයි මෙතෙක් පැහැදිලි ප්‍රකාශයක් ඉතාලිය නිකුත් කර නොමැත.