ඉතාලියට ළගා වන අනවසර සංක්‍රමණික යාත්‍රා හදුනාගැනීමට ඩ්‍රෝන යානා භාවිතා කිරීමට ඉතාලිය සැරසේ.
ඉතාලි අගමැති එන්රිකෝ ලෙට්ටා කියනුයේ අනුව මින් පසු නාවික යාත්‍රා හා ගුවන් යානා වලට අමතරව අනවසර සංක්‍රමණිකයින් පැමිණෙන යාත්‍රා හඳුනාගැනීමට නියමුවන් රහිත ඩ්‍රෝන යානාද යොදාගැනීමට නියමිතය.
ඉතාලියට අනවසර සංක්‍රමණිකයින් වැඩිවශයෙන්ම පැමිණෙන මධ්‍යධරණි මුහුදු ප්‍රදේශය ආරක්ෂාකාරී කලාපයක් බවට පත් කිරීම ඉතාලියේ මෙම වෑයමේ අරමුණයි.
අගමැති එන්රිකෝ කියනුයේ පසුගිය සමයේ වාර්තා වූ අනවසර සංක්‍රමණියකයින් පැමිණි යාත්‍රා ඒවායේ සිටියවුන්ද සමග ගිලී යාමේ සිදුවීම් ම්‍යධරණී මුහුදු ප්‍රදේශය අමු සොහොනක් බවට පත් කර තිබේ.
පසුගියදා අපි්‍රකාවේ සිට පැමිණි එවන් යාත්‍රාවක් ඉතාලිය ආසන්නයේ ගිලී යාම නිසා එහි සිටි පුද්ගලයන් 300 ක් පමණ මරුමුවට පත්වූහ.නොබෝදා සිරියාවේ සිට පැමිණි අනවසර සංක්‍රමණිකයින් රැගත් තවත් යාත්‍රාවක් අනතුරට පත්වීම නිසා එහි සිටි පුද්ගලයෝ 40 ක් පමණ මරණයට පත් වූහ.මෙම අවස්ථාවේදී නම් පෙර මෙන් නොව එම යාත්‍රාවේ සිටි පුද්ගලයින් 200 ක් පමණ බේරා ගැනීමට ඉතාලි සහන සේවා කණ්ඩායම් සමත් විය.
යාත්‍රා කල්තියා හදුනාගත්තද ඒවායේ සිටිනවුන්හට කෙසේ සළකන්නේදැයි මෙතෙක් පැහැදිලි ප්‍රකාශයක් ඉතාලිය නිකුත් කර නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔස්ට්‍රේලියාව මෙන් නොව ඉතාලිය මෙම බෝට්ටු වල එන පිරිස් වලට විශාල මානුෂික සත්කාරයක් සිදු කරනවා. ඔවුන් එලවා දැමීම නොව ඉතාලිය කරන්නේ හැකි උපරිමයෙන් ඔවුන්ට ජීවිතාරක්ෂාව සපයා වෙරළාරක්ෂක බෝට්ටු මඟින් ඉතාලිය භාරයට ගෙන අහාර සහ වෛද්‍ය පහසුකම් ලබා දීමයි. (ස)
ඒවායේ ඵලවිපාක ඉතාලිය දැන් විඳිනවා (නි)
පිටිගල,මමත් එන්න බලාපොරොත්තුවයි ඉන්නේ. ආවොත් සළකනවද? (නි)
පිටිගල මිලානෝ ,ඉතාලි රජයටත් කොච්චර කාලයක් ඔය මානුෂික මෙහෙවර කළ හැකිද ? ඉතාලි රජයේත් ආර්ථික තත්ත්වය ඒ තරම් හොද තත්ත්වයේ නෙමෙයි නේද තියෙන්නේ? මට නම් පෙනෙන්නේ ඕස්ට්‍රේලියාව සංක්‍රමිකයන් ඒම නැවැත්තුවා වගේ, ඉතාලියත් ඒ ක්‍රමයටම ටික ටික එන්න හදනවා වගේ. (නි)
පිටිගල, ඔයා ඉතාලිය ගැන පම්පෝරි ගැහුවට අපි නොදන්නා ඉතාලිය? (නි)
පිටිගල ඉතාලිය ඔච්චර හොදයි නම් පුතාව ඇයි අපරාදේ නෙද් ඕස්ට්‍රේලියා යැව්වේ.(නදී)
සිල්වා ජර්මන්,නාසිකාරයන්ට වඩා ඉතාලි ජාතිකයෝ ගොඩක් හොදයි (නි)
බෝට්ටුවක් පිරෙන්නට ගැහැණු සහ ළමයින් ඇතුළු කණ්ඩායම් දවස් ගණන් මුහුදෙහි හරියට වතුර හෝ කෑම නැතුව හෙම්බත් වී යන්තම් ගොඩබිමකට එන විට මනුෂ්‍යයෝ හැටියට බැලිය යුත්තේ ඔවුන්ට එම අවස්ථාවේ පිහිට වෙන්නේ කොහොමද කියාය.මා මෙවන් අවස්ථා වලදී භාෂා පරිවර්තකයකු ලෙස ඉතාලි නාවික හමුදාවත් සමග වැඩ කර ඇති නිසා මා දැක ඇති දේවල් අනුව අනුකම්පාසහගත හැගීමක් මා තුළ ඇත. (නි)
සිල්වා, අර යුද්දේ කාලේ අපි මෙහෙ සිට විවිධ වැඩ සටහන් රණ විරුවන් වෙනුවෙන් කරද්දී ඔබලා කොහෙද හිටියේ? දැන් මොකෝ මේ හීනෙන් බයවෙලා වගේ උඩුබුරන්නේ?(දිල්)
සිල්වා, ජර්මනිය නම් හොඳ රටක්. නමුත් ඉතින් ජර්මනියේ ඉන්න සිල්වලා ගැන නම් බොහොම කණගාටුයි. (නි)
පිටිගල, හිරාන්, සිල්වා, ඔයාලට මොනවා වෙලාද? (නි)
අපෝ...! සිල්වායි, සිල්වාගේ ජර්මනියයි? (නි)
ඉතාලිය හොදයි. හැබැයි බහුතරයක් බුද්ධියෙන් අඩුයි. ජර්මනිය , ස්විස් වගේ රට වල වැඩිහරියක් ඉන්නේ බීච් බෝයිස්ලා. ඉතාලි වීසා වටිනවා වුවත් රටක් වශයෙන් ජර්මන් ස්විස් හොද විය හැක (නි)
ලංකාවේ නමත් කැත කරන්නේ කවුද කියලා අපි දන්නවා (නි)